IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘රස්සා ගන්න දේශපාලකයාට කඩේ යන්න වෙලා‘

‘මේ  තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ. බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයන්. මොන සුදුසුකම තිබුණත් අද වන විට රජයේ රස්සාවක් ගන්න නම් දේශපාලඥයන්ගේ පස්සේ යන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා මොකක් හරි   රස්සා කට්ටක් හම්බවුණාට පස්සේ මුළු ජීවිත කාලයම අර දේශපාලකයා වෙනුවෙන් කැප කරනවා. මේක බොහෝ කාලයක සිට ලංකාවේ දේශපාලනයේ පැවතෙන සම්ප්‍රදාය බවට පත්වෙලා තිබෙනවා. බොහෝ අය දේශපාලනය කරනවා කියලා කියන්නේ රස්සාවක් ගන්න කාට හරි කඩේ යන එකට.‘ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කළුතර දී කීවේය.

‘ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවයේ  සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 80 පමණ ඉන්නවා. මේ දින වල මම දැක්කා රැකියා විරහිත උපාධිධාරීන් සමාජ ජාල වෙබ් අඩවිවල දාල තිබ්බා, සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ගේම ඡන්දය ඕනෑ නම් රස්සා දෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කියලා. ඇත්තටම ඒකේ තිබ්බේ අභියෝගයක් කරලා, ඒක හොඳයි. හැබැයි අපි කියනවා ඒක වඩා හොඳ වෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. සටන් කරන එක. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි ඒ අයට උත්තරයක් දෙනවා. ඔබ එක්ව සටන් කරන්න, අප ඒ සඳහා සහය වෙනවා. එක්ව සටන් කරනවා නම් දිනන්න පුළුවන්. දැන් පහුගිය ආණ්ඩුව වගේම මේ තියෙන හවුල් ආණ්ඩුවෙනුත් ඔබලාට ලැබුණේ පොලිසියෙන් බැටන්පොලූ පාර. අපි දැක්ක ඒක බස්නාහිර පලාත් සභාව ඉස්සරහදී. ඒ නිසා වෙනසක්  ඕනෑ නම් කරන්න තියෙන්නේ සටන් කරන එක.‘

10432120_420391748155955_7621390631637164069_n



අදහස් (0)

‘රස්සා ගන්න දේශපාලකයාට කඩේ යන්න වෙලා‘

චාමි Monday, 03 August 2015 09:18 AM

හැමදාම රජයේ රැකියා ලැබුනේ සුදුස්සාට නොනෙවේ. දේශපාලකයාට මුට්ටිය අල්ලපු අයට පමණි. අත්දැකීමෙන් කියන්නේ. එක්තරා රාජ්‍ය විභාගයකින් මට වැඩිය අඩු ලකුණු තිබුණු අයට රැකියා ලැබුනා. එහෙත් මට ලැබුනේ නැහැ. ඒ අපි දේශපාලකයන්ට කඩේ ගියේ නැති නිසා. (නි)

:       0       0

ඇසළ Monday, 03 August 2015 10:10 AM

71 ඉඳලා එක එක ක්‍රම වලට සටන් කරලා ජිවිත කියක් බිලිදුන්නද? දැන් ආයෙත් සටන්කරුවෝ හොයනවා වගේ. (නි)

:       0       0

දුමින්ද Monday, 03 August 2015 07:17 AM

ඡන්දේ ගන්න ඡන්දදායකයන්ට පිණ්සෙන්ඩු වෙන්නත් වෙලා (නි)

:       0       0

ධම්ම Monday, 03 August 2015 07:35 AM

1971 කැරැල්ලෙන් පටන්ගෙන 1980 ජුලි වර්ජනය දක්වාද එතැන් සිට දරු දෙදෙනා සාගින්නේ හඬනතුරුද මා හදවතින් ඔය කියන සටන් බිමේ හිටියා. අද වෙනකොට නම් මට ඔය 'සටන' ගැන කියනවිට අවඥා සහගත සිනහවක් කට කොණට එනවා පුතේ. (නි)

:       0       0

චරිත Monday, 03 August 2015 12:00 PM

උගත්කමට වඩා, කඩේ යන අයට තමා රස්සා ලැබෙන්නේ. ඕක වෙනස් කරන්න පුළුවන් එකම මඟ අපි කඩේ යන්නේ නැතුව උගතුන් පාර්ලිමේන්තු යවන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site