තොග බඩු මුදලාලිලා ලෙස රඟපාමින් කලක් තිස්සේ අවිස්සාවේල්ල,මහරගම,වැල්ලම්පිටිය,නවගමුව ,මිරිහාන හා තලංගම ආදී පෙදෙස් වල තොග කඩ කඩා හාල්,පිටි,සීනී ,චීස් ආදීය හැටන් හා ගම්පොළ කඩ වලට ඉතා ලාබෙට විකිණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.මින් එක් අයකු කුලියට කාර් දෙන ආයතනයක රියදුරකු බවද සොයාගෙන ඇත.
පසුගිය අවුරුදු දිනවල මොවුන් තොග කඩ 14 ක් කඩා ඇතැයි ද සුඛෝපභෝගී කාරයකින් පැමිණ සියලු සොරකම් කැර ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රවෘත්තියේ සිරස්තලය දැක්ක ගමන් මට මතක් උනේ අපේ ගරු උතුමන්ලා කට්ටිය. මොකද කරන්නෙත් ඒවා නිසා , යන්නෙත් එහෙම නිසා. (ස)
කැලණිය පැත්තේ ගමක පන්සලේ කසිප්පු මුදලාලි කෙනෙක් මහා හිටි බුදු පිළිමයක් හදනවා. රේස් බුකි, තව නොයෙක් දේවල් මේ මුදලාලිගේ තියෙනවා . බළල්ලු විකුනලා සල්ලි හෙව්වට සල්ලි ඥාව්! ඥාව් !! කියන්නේ නැහැ කියනවා නේ. පන්සලේ අනික් දුප්පත් දායකයෝ මේ මහා දානපතියා ළඟ අැටිකිත්තෝ. (ස)
අපේ අහවල් කට්ටිය යන්නෙත් සැප කාර්වලනේ. (නි)
මම දවසක් නිවාඩුවට ලංකාවට ගිහින් ,මට වහනයක් නැති නිසා රෙන්ට් කාර් එකකින් ගමේ ගියා. යනකොට මගදී පිටිපස්සෙන් ආපු සුඛෝපබෝගී වාහනයක් නලාව ශබ්ධ කළා. මම පුළුවන් විදිහට අයින් කරලා ඉඩ දුන්නත් ඒ කර එකේ ආපු හොඳට ඇඳ පැළඳගෙන හිටිය මහත්මයා මට ඉස්සෙල්ලම පහත් භාෂාවෙන් කතා කළා. ඊට පස්සේ මම ලයිසන් ගත්ත තැනටයි, අපේ අම්මටයි.,මටයි බොහොම හිත සසල වෙන භාෂාවෙන් කතා කළා. ඊට පස්සේ හයියෙන් සද්ද කරලා ඉගිලිලා ගියා.ඒ අලුත් සැප වාහනයේ ගිය මහත්තයා ගේ වැදගත් කමද, චන්ඩි කමද, මෝඩකමද, බල පුළුවන් කාර කමද,? දවස් 42න් ආපහු රස්සාවට එන්න පුළුවන් උනා මම කට වහගෙන හිටිය නිසා.(දිල්)
ඉතින් ඒ කට්ටියගේ රස්සාවත් අහවල් එකම නේ. (ස)
පිටිගල මහත්මයා, දැන් අපේ රටේ සාර ධර්ම කඩෙන් ගන්න වෙලා. ආගම ධර්මය මෝස්තරයක් වෙලා. අම්ම තාත්ත නැහැ. ඒගොල්ල අම්මි, තාත්ති සමහර ළමයි අම්මට කියන්නේ මාම් කියල. බිරිඳ ස්වාමිපුරුෂයාට කියන්නේ තාත්ති කියල, ඔහු තම බිරිඳට කියන්නේ අම්මි කියල. අද රටේ උගතුන්ට තැනක් නැහැ. සල්ලිවලට තමයි ඔක්කොම සලකන්නේ. ගමේ පන්සලේ දායක සභාවේ ප්‍රධානියාත් ලොකු සල්ලිකාරයෙක්.එයා සල්ලි හම්බ කරන විධිය කාටවත් වැඩක් නැහැ.ඔබ කියන ඔය බල පුළුවන් කාරය අඩු ගන්නේ පාසලේ 5 වත් පාස් නැතුව ඇති. කඳ බඩ විතරක් ලොකුවට ඇති . සුදු ඇඳුමක් ඇඳලා ඇති. කවුරුහරි දේශපාලකයකුගේ ඇඟේ එල්ලිච්ච මැක්කෙක් වෙන්න ඇති. ඔය සැප වාහනයත් කවුරුහරි දේශපාලකයෙකුගේ බලපතුයකින් ගත්තු එකක් වෙන්න ඇති. පිටිගල "පිරුණු කලේ - දිය නොසැලේ" කිව්වා වගේ ඔබ නිහඩව හිටපු එක හොඳයි. (දිල්)
ලංකාවේ ඉන්න හොරු යන තරමක් යන්නේ සුඛෝපභෝගී වාහන වල තමයි. (නදී)
ලංකාවේ ඉන්න උගතෙක් හැර ,උපතින් පෝසතෙක් නෙවේනම් ,සැප වාහන වල යන හෙමෝම හොරු තමා.(ස)
හරියට හරි , මම දැක්ක දෙයක් තමා ඔය වගේ අයට තමයි වැඩි හරියක් යාලුවෝ ඉන්නෙත්, ගෙවල් වල වැඩට මිනිස්සු ඉන්නෙත් . සමහර විට අත දිගහැරලා වියදම් කරන නිසා වෙන්න ඇති . (ස)
සැප වාහනවල යන අල්ලන්න බැරි හොරුත් ඉන්නවා නේද ?(නදී)
තිලක් ලංකාවේ ඉන්න ගොඩක් හොරුන්ට සුකෝපබෝගී වාහන තියෙන්නේ අපි ගෙවන බදු වලින් එයාලට පෙර්මිට් හම්බවෙන නිසා (නදී)
කළු සල්ලිකාරයෝ ලංකාවේ හැමතැනම වැජඹෙනවා (නි)
ඇයි සමහරු අරක්කු විකුණන , සූදුකෙළින ගමන් සමාජ සේවා කරන්නේ.... (නි)
ඒක තමයි වාසනා, ඒ හොරු අල්ලන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැනේ නේද? (නි)
කෝ අර පහුගිය දවස් වල , සුඛෝපභෝගී යතුරුපැදි වලින් පැමිණ බැංකු ඇතුළු ව්‍යාපාරික ස්ථාන කොල්ලකාපු උදවිය තාම නිදැල්ලේ නේද? (නි)
මේ හැමෝම බොරුව කරන්නේ. සල්ලි තියනවා නම් හොරෙන් හෝ වැරදි විදියට හම්බ කරලා හරි ගොඩක් දේවල් දිනාගන්න පුළුවන්. හිරේ ගියත් සැප විඳින්න පුළුවන් (නි)
යාළුවනේ, කෙසේ වෙතත් අළුත් වාහන වල යන හැමෝටම වෛර කරන්න නම් එපා. (මට වාහනයක් තියා ටයරයක්වත් නැහැ) ඉහත වැඩිහරියක් අදහස් වල ගැබ්වෙලා තියෙන්නෙ එවැනි අදහසක් වගේ. මම වැරදි නම් සමාවෙන්න. (නි)