ඉන්දියා සාගරය ඔස්සේ හමායන සුළගේ ගමන් අත වෙනස්වී තිබීම නිසාත්,මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම මෙන්ම අහස වසාගෙන සිටින වළාකුළු ආවරණය තුනී වී තිබීම නිසාත් ඉහළ ගොස් තිබෙන පරිසර උෂ්ණත්වය මැයි මස මැද භාගය දක්වාම පවතින තත්ත්වයක් හඳුනාගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂක සනත් ප්‍රේමලාල් මහතා පැවසීය.
මෙම කරුණු වලට අමතරව මෙම දිනවල සූර්යයා ශ්‍රීලංකාවට කෙලින්ම ඉහළ අහසේ රැදී තිබීමද උෂ්ණත්වය ඉහළ යාමට තවත් හේතුවත් බවද ඔහු කීය.
උතුරු හා නැගෙනහිර පළාත්වලින් දිවයිනේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙන අතර සිකුරාදා දිනය වන විට වව්නියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 38.9 ක් ලෙස සටහන්ව තිබිණ.අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක අගයේ රැදී තිබුණු අතර පොළොන්නරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.9 ක් ලෙසත්,කුරුණෑගල හා රත්නපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙසත් පොතුවිල් හා මත්තල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.2 ක් ලෙසත් සටහන්ව තිබිණ.
අවුරුදු නිවාඩුව ගතකිරීම සඳහා බොහෝ දෙනා රැස්වන නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.4 ක ඉහළ අගයක් ගත්තේය.සාමාන්‍ය අවස්ථාවකදී නුවර එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක් පමණය.
කොළඹ උෂ්ණත්වයද සෙල්සියස් අංශක 33 ක් දක්වා ඉහළ නැග තිබිණ.ආර්ධතාවය සියයට 63 ක් වැනි ඉහළ අගයක් ගත්තේය.
දකුණු ආසියා කලාපයේ බැංගලෝර් හා කල්කටා වැනි නගරවල තත්ත්වයද මේ හා සමාන විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයට ස්වභාව ධර්මය පිළිබඳවත් තිබෙන්නේ වැරදි වැටහීම්. අතීතය අමතක වෙනවා. මැයි මාසය බොහොම කාලවලට රස්නෙයි (නි)