හබරකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා (30) තමන් පැවැත්වූ රැස්වීම නීති විරෝධී එකක් නොවන බවත් තමන් කිසිදු පොලිස් නිලධාරියකුට බැන නොවැදුණු බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි.
ලොරියක බෆල් යොදාගෙන පැවැත්වූ රැස්වීමකට නීති විරෝධී යැයි කියමින් පැමිණි පොලිස් සැරයන්වරයකු රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
තමන් මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතාට පවසා ඔහුගේ අවසරය මත රැස්වීම කරගෙන ගිය බවත් ඒ අතර අදාළ සැරයන්වරයා පොලිසියට ගොස් තමන් බැන වැදුණු බවට පැමිණිලි කර ඇතැයිද සේනසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හරි? කවුද වැරදි? (නි)
හරි හරි. ඔයා කියන්න ඇති, "අනේ සාජන් මහත්තයෝ කරුණාකරලා යන්න කියලා." (නි)
දැන් බලමුකෝ නීතිය ක්‍රියාත්මක වෙන හැටි (නි)
පව් දෙයියනේ..! සුජීව වගේ අහිංසකයෙකුට ඔහොම චෝදනා කරන්න හොඳද? අඩුතරමේ සද්දෙට කතා කරන්නේවත් නැහැ... (නි)
මෙදාපාර අපි එයා ගැන තීරණයක් ගනිමු (නි)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ. වරදක් කරන්න ඇති. එ්කයි චෝදනා කරනවා ඇත්තේ (නදී)
කවුරු වුණත් පොලිසියට අපහාස කළා නම් වැරදියි. නීතිවිරෝධී ආකාරයට හැසිරුනේ නැත්නම් ඔබට මගේ ප්‍රණාමය! (නි)
දැන් මොකුත්ම දන්නෙ නැද්ද? (නි)
දැන් එතකොට කවුද වැරදි කරලා තියෙන්නේ? (නි)
දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ (නි)
ඔබට අපේ ප්‍රණාමය (නදී)
පොලීසියම ඉවරයි ඔය වගේ අය නිසා (නදී)