‘මේ තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ. බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයන්. මොන සුදුසුකම තිබුණත් අද වන විට රජයේ රස්සාවක් ගන්න නම් දේශපාලඥයන්ගේ පස්සේ යන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා මොකක් හරි රස්සා කට්ටක් හම්බවුණාට පස්සේ මුළු ජීවිත කාලයම අර දේශපාලකයා වෙනුවෙන් කැප කරනවා. මේක බොහෝ කාලයක සිට ලංකාවේ දේශපාලනයේ පැවතෙන සම්ප්‍රදාය බවට පත්වෙලා තිබෙනවා. බොහෝ අය දේශපාලනය කරනවා කියලා කියන්නේ රස්සාවක් ගන්න කාට හරි කඩේ යන එකට.‘ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කළුතර දී කීවේය.
‘ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවයේ සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 80 පමණ ඉන්නවා. මේ දින වල මම දැක්කා රැකියා විරහිත උපාධිධාරීන් සමාජ ජාල වෙබ් අඩවිවල දාල තිබ්බා, සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ගේම ඡන්දය ඕනෑ නම් රස්සා දෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කියලා. ඇත්තටම ඒකේ තිබ්බේ අභියෝගයක් කරලා, ඒක හොඳයි. හැබැයි අපි කියනවා ඒක වඩා හොඳ වෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. සටන් කරන එක. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි ඒ අයට උත්තරයක් දෙනවා. ඔබ එක්ව සටන් කරන්න, අප ඒ සඳහා සහය වෙනවා. එක්ව සටන් කරනවා නම් දිනන්න පුළුවන්. දැන් පහුගිය ආණ්ඩුව වගේම මේ තියෙන හවුල් ආණ්ඩුවෙනුත් ඔබලාට ලැබුණේ පොලිසියෙන් බැටන්පොලූ පාර. අපි දැක්ක ඒක බස්නාහිර පලාත් සභාව ඉස්සරහදී. ඒ නිසා වෙනසක් ඕනෑ නම් කරන්න තියෙන්නේ සටන් කරන එක.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම රජයේ රැකියා ලැබුනේ සුදුස්සාට නොනෙවේ. දේශපාලකයාට මුට්ටිය අල්ලපු අයට පමණි. අත්දැකීමෙන් කියන්නේ. එක්තරා රාජ්‍ය විභාගයකින් මට වැඩිය අඩු ලකුණු තිබුණු අයට රැකියා ලැබුනා. එහෙත් මට ලැබුනේ නැහැ. ඒ අපි දේශපාලකයන්ට කඩේ ගියේ නැති නිසා. (නි)
71 ඉඳලා එක එක ක්‍රම වලට සටන් කරලා ජිවිත කියක් බිලිදුන්නද? දැන් ආයෙත් සටන්කරුවෝ හොයනවා වගේ. (නි)
ඡන්දේ ගන්න ඡන්දදායකයන්ට පිණ්සෙන්ඩු වෙන්නත් වෙලා (නි)
1971 කැරැල්ලෙන් පටන්ගෙන 1980 ජුලි වර්ජනය දක්වාද එතැන් සිට දරු දෙදෙනා සාගින්නේ හඬනතුරුද මා හදවතින් ඔය කියන සටන් බිමේ හිටියා. අද වෙනකොට නම් මට ඔය 'සටන' ගැන කියනවිට අවඥා සහගත සිනහවක් කට කොණට එනවා පුතේ. (නි)
උගත්කමට වඩා, කඩේ යන අයට තමා රස්සා ලැබෙන්නේ. ඕක වෙනස් කරන්න පුළුවන් එකම මඟ අපි කඩේ යන්නේ නැතුව උගතුන් පාර්ලිමේන්තු යවන එක. (නි)