IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රසිකයන්ගේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ පියාගේ ගීතයි

2016-07-05-ent-61

සංගීත පරපුරේ පුරුකක් වන ඉසුරු ජයරත්නගේ නවතම ගීතයක් පසුගියදා එළිදැක්වීය. ටී.එම්. ජයරත්නගේ පුත්‍රයා වන ඉසුරු ජයරත්න සමග එක්වූ මොහොතකි මේ.

 

අලුත් තොරතුරු මොනවාද?

2016-07-05-ent-62මගේ අලුත් ගීතය රංගන කියලා මල්ලි කෙනෙක් ලිව්වා. එයාම විෂුවල් කළා. ලක්ෂ්මන් හිල්මි තමයි සංගීතවත් කළේ. රංගනගේ උනන්දුව මත තමයි මේ හැමදේම වුණේ. හොඳ නිර්මාණයක් හැටියට මම ඒ දේ අගය කරනවා. ඉතිං බලන්න ඕනේ රසික ප්‍රතිචාර කොහොමද කියලා.

 

වෙනත් වැඩ කටයුතු කොහොමද?

පසුගිය දවස්වල ප්‍රසංග කිහිපයක් තිබුණා. ඊට අමතරව විශේෂයෙන් කියලා දෙයක් නැහැ. ගුරු වෘත්තිය කරගෙන එදිනෙදා වැඩ ටිකත් එක්ක කාලය ගෙවනවා.

 

දැනට ගීත කොපමණ ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවාද?

දැනට ඒක පුද්ගල ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවා. විවිධ තේමාවලට වරින් වර කරපු ගීත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නෙ දැනට අවුරුදු පහළොවක් තිස්සේ කරපු දේවල් තමයි. නමුත් රසිකයන්ගේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ පියාගේ ගීතයි. ඒ නිසා අපේ දේවල්වලට වැඩිය තාත්තාගේ දේවල්වලට තියෙන්න ඉල්ලුම වැඩියි. අපිනේ ඒ දේත් ඉස්සරහට ගෙන යන්න ඉන්නේ. ඒකනිසා බැහැයි කියලා වෙන දෙයක් කිව්වොත් හරි නැහැ කියලා හිතනවා. ඒක නිසා තාත්තාගේ ගීත පහක්, හයක් කියන කොට අපේ ගීත දෙකක් තුනක් වගේ තමයි කියන්න වෙන්නේ.

 

ඔබගේ ඉදිරියට මේ කාරණාව බලපානවාද?

එහෙම්මම කියන්න අමාරුයි. තරාදියක තියලා කිරණවා වගේ වැඩක්. ටී.එම් ජයරත්නගේ පුතා කියලා තමයි ඉසුරු ජයරත්නව දන්නේ. මම ක්ෂේත්‍රයට ආවේ 1999 හෝ 2000 වර්ෂයේදී වගෙයි. ඒ "චන්ද්‍රමණ්ඩලයෙන් පායා එන්න සිනා සී" කියන ගීතය හරහායි. නමුත් තවමත් ප්‍රතිචාර තියෙන්නේ තාත්තාගේ ගීත නිසා ප්‍රසංගවලදී 90% ක්ම ගායනා කරන්න වෙන්නේ තාත්තාගේ ගීතයි. හරි අමාරුවෙන් තමයි අපේ ගීතයක් ගායනා කරන්නේ. වෙලාව සහ වාසනාව තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. අපි කරන ගීත හිට් වෙන්නත් ඕනේ. තාත්තාගේ ගීත නැති කරගන්නෙ නැතුව ඉන්නත් ඕනේ. ලංකාවේ ගොඩක් අය ටී.එම්ගේ පුතා කියන ආදරයත් එක්කයි බලන්නේ. පොඩි ලේබල් එකකුත් වදිනවා. ඒක කඩාගෙන වෙනත් ගායකයෙකු ලෙස ඉදිරියට යන්න බැහැ. ඉසුරු ජයරත්න කියලා විතරක් අනන්‍යතාවකින් එන එක බාධා වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 

related-ARTICAL

 



අදහස් (0)

රසිකයන්ගේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ පියාගේ ගීතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site