IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රෝසා පොල්ල ගනිං බල්ලා මරන්න

2016-06-01-ent-011මම පසුගිය සිකුරාදා ලංකාදීප පත්තරේට ලියපු "බුලට් එක" කොලමෙන් යෝජනා කළා අපේ රටේ නාට්‍යකරුවන්ට පොඩි යෝජනාවක්. ඒ තමයි නාට්‍යකරුවන්ට තියෙන එකම සම්මාන උලෙළ වන රාජ්‍ය සම්මාන උලෙළ පයිසෙට දාලා වැඩ කරපු ආණ්ඩුවට එරෙහි වෙමු කියලා. මම කිව්වේ ආණ්ඩුව නපුංසක තාලෙට වැඩ කළාට නාට්‍යකාරයෝ නපුංසක නෑ කියලා පෙන්නලා ආණ්ඩුවට රෙඩ් ලයිට් පත්තු කරමු කියලා. මීට කලින් අපි ඔය වගේ බොහෝ යෝජනා අපේ කලාකරුවන්ට කරලා තියෙනවා.

ඒ ඒ බොහෝ අවස්ථාවල අපේ කලාකාරයෝ තමන්ට කොයිතරම් අසාධාරණයක් වුණත් කට පියාගෙන හිටියේ ලාදුරු හැදිලා වගේ, හැබැයි මේ වතාවේ අපේ තරුණ නාට්‍යකරුවෝ ටික මූලික වෙලා යහපාලන ආණ්ඩුවට ඇනපු ටොක්ක නම් මල් හතයි. ඔන්න අපේ කලා ක්ෂේත්‍ර‘යේ තරුණ තරුණියෝ ටික හරි තමන්ටත් කොන්දක් තියෙනවා කියලා පෙන්නුවා. අපි යෝජනා කළා වගේ ඒ අය සමහර ප්‍රවීණයෝ තරම් නපුංසක නෑ කියලා පෙන්නුවා.

දැන් අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ගහපු රෙඩ් ලයිට් එකට වහාම බය වෙන්න කියලා. මේ සැරේ රාජ්‍ය නාට්‍ය උලෙළ ආණ්ඩුව පැත්තෙන් අභ්‍යන්තරව කුජීත විදිහට කරන්න සියලු උත්සාහ දරද්දී තරුණ නාට්‍යකරුවෝ ආණ්ඩුවේ කනට ගහලා රාජ්‍ය නාට්‍ය උලෙළ "හයිජැක්" කළා. ඒක තමයි ආණ්ඩුව තමන් කරපු වැරැද්දට ලබපු ප්‍රතිලාභය.

මේ සිදුවීම ගැන දැන් නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා. ඒ සමහර කතා ගැන නම් හිනා යනවා. මේ සිදුවීමෙන් සමහරුන් අමුතු ආතල් එකක් ගන්න හදනවා. මේකෙන් එහෙම ආතල් ගන්න හදන පොරක් තමයි කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ. මේ ගැන එයා තැන තැන කිය කිය යනවා. හරියට එයා රට කරවන කාලේ නාට්‍යකාරයන්ට හතර මහා නිධානේ පහළ කරලා දුන්නා වගේ තමයි දැන් මෑන් දොඩවන්නේ. මේ සිදුවීම හරහා මේ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්න ඕන වගේම හිටපු ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලිය මේකෙන් අමුතු ආතල් එකක් ගන්න ඕන නෑ. මොකද ආණ්ඩු දෙකම කලාකරුවන් තුට්ටු දෙකට දාලා තමයි වැඩ කළේ සහ කරන්නේ.

ඒ නිසා මේකෙන් කාලකණ්ණි ආතල් ගන්න හදන පසුගිය ආණ්ඩුවේ සමහර ගොයියන්ට මතක් කරලා දෙන්න වෙනවා එයාලා කලාකරුවෝ කඩේ යවලා කලාකරුවන්ගේ කොඳු කඩලා තමන්ගේ බත් බැලයෝ ගාණට දාගෙන වැඩ කරපු හැටි. නිකමට හිතමුකෝ මේ කරපු විරෝධය පසුගිය ආණ්ඩුව කාලේ කළා නම් මොකකින් මොකක් වෙයිද? මෙහෙම දෙයක් කරන්න තියා කරන්න උත්සාහයක් වත් ගන්න පුළුවන් පසුබිමක්ද ඒ කාලේ තිබුණේ. ඒකනිසා යහපාලනය ගෙනාපු කලාකාරයොම යහපාලනයට විරුද්ධ වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්න ආතල් එක නම් විහිළුවක්.

මතකද සිනමාව ඩිජිටල් කරනවා කියලා රාජපක්ෂ ආණ්ඩුව කලාකරුවෝ රවට්ටපු හැටි. එතකොට රාජපක්ෂ ආණ්ඩුව කාලේ කප්පම් දෙන්නේ නැතුව ටෙලිනාට්‍යයක් පෙන්නවන්න කාටද පුළුවන් වුණේ. මේ කප්පම් ගන්නේ කාගේ කවුද කියලා දන්න අය දන්නවනේ. එහෙම අයද දැන් කලාකරුවෝ වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නේ. ඔය ගොංපාට් නවත්තගන්න කියලා අපි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා. මොකද ඔය වගේ ගොංපාට් කරලා තමයි බලයේ ඉන්න තිබුණු කාලෙටවත් කලින් ගෙදර යන්න වුණේ. ඒකනිසා ඔයා වටේ ඉන්න අප්පුහාමිලාගේ උසිගැන්වීම්වලට අහුවෙන්නෙ නැතුව අත්දැකීම් තියෙන දේශපාලකයෙක් විදියට කටයුතු කරන්න කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මතක් කරලා දෙන්න කැමතියි.

මේ රාජ්‍ය නාට්‍ය උලෙළ ගැන දැන්වත් වහාම ජනාධිපති, අගමැති සහ මේක කරනවා කියලා කරට ගත්තු අධ්‍යාපන ඇමති මේ කරපු කුජීත වැඩේට කලාකරුවන්ගෙන් සමාවගන්න ඕන. මේ උත්සවේ මේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට එනවා කියලා කියපු අධ්‍යාපන ඇමති ආවේ නැතිව මඟ ඇරියේ ඇයි කියලා පුළුවන් නම් කියන්න. “ චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා, පුංචි පුතා ඉන්නේ හැංගිලා* වගේ එදා හැංගිලා ඉඳපු අධ්‍යාපන ඇමති වහාම දැන්වත් මේකට මැදිහත් වෙලා මේ නාට්‍යකරුවන්ගේ විරෝධතාවට සංවේදී වෙන්න ඕන. දන්නේ නෑ දැක්කේ නෑ වගේ තියරියෙන් ඉඳලා ඊළඟ වතාවෙත් මේ වගේම වැඩක් කරන්නනම් හිතන්න එපා. මේක ගැන පසුගිය දවස්වල ඕන තරම් විස්තර පත්තරවලත් පළ වුණා. ජනාධිපතිතුමා පසුගිය ටිකේ පත්තර බැලුවේ නැද්ද දන්නේ නෑ.

යහපාලන ආණ්ඩුව යම් වැරැද්දක් කරනවානම් ඒකට එන විරෝධය විශාල වෙන්නෙම මේ ආණ්ඩුව යහපාලනය ගැන ජනතාවට දීපු සිහිනයත් ඒ තරම්ම විශාල නිසා. අශීලාචාර පාලනයකින් අවුරුදු ගාණක් පීඩා විඳපු මිනිස්සු ඕනවටත් වැඩිය ඒ යහපාලන සිහිනය වැලඳගත්තා.

ඒක නිසාම තමයි මේ යහපාලන ආණ්ඩුව පසුගිය ආණ්ඩුව දැමූ සෙල්ලං දාන්න බැරි. මිනිස්සුන්ගේ යහපාලන සිහිනය බිදෙන බිදෙන මොහොතක් මොහොතක් පාසා ආණ්ඩුව එක්ක කේන්තියක් ඇතිවෙලා ආණ්ඩුවෙන් ගේම ඉල්ලන එක සාධාරණයි. මොකද 2015 ජනවාරි 8 "මූමන්ට්" එකේදී මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාඨය එක්ක තමයි සටනට බැස්සේ. වෙන හැම මැතිවරණයකදී වගේම බඩ ටිකකට අමතක කරලා දාලා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවේ ඒ වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහින් තිබුණු නිසා. මේක මේ ආණ්ඩුව අමතක කළොත් මේ ආණ්ඩුවත් බල්ලට යනවා සිකුරුයි. පසුගිය ආණ්ඩුව බල්ලට ගියපු නිසා තමයි මිනිස්සු පොල්ල අරන් බල්ල මට්ටු කලේ. මේ යහපාලන ආණ්ඩුව කරවන උත්තමයන්ට තියෙන ලොකුම වගකීම තමයි ආණ්ඩුව බල්ලට යන්න නොදී පොරොන්දු වුණු යහපාලනය අකුරටම සුරකින එක. එහෙම නැතිවුණොත් මිනිස්සු මේ ආණ්ඩුවටත් එරෙහිව පොල්ල අතට ගන්න දෙපාරක් හිතන එකක් නෑ.

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

රෝසා පොල්ල ගනිං බල්ලා මරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site