
(සුජිත් හේවාජුලිගේ)
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී බන්ධනාගාර ගත රැඳවියන්ගේ සංඛ්‍යාව හාර දහසකින් අඩුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සියලු බන්ධනාගාරවල මීට මාස කිහිපයකට පෙර රැඳවියෝ හතළිස් දෙදහසක් පමණ රඳවා සිටියහ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රැඳවියන්ගේ සංඛ්‍යාව තිස් අට දහසක් දක්වා අඩුවී ඇති බවයි.
මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය යුතු රැඳවියන්ගේ සංඛ්‍යාව 11,000 ත් 13,200 ත් අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි, දිගටම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තදබදය අඩු කරන්න.
තවමත් අඩුයි. සමාජයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව තමන්ට ලකුණු දාගන්න පොලිසියෙන් බොරුවට අහිංසක තරුණයන්ව අල්ලලා බොරු නඩු දාන්නේ නැත්නම්, කිසිම වරදක් නොකළ අහිංසකයන්ව කූඩුවට දාලා ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න මුල් පුරන අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. විශ්ව මාතාවගේ නීතිය සහ දඬුවම හුඟාක් බලවත් බව එවැනි වැරදි කරන අය මතක තබා ගන්න.