පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 23 වැනිදා නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය .
කොළඹ ඡන්ද යළි ගණන් කරන්නැයි, ඉල්ලා
හිටපු අමාත්‍යවරියක වන රෝසි සේනානායක මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක, සිසිර ද ආබෘා සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (30) කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තව ටික කාලයක් ඉන්න වෙනවනේ.... (නි)
රෝසි සේනානායක හිටපු අමාත්‍ය තුමියට පසු කාලයේදී බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් තනතුරට පත්කළ බවත් එතුමිය එය ප්‍රතික්ෂේප කළ බවත් පුවත්පත්වල පළ වුනා. මා දකින විදියට එතුමිය එකී තනතුරෙහි වැඩ භාර ගත්තේ නම් රාජ තාන්ත්‍රික වශයෙන් එතුමියට විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්න තිබුනා මහගු අවස්ථාවක් මඟ හැරුනා වගේ. එතුමිය මලයාසියාවේ මහකොමසාරිස් ලෙස වසර තුනක් ( 2001 - 2004) විශිෂ්ට සේවයක නිරතව සිටි කාර්ය ශුර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි. බ්‍රිතාන්‍යයේ විදේශ දුත මණ්ඩල 75 කට මදක් වැඩි සංඛ්‍යාවක් ඇති බැවින් ඒවාට ඒ ඒ රට වලින් පත් කර එවනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ප්‍රමාණික දැනුමක් ඇති සුවිශේෂී බුද්ධිමතුන්ය. ඔවුන් සමග අවුරුදු 03 ක අවම කාලයක් සහ සම්බන්ධ වීමෙන් හුවමාරු කර ගත හැකි දැනුම් සම්භාරය බෙහෙවි. අනාගතයේ දී ඒ ඒ රටවල ආණ්ඩු පාලනය තුළ මැති ඇමතිකම් ලබා ගන්නා අයද සිටිනු නොඅනුමානය. හිටපු අමාත්‍ය තුමියට ඇයගේ අනාගත දේශපාලන භූමිකාවට ඔවුනගේ උදව් උපකාර සහ උපදෙස් ද ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද වැඩිය. එසේ වුවද අභිමත තීරණයක් ගැනීමට එතුමියට නිදහස ඇති බව ද දනිමි. (හේ)