(සුජිත් හේවාජුලිගේ )
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව
වසන්ත අතුකෝරළ මහතා කීවේය.
ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.
මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කළේය.
තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර ඇත.
මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කළේය.
මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තහනම දාපු අයට දඬුවම් දෙන්නේ නැතිද?
ඕනෑම මෝඩයෙක්ට අපේ රටේ නායකයා වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රටේ තිබෙන බවට ප්‍රබල සාක්ෂියක් මේක. දැන්වත් ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඉදිරි ගමනක් යමු. රටේ විශාල බහුතරයක් මෝඩයෙක්ට ඡන්දය පාවිච්චි කළා කියන්නේ අපි නම් මාරෙට ඇන්දෙන ජාතියක්...
පිස්සෙක් කරපු විනිනැහිය...
ඒක අයකර ගන්න ඕනෑ හිටපු ජනපතිගෙන්... ඔය මෝඩ තීරණ ගත්නිසා. හරියට අපි වැඩකරන ආයතන අපෙන් සිදුවන අත්වැරැදි වලට අපේ පඩියෙන් කපනවා වගේ... එහෙමයි මේවා දියුණු වෙන්නේ...!
ගෝඨාභය, පාදෙනිය, රතන හිමි වැනි අයගෙන් ඉල්ලා නඩු දාන්න. ගෙවන්න බැරි නම් මොවුන්ගේ ප්‍රජා අයිතිය සහ රජයේ තනතුරු දැරීමේ අයිතිය වසර 20ක් පමණ අත්හිටුවන්න.. නැතිනම් ඉදිරියටත් මොවුන් දේශපාලන සහ වෙනත් නිලතල දරමින් මෙවැනි විනාශ කරාවි...
දැන් වගකීම බාරගන්නේ කවුද? මෙහෙම වෙනවා කෘෂි ක්ෂේත්‍රය හෝ ගොවිතැන ගැන කිසිම දැනීමක් නොමැති අය තීන්දු ගත්තාම, මේ තීරණය ගන්න කළින් ගොවි සංගම්වලින් අහලා බැලුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...
වියතුන්ගේ මගපෙන්වීමෙන් ලද තවත් එක් ජයග්‍රහණයක්...! කෝ දැන් ඒ වියත්තු? නන්දෙත් අතුරුදන් වගේ. අපි තමයි අනාථ වුනේ…!
ගෝඨාභය, පාදෙණිය, අතුරලියේ රතන... ඔය තුන්දෙනාගෙන් පාඩුව අයකරගන්න ඕනෑ...!
ඕක කාබනික මේනියාවට ආවඩපු එවුන්ගෙන් අයකරන්න. වාචාල කටවල් තියන අයගෙන්...