
(සුමිත් පොතුපිටිය)
රුහුණු කුමාරී දුම්රිය අද (22) උදෑසන කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවයකට ලක්වූහ.
පෙරවරු 8.19 ට කළුතර දකුණ දුම්රිය ස්ථානයට ළඟාවූ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය පළමුවන වේදිකාවට යොමු කිරීමෙන් පසු කාර්මික දෝෂයකට ලක්ව ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය.
ඒ මොහොත වන විටත් දකුණු කළුතර සිට ගල්කිස්ස බලා ධාවනය වීමට නියමිත දුම්රිය දෙවන වේදිකාවේ නවතා තිබූ අතර, බොහෝ මගින් එයට ගොඩ වන අයුරු දැකගත හැකි විය.
පැවැති අසීරුතාවය හේතුවෙන් ගල්කිස්ස බලා ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රියේ ගමනාන්තය මරදාන දක්වා දීර්ඝ කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පුද්ගලීකරණය කරන්න...
ගන්න කවුරුවත් තමයි නැත්තේ...