කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය පොල්දූවේ දියවන්නා ඔය හරහා ඉදි කළ පොල්දූව පාලම අද (05) රාත්‍රී හතට විවෘත කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයාය.
ඇක්සස් ඉන්ජිනියරින් සමාගම මෙම පාලම නියමිත කාලයටත් පෙර ඉදි කළේය.
මංතීරු හයකින් ද, පදික වේදිකා දෙකකින් ද, පාලම සමන්විතය.
පාලමේ සුවිශේෂ ලක්ෂණය වනුයේ දිය වන්නා ඔය සුන්දරත්වය තවත් ඔප් නංවමින් පාලම දෙපැත්තේ දැවැන්ත වානේ බට දෙකක් ආරුක්කු හැඩයෙන් ඉදි කර තිබීමයි.
ඉන්ජිනේරු සමන් ජයසිංහ ආරච්චි පවසනුයේ මේ වසරේ දෙසැම්බරයේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් ඊට පෙර වැඩ අයසන් කළ බවයි.
ඡායාරූප ඉෂාන් සංජීව








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි (නි)
මේකට විරුද්ධව අදහස් දාන අය ගැන මොන කතාද? (නි)
නියමිත කාලයටත් පෙර පාලම හදලා විවෘත කරන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
සැළලිහිණි සංදේශයේ කවියක් මෝඩයෝ ඕක, ලිව්වේ කව්ද කියල හොයාගන්න (නදී)
ලෝකයේ දියුණු රටවල කරන ඉදිකිරීම් වල "ලස්සන පෙනුම"කියන සාධකයටත් ඉතාම විශාල මුදලක් වියදම් කරනවා. නමුත් ලංකාව වගේ රටක ඉතාම අවම පහසුකම්වත් නැති ගම්බද දුෂ්කර ප්‍රදේශයකට අත්වැල් පාලමක් ලබාදීමට මේ වියදම පාවිච්චි කළා නම් වඩා හොඳ නැද්ද? (නි)
මෙන්න අපේ රටේ වැඩ.හරිම ලස්සන වැඩක් (නි)
සුජිත් ඔබට ලස්සන නැති උනාට අපිට නම් හරිම අලකාරයි. ඔබ ලංකාවේද ඔබ ගැන හරිම දුකයි (නදී)
ත්‍රීවීල් දෙක නම්, නීතියට අනුකුලවම ධාවනය වෙනවා.(නද)
ඇත්තෙන්ම සතුටුයි (නි)
කඩිනම් ව්‍යාපෘතියක්.ලස්සනයි (දිල්)
දැන් අර මධුභාෂිනී ගිනි කිකිළි වගේ ලැස්ති වෙලා ඇති උත්සවයට යන්න. (අ)
මේකට විරුද්දව අදහස් දාන්නත් මෝඩයෝ ඉඳීවි. (අ)
කෝ අර ඔතන තිබුන කෙසෙල් කොළේ? (නි)
මගේ රට ගැන "ආඩම්බරයි" (නි)
මගේ සුබ පැතුම්! (නි)
දැන් මේකේ වර්ග මීටරයකට වියදම කීයක් ගියාද කියලා අපිට දැනගන්න පුලුවන්ද? (නි)
වැඩේ නම් හොදයි. (දිල්)
සුපිරි වැඩක් (නි)
ඔව් මට දැන් ඇහෙනවා. මධු භාශිනි හංස බෝට්ටුවේ නැගිලා ප්‍රශස්ති ගීතයෙන් මුළු කෝට්ටේ පුරවරයම එකලු කරන කන්කළු නාදය ! (අ)
ඔය ආඩම්බරයි කියන මිනිස්සු දන්නේ නැහැ ඔකයි සැබෑ තත්ත්වේ. බොරු වැඩකට අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන එක ආඩම්බරද? (අ)
සමන් ,කෙසෙල් කොලය එතනින් ඉවත් කරලා. මට හිතන්නේ පාලමට ඉඩ හදන්න. (අ)
සේනක ගිය ගැන හොයනවද අනිවාර්යයෙන් උන්ප් කාරයෙක් (අ)
වර්ග මීටරයකට වියදම අහන්නේ දෙන්න ද දන්නේ නෑ. (අ)
කෝ මේ මධුභාෂිනී ? තවම උත්සවයට යන්න හැඩ වෙනවද ? සභාවට සැපත් වුණොත් නැත්තේ තවම සාරිය තෝරනවා ඇති. (අ)
අපේ රටේ තියෙන තාක්ෂනික දැනුම මෙවැනි වියාපෘති සදහා යොදවනවා නම් කොපමණ මුදල් සම්බාරයක් ඉතිරිකරගත හැකිද. (නදී)
හොද දෙයක් ජනාදිපති තුමාට ජයවේවා (නදී)
මෙතැන් පුවතට අදාලව අදහස් වැටේවි කියල බලාපොරොත්තු වෙනවා. සමහරු මෙතන පුද්ගලික දේශපාලන මනාපය ඇදලා අරගෙන නටනවා. සරලව කෙටියෙන් කියනවා නම් කමක් නැහැ. අපිට ඒගොල්ලන්ගේ දීර්ග ප්‍රශස්ති ගීත අහන්න වෙලාවක් නැහැ. (නදී)
ප්‍රයෝජනවත්. නමුත් කිසිදු නිර්මාණාතමක ගතියක් හෝ ලස්සන නැත. (නදී)
මේ උඩින් යන පාලම් හදන්න එපා. පාලම් යට හරි අඳුරුයි. විශාල ඉඩ ප්‍රමාණයක් අඳුරු වෙලා, නැති වෙලා යනවා. බලන්න ගිහින් කටුනායක අධිවේගය යට කොහොමද කියලා (නදී)
පාලමට වඩා කවි පද දෙක ලස්සනයි. කවුද අප්පේ ඒක ලිව්වේ? (ත)
වසන්ත නියම වචන ටික (නදී)
අපරාදේ විමල් වීරවංසගේ ලක්ෂ 25 කෙසෙල් කොලේ බස් නැවතුම්පොළ (නදී)
ඔය අපේ මන්ත්‍රී ඇමති ගොල්ලන්ට ඉක්මනට පාර්ලිමෙන්ට් එකට යන්න හෝදපු එකක්ද අර යකඩ බට වලට නිල් පට ගාලා එ්කටත් දේසපාලනය ගාව ගෙන නේද පරිසරය දිහා බලපුවම අපිට හිතෙනවා මොන පාටද එතනට අවශ්‍ය වෙන්නේ කියලා. අනේ අවට පරිසරය ලස්සනට තිබුණු ගස් ටික නැවත හිටවන්න පුළුවන් නම් හොඳයි නේද (නදී)
කලබල වෙන්න එපා. කෙසෙල් කොලේ අයින් කරලා තමා. මහා දුරකට නෙමෙයි, පාලම පටන් ගන්න තැනට වෙන්න. (බොරැල්ල පැත්තෙ ඉදන් එද්දි) දැන් එතන තමා හෝල්ට් එක. (නදී)
පාලමට නිල් පාට ගෑවේ මොකද දන්නේ නැහැ නේද? (නදී)
කෙසෙල් කොලේ තියෙනවා දැන් පොඩ්ඩක් කොළොඹ පැත්තට වෙන්න (නදී)
සේනක අහන්න අර ඔයගොල්ලගේ ලොක්කාගෙන් (නදී)
මම ගොඩාක් අගයනවා අපේ රටේ අපේ ඉන්ජිනේරුවරුන් කළ අපේ නිර්මාණයක් නිසා (නි)