
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියව කියවා ඉන්නේ නැතිව පියවරක් ගන්න. බල්ලන්වත් පාලනය කරන්න බැරි අය තමයි මේතරම් කාලයක් රට පාලනය කළේ...
මේ අහිංසක සතුන්ට අවශ්‍ය වන්නේ ආදරය හා කරුණාව. පාර්ලිමේන්තුවේ සිටින ඔබලාට එසේ නොමැති වුණාට, මේ රටේ ඇතැම් කරුණාවන්ත මිනිසුන් මේ සතුන්ට කෑම බීම ගෙනත් දෙනවා. පිටරට සිට පැමිණෙන සංචාරකයින් මේ සතුන් වඩාගෙන ගෙනගොස් හොඳ කෑම බීම ලබා දෙනවා. මේ සතුන් ඊළඟ වාරයේදී ඒ අය පැමිණිවිට දිවගොස් ඇඟේ දැවටෙනවා. විදේශිකයින් මුදල් වියදම් කොට ලෙඩරෝග, කුෂ්ඨරෝග ඇති හා අනතුරට පත් සතුන්ට නොමිලේ බේත්හේත් ලබා දෙනවා. නිදැල්ලේ යන මේ සතුන් හිරිහැරයක් නම්, ඒ සතුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දී ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන්න.
ලක්ෂ 62ක්? ඔය ඇත්තටම බල්ලෝ ගැනද කිව්වේ?
ඔවුන්ට ඡන්ද බලේ දෙන්න සලකා බලන්න බැරිද?
සුද්දෝ ලංකාව පාලනය කරන සමයේ ගෙදර ඇතිකරන බල්ලන් වෙනුවෙනුත් රජයට බදු මුදලක් අය කර ගැනීමට කටයුතු කළා. අද වගේම එදත් හිටපු මෝඩ තක්කඩියන් ඒ සම්බන්ධයෙන් සුද්දන්ට විරුද්ධ මේ රටේ අඥාන ජනතාව නොමග යැව්වා. ගොත්‍රිකයින්ව ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවත් කිරීමට උත්සාහ කිරීම හා නීති සම්පාදනය වැරැද්දක් ලෙසයි. එදත් මේ රටේ ජනතාව විශ්වාස කලේ... දැන් මේ රටේ වඳුරන්, වනසත්තු (අලි), සර්පයින්, කිඹුලන්, මොණරුන්, හා ඒ සැමටම වඩා භයානක මිනිස් වෙස්ගත් සතුන් සිටින නිසා මේ රටේ ජීවත් වීමට නොහැකි තත්වයකුයි උදාවී තිබෙන්නේ...
බල්ලෝ මරලා හරි සල්ලි හොයලා...
62 ක්ද? 69 ක්ද?
පාර්ලිමේන්තුවේ ඉන්න නරුම, මිනීමරු හොරුන්ට වඩා දහස් වාරයක් මොවුන්හොඳයි.
දඩාවතේ යන අය 226ක් දියවන්නාවේ සිටින බවත්, මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් රටේ නිර්මාණය කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විසඳුමක් ඉදිරි මැතිවරණයේදී සෙවිය යුතුව තිබෙන බවත්, වැඩිදුරටත් සඳහන් කළේය.
ආශු මාරසිංහට බාරදෙමු
එවුන්ගෙන් සමහරක් පාර්ලිමේන්තුවටත් රිංගාගෙන
බලු වෑන් නැවත යොදවන්න
දඩාවතේ යන රස්තියාදු බල්ලන් ලක්ෂ 62න් 226ක් ම ඉන්නෙ දියවන්නාවේ. ඉතුරු ටික තමයි රට වටේම විසිරිලා ඉන්නෙ. සමහරක් එවුන් ගියපාර දියවන්නාවට එන්න බැරිව ගෙදර ගිය දඩාවතේ යන රස්තියාදු බල්ලන්...