
(විමුක්ති එස් රුද්‍රිගු)
අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ප්‍රකාශ කළේය.
මෙමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතාවය නව මානයකට යොමු කරනු ඇතැයි ද ඔහු කීවේය.
උතුරු කොරියාවේ සංචාරයකට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එසේ ප්‍රකාශ කළේය.
ඒ සඳහා වන නව උපාය මාර්ගික හවුල්කාරිත්වයට උතුරු කොරියාවේදී අත්සන් තැබීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මීට පෙර 1961, 2000 සහ 2001 වසරවලදී උතුරු කොරියාව සහ රුසියාව උපාය මාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම්වලට අත්සන් තබා තිබිණි. දේශපාලන, වෙළඳ, ආයෝජන සංස්කෘතික සහ ආරක්ෂක යන අංශ ඇතුළත් වන පරිදි නව හවුල්කාරිත්වය ඇතිකර ගත් බවත් නව හවුල්කාරිත්වය යටතේ එක් රටකට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අනෙක් රට සහාය ලබා දෙනු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාස උතුරු කොරියාවට තර්ජනයක් බවද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.
රුසියන් ජනාධිපති ලෙස පුටින් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.
මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බරයේ උතුරු කොරියානු නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් දේශසීමා හරහා රුසියාවට පැමිණියේය. ඒ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd