IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රස්නෙ මැයි මැද වෙනකන්

ඉන්දියා සාගරය ඔස්සේ හමායන සුළගේ ගමන් අත වෙනස්වී තිබීම නිසාත්,මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම මෙන්ම අහස වසාගෙන සිටින වළාකුළු ආවරණය තුනී වී තිබීම නිසාත් ඉහළ ගොස් තිබෙන පරිසර උෂ්ණත්වය මැයි මස මැද භාගය දක්වාම පවතින තත්ත්වයක් හඳුනාගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂක සනත් ප්‍රේමලාල් මහතා පැවසීය.

මෙම කරුණු වලට අමතරව මෙම දිනවල සූර්යයා ශ්‍රීලංකාවට කෙලින්ම ඉහළ අහසේ රැදී තිබීමද උෂ්ණත්වය ඉහළ යාමට තවත් හේතුවත් බවද ඔහු කීය.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් දිවයිනේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙන අතර සිකුරාදා දිනය වන විට වව්නියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 38.9 ක් ලෙස සටහන්ව තිබිණ.අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක අගයේ රැදී තිබුණු අතර පොළොන්නරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9 ක් ලෙසත්,කුරුණෑගල හා රත්නපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙසත් පොතුවිල් හා මත්තල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.2 ක් ලෙසත් සටහන්ව තිබිණ.

අවුරුදු නිවාඩුව ගතකිරීම සඳහා බොහෝ දෙනා රැස්වන නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.4 ක ඉහළ අගයක් ගත්තේය.සාමාන්‍ය අවස්ථාවකදී නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක් පමණය.

කොළඹ උෂ්ණත්වයද සෙල්සියස් අංශක 33 ක් දක්වා ඉහළ නැග තිබිණ.ආර්ධතාවය සියයට 63 ක් වැනි ඉහළ අගයක් ගත්තේය.

දකුණු ආසියා කලාපයේ බැංගලෝර් හා කල්කටා වැනි නගරවල තත්ත්වයද මේ හා සමාන විය.



අදහස් (0)

රස්නෙ මැයි මැද වෙනකන්

මංගල වේලාරත්න Monday, 18 April 2016 03:23 AM

සමහර අයට ස්වභාව ධර්මය පිළිබඳවත් තිබෙන්නේ වැරදි වැටහීම්. අතීතය අමතක වෙනවා. මැයි මාසය බොහොම කාලවලට රස්නෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site