IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රුසිරු සාහිත රුසියෙක්

එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ඇබර්ණන්ට්  ප්‍රථමික පාසලේ රුසිරු තරාණ කොඩිතුවක්කු විසින් රචිත " මගේ විශ්වය" නම් වූ කෘතිය එංගලන්තයේ ප්‍රධාන පොත් සමාගමක් විසින් මුද්‍රණය කොට බෙදා හැර තිබේ.

එකොළොස් හැවිරිදි රුසිරුගේ කුළුඳුල් කෘතිය දොරට වැඩීමේ උත්සවයක් එම පාසලේදී සංවිධානය කර තිබුණි. එම උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූ වේල්ස් ප්‍රාන්තයේ සුප්‍රකට ලේකඛයෙකු හා කවියකු වන මයික් ජෙන්කින්ග්ස් රුසුරුගේ රචනා විලාශයට තමන් ඇලුම් කරන බවත් කවියෙකු, නිබන්ධකයෙකු හා චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහුට බොහෝ දුර ගමනක් යාමට හැකියාවක් තම මුල් කෘතියෙන් පෙන්නුම කර ඇති බවත් පැවසුවේය.

රුසිරු චිත්‍ර ඇඳීම ආරම්භ කළේ යාන්තමින් පැන්සලක් ඇල්ලීමට හැකියාව ඇතිවූ දවසේ පටන් බවත් මුල්ම කවිය ලිවේ වයස අවුරුදු 6 දී බවත් ඔහුගේ මව මදාරා සරසි කොඩිතුවක්කු පැවසුවාය.

කුඩා කලසිටම විශ්වයේ ඇති චමත්කාරය පිළිබඳව ඔහු  ඇල්මක් දැක්වු බව පවසන රුසිරු ලද හැම අවස්ථාවකම ඒ පිළිබඳ තොරතුරු අඩංගු ලිපු ලේඛන හා පොත පත කියවීමට ආශා කළ  බව ද ඕ කීවාය.

1969 ජුලි 21 නීල් ආම්ස්ට්‍රෝන් සමඟ ඇපොලෝ 11 අජටාකාශ  යානයෙන් සඳ මතට ගමන්කළ එඩ්වින් ඔල්ඩ්රින් ලන්ඩන් නුවර සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මුණ ගැසීමට අවස්තාවක් ලැබීම තමාගේ එක සිහිනයක් සැබෑ වීමක් බව රුසිරු කියයි.

ඔහුගේ චිත්‍ර, කවි සහ කෙටි කතා කිහිපයක්ම මිට පෙර පුවත්පත් සහ සඟරා වල පලවී ඇත.

BOOK1 BOOK2 BOOK-5 BOOK-6 BOOK-7 BUZZ- buzz1

 

 

 



අදහස් (0)

රුසිරු සාහිත රුසියෙක්

දයාන් Thursday, 09 April 2015 09:11 AM

සුභ අනාගතයක් වේවා!(දිල්)

:       0       0

සමිර Thursday, 09 April 2015 09:16 AM

වයසේ හැටියට නොවේ වැඩ ඉතාමත්ම සතුටුයි ඔබ ගැන සුභ පැතුම් (දිල්)

:       0       0

තුසිත Thursday, 09 April 2015 09:40 AM

මුළු ජාතියටම වාසනාවක් පුතේ ඔයා . ඔයාට ජය(දිල්)

:       0       0

ජනක Thursday, 09 April 2015 09:57 AM

පුතාට සුබ පැතුම්. මේවට වැඩිය ප්‍රසිද්ධිය දෙන්න එපා දරුවට තව දුර ගමනක් යන්න තියෙන නිසා. ඒක දෙමව්පියන්ගේ වගකීම. (බ)

:       0       0

ශාන්ත සේනාධීර Thursday, 09 April 2015 11:39 AM

ආතර් සී.කාලර්ක් ලියු පොත පත නිසා අපේ රටට නිසා ශ්‍රීලංකාවට මහත් කිර්තිය ලැබුනා. අජටාකාශය පිලිබඳ සිරිල් පොන්නම්පෙරුම වගේ විද්වතුන් නිසා අපේ කුඩා දිවයින පිලිබඳ බොහෝ දෙනෙකුගේ ඇස යොමු වුනා.පුතා ඔයා කුඩා කලේ ඉඳල එක අරමුණකින් කරන ඔය වැඩ පිළිබඳව ඇසුවාම අපට හරිම ආඩම්බරයක් දැනෙනවා.මගේ සුබපැතුම් ඔබට විතරක් නොවෙයි ඔබේ දෙමව්පියන්ටත් මෙයින් පුදකරනවා. (ස)

:       0       0

අරවින්ද Thursday, 09 April 2015 05:25 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

ලීල් Thursday, 09 April 2015 05:46 AM

පුතේ, ඔබ වගේ අය උපන් දේශය ජයෙන් උදාරයි.සුබ පැතුම්! (නි)

:       0       0

ටිරෝන් Thursday, 09 April 2015 06:07 AM

උණුසුම් සුබ පැතුම් රුසිරු! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 April 2015 02:19 PM

රුසිරු පුත්, ඔබට දළදා පිහිට ලැබේවා! (නි)

:       0       0

අරුණ Thursday, 09 April 2015 07:17 AM

රුසිරු,ලකසුරු ගෙන ආ විසිතුරු... අපමණ අගයේ ලොව නන් දෙස අමයුරු ... වාසනාවන් ! (නි)

:       0       0

මලික් Thursday, 09 April 2015 07:30 AM

සුභ පැතුම් පුතා.! ලංකාවෙන් ඈත සිටි නිසා ඔබේ දක්ෂකමට සුදුසු තැන ලැබුනා. (නි)

:       0       0

විජයබාහු Thursday, 09 April 2015 07:41 AM

ආඩම්බරයි.... (නි)

:       0       0

එච්. ආර්. කොඩිතුවක්කු Thursday, 09 April 2015 08:21 AM

ජත්‍යන්තරව කීර්තියට පත් වීමට තවදුරටත් හැකියාව හා ශක්තිය ලැබේවා. උණුසුම් සුභ පැතුම්. (ම)

:       0       0

ජීවක Thursday, 09 April 2015 08:44 AM

ජය වේවා ! සුභ පැතුම් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site