කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි සැකපිට සොයන මංජුල වීරකෝන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
රාජ තාන්ත්‍රිකයකුට වූ මේ සිද්ධිය සුළුවෙන් තැකිය නොහැකි බවත්, එය රටේ කීර්තිනාමයට හානියක් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙවන් දේ නොකරන්න දඬුවමක් කරන්න (නි)
මේවා බහුලව පසුගිය රජය යටතේ සිදුවූ නිසා , ඒවාට නිතිය ක්‍රියාත්මක නොවූ නිසාත් , මෙවන්නන් රැකිමට එකල මැති ඇමති වරුන් සිටි නිසාත් , අදටත් ඔවුන්ගේ හෙන්චයියලා මෙසේ හැසිරෙනවා , අද ඒ කාලය නොවන බව ඔවුන්ට දෙන ගෙනිමට නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කර , ඉහලම දඬුවම් ලබා දෙන්න (අ)
ඇයි මෙහෙම ඉවසීමකින් තොරව හැසිරෙන්නේ? (නි)
උස් තැන් දැක හැකිළෙන මිටි තැන් දැක පුප්පන නීතියක් නොතිබුණොත් හොඳයි (නි)
තරාතිරම නොබලා දියයුතු ඉහළම දඬුවම ලබාදී, ජාත්‍යන්තර ප්‍රජාවගේ නොසතුට, විශේෂයෙන් තානාපති ක්ෂේත්‍රයේ වරප්‍රසාද ආරක්ෂා කිරීම කළයුතුව තිබේ. මෙවැන්නන් නිසා අපේ රට ගැන විදේශිකයන් බලන්නේ අප නොදියුණු රටක නොදියුණු මිනිසුන් කියාය (නි)
සැකපිට සොයන කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැතුව ඇප ඉල්ලන්න පුලුවන්ද? (නි)
රාජතාන්ත්‍රිකයෙකුට ඔහොම නම් ඔහු අපේ රටේ සිවිල් වැසියෙකුට කොහොම සළකයිද? සල්ලි වලින් ඔලුව උදුම්මවාගෙන. (නි)