රස්නය ඉවසා ගත නොහැකිව අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යයාලයේ සේවකයෝ අද (06) කාර්යයාලයෙන් බැහැර වී සිටියහ. ගැබිනි සේවිකාවකට ද ක්ලාන්ත වූවාය. උෂ්ණත්වය සෙල්ලියස් අංශක 37 ක් බව වාර්තාවේ.
වා සැකසුම් පද්ධතියක් නැතිව ග්‍රීස්ම කාලයේ වැඩ කළ නොහැකි බව සේවකයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහක් දෙකක් ඔය ළඟ හිටවලා තිබ්බාම හොඳ නැද්ද ? (බ)
මෙ අයට මෙනවද දන්නේ නැ ඕන.. කම්කරුවා පාරේ........කර්මාන්තශාලා වල වැඩකරන්නෙ කොහොමද? (බ)
අපි කලිසම් ඇඳගෙන ඉන්නවා වගේ නෙමෙයිනෙ කාන්තාවන්ට සාරි ඔතාගෙන ඉන්නෙ අමාරුයි ඇත්තටම. එ් අයට අවශ්‍ය සහනය දෙන්න ඕනෑ. ලොකු පුටු වලට තියන සැළකිලි පොඩි පුටු වලටත් දෙන්න ඕනෑ. මොකද පොඩි පුටු නිසා තමා ලොකු පුටුව රැඳිලා තියෙන්නෙ (නි)
මා ඉන්න රටේ අවුරුද්දට මාස 3 ක් විතරයි උෂ්ණයක් පවතින්නේ. එහෙම වුනත් වායුසමීකරණ කාර්යාල වල අනිවාර්යයි. (බ)
මෙයාලා ඇතුළේ හිටියත් කරන්නේ මේසේ උඩ ඔලුව තියාගෙන බුදියන එකමනේ,බත් පිඟන් තුනක් කාල ගොරව ගොරව බුදියගෙන ඉඳල මාසේ අන්තිමේ පඩිත් ලැබෙනවා. (බ)
ලංකාවේ ගොඩක් රාජ්‍ය සේවකයෝ දැන් අයිස් වලටම පුරුදුවෙලා (නි)
රස්සාවට එනකොටනම් කියන්නේ ඕනෙම කට්ටක් කාගෙන ජොබ් එක කරන්නම් කියල. දැන් වායුසමීකරණ ඉල්ලනවා. (ම)
අර අහවල් අැමතිට කියලා තව වනාන්තර ටිකක් කප්පවලා දැම්මා නම් හරි (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලු! මෙයාලා ඉතින් හේතුවක් හොය හොයානේ ඉන්නේ (නි)
විදුලිය නැතුව මොන වායු සමිකරණද ? විදුලිය තිබුනත් විදුලි ඒකකයක් මොනතරම ගණන්ද, වායු සමීකරණ දානවට වැඩ මෙයාල වැඩ නොකර හිටියනම් එම මුදල ඉතුරු කරන්න පුළුවන්, හරියට මහින්ද එලවල සල්ලි ඉතුරු කලා වගේ.(රේ)
37 රස්නයක්ද? මිනිස්සු වැඩ නොකර නිකන් ඉන්න මොකක්හරි හේතුවක් හොය හොයා ඉන්නේ. 43, 44 උෂ්ණවයේත් මිනිස්සු වැඩ කරනවා පිටරටවල් වල (නි)
කොහොමත් වැඩක් කරන කට්ටිය නෙමෙයි අධ්‍යාපන කාර්යාල වල වැඩිපුර ඉන්නේ. ඒ නිසා එළියේ හිටියත්, ඇතුළේ හිටියත් සමානයි. කතාකරලා වැඩක් නැහැ, එයාලගෙන් වැඩක් අවසන් කරගන්න එක, කළුගලෙන් පට්ට ගන්නවා වගේ. (නි)
රජරටට රාජ උෂ්ණය හැදිලා (බ)
ෆෑන් හිටන් තියෙනවනේ. මේ අයට ඒ සී ඉල්ලනවා වෙන්න ඇති.(හේ)
ෆෑන් හිටන් තිබුනට දැන් විදුලිය නැහැනේ. (හේ)
මාසයක් විතර නිවාඩු දාන්න.(හේ)
මේ තියෙන රස්නෙ හැටියට ඒ සී නැතුව කොහෙවත් ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. කොළඹ තියෙන බොහොමයක් රාජ්‍ය ආයතනත් දැන් ඒ සී කරල තියෙන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර වගේ පැති වල කාර්යාල වලට ඒ සී දෙන එක සාධාරණයි. (හේ)