අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ ජය රුහුණු විශ්ව විද්‍යාලය විසින් අත්කර ගන්නා ලදි. කාන්තා අංශයේ ජය කැළණිය විශ්ව විද්‍යාලයට හිමිවිය. මෙම තරගාවලිය මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණ.
පිරිමි අවසන් තරගයේදී රුහුණු විශ්ව විද්‍යාලය විසින් තරග වට 3-1 ක් ලෙස සබරගමු විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි. කාන්තා අවසන් තරගයේදී කැළණිය විශ්ව විද්‍යාලය විසින් තරග වට 3-1 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි.
සෞන්දර්ය විශ්ව විද්‍යාලය තරග වට 3-0 ක් ලෙස පරාජය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පිරිමි අංශයේ තෙවැනි ස්ථානය දිනාගනිද්දී, මොරටුව විශ්ව විද්‍යාලය තරග වට 3-2 ක් ලෙස පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාලය කාන්තා අංශයේ තෙවැනි ස්ථානය දිනාත්තේය.
ඒ. ඒ. ලක්සිරි, ඒ. ජී. සම්පත්, බී. ඒ. වීරසේකර, බී. ආර්. සාරංග, බී. එස්. චාමර, ඊ. පී. ඉරෝමාල්, එච්. වී. කුමාර, ජේ. එම්. ධර්මසිරි, එම්. කේ. අනුරාධ, ටී. ඞී. අබේසිංහ, යූ. ඒ. සෝමරත්න, වී. ජී. වික‍්‍රමසිංහ පිරිමි අංශයේ ශූරතාව දිනූ රුහුණු විශ්ව විද්‍යාල වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළහ.
ඒ. එල්. මධුෂානි, සී. ඞී. දසනායක, ඞී. එම්. දිසානායක, අයි. ඒ. විජේරත්න, අයි. පී. දසනායක, ජේ. ඞී. මංගලී, කේ. ඞී. ජයසිංහ, කේ. යූ. ඔබේසේකර, එම්. එච්. විජේපාල, එස්. එම්. සෙනවිරත්න, ඩබ්. ජී. මිහිරානි යන කී‍්‍රඩිකාවන් කාන්තා අංශයේ ශූරතාව දිනූ කැළණිය විශ්ව විද්‍යාල වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළහ.
(*)
2025 දෙසැම්බර් මස 18
112
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණු - කැළණිය සරසවි වොලිබෝල් ශූරතා දිනති