IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රස පරීක්ෂක වාර්තා දෙසතියකින් ඉල්ලයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ  ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ  අට මාසයක් තිස්සේ නොලැබුණු රස පරීක්ෂක වාර්තා  දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා අද නියෝග කළේය.

ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වැනිදා මේ අනතුරින් මිය ගියේ කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය මාතලේ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු විශ්ව විද්‍යාලයයේ මෝදර සිසිත ප්‍රියංකර සිල්වා දෙදෙනායි.

ජානක බණ්ඩාර ඒකනායක භාවිත කළ දුරකතනයෙන් සිද්ධිය වූ දිනට පෙර ලබා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා දුරකතන සේවා සමාගම් දෙකකට නියෝග කළේය.

පොලිස් පරීක්ෂණවලදී එම දුරකතනය සොයාගෙන නැත.

වැඩිදුර විභාගය ලබන 26ට කල් තැබිණි.

(මියගිය සිසුන් දෙදෙනා)



අදහස් (0)

රස පරීක්ෂක වාර්තා දෙසතියකින් ඉල්ලයි

පෙරේරා Wednesday, 12 June 2013 10:31 PM

අනේ මේ ගැරඩි මරන්න කාටද ඕනා. හැබැයි මේ වගේ මරනෙකින් වැඩි පුරම වාසි ලැබෙන අර අකුරු 3 ගැන ටිකක් හොයලා බැලුවානම් හොදයි.(නදී) .

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 10:38 PM

ධනා ඉන්නේ ලංකාවේද? අපිනම් කාටවත් රැවටිලා නැහැ. ඔයා පොඩි උන්ව තමයි අර රතු අය්යල ටික රවට්ටලා තියෙන්නේ.(නදී)

:       0       0

චානුක රණවීර Wednesday, 12 June 2013 04:07 PM

අපි හිතුවේ යට යයි කියලා. නැවතත් සොයාබැලීම ගැන සතුටුයි.(ස)

:       0       0

රණවීර Wednesday, 12 June 2013 04:52 PM

ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටන්න ගිහින් කර ගත්තු විනාසයක්.(ස)

:       0       0

ටෙෂාන් Thursday, 13 June 2013 12:06 PM

මේකෙන් අනිත්මේදී අහිංසක දෙමව්පියනට ඒ ගොල්ලන්ගේ ළමයි අහිමිවුණා. ඒ පාඩුව පුරවන්න පුලුවන්ද? මට කියන්න තියෙන්නේ තමන්ට ලැබුනු මනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව දේශපාලනයය කරන්න ගිහිල්ලා අපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා කියලා (නි)

:       0       0

ධනා Thursday, 13 June 2013 12:30 AM

දරුවෝ කියන්නේ රටක සම්පත් කියලා හිතෙන්නේ නැති අය මොන රටක හිටියත් වැඩක් නැහැ. අපි හදන්න ඕනෑ මොලේ ඇති දරුවෝ,කාටවත් රවට්ටන්න බැරි. (නි)

:       0       0

ධනා Wednesday, 12 June 2013 05:28 PM

යමක් ඉගෙන ගත්ත දරුවෝ නුගත් අය වගේ සිද්ධ වෙන හැමදේම ඉවසන්නේ නැහැ.ඒ අයට අපහාස කරන එක හරි නැහැ. දැන් ඉන්න පොඩිඋන් ලොකු වෙච්ච දවසට දේශපාලකයන්ට අපිව වගේ රවට්ටන්න ලේසි වෙන්නේ නම් නැහැ. ඒ දවස ඉක්මනින්ම උදා වේවා! (නි)

:       0       0

උපාලි Thursday, 13 June 2013 02:41 AM

ඒ දවස්වල බැලුවට දැන් ඕවා මතකද දන්නෙත් නැහැ. මට නම් ඔච්චර කාලයක් ගියාම කුඩු වුනත් දැනෙන්නේ කුරක්කන් පිටි රහට. (නි)

:       0       0

නන්දික Wednesday, 12 June 2013 06:09 PM

සිසුන්ට වුන දේ කවදා හරි හෙළි වේවි. රණවීර නොදන්නා දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Thursday, 13 June 2013 03:15 AM

රණවීරට හෙට කවුරු හරි කනට දෙකක් ගහලා ගියොත් අපි මොනව ද කියන්න ඕනෑ? අදහස් දැම්මා කියලා රණවීරට බනින එකද, ගහපු මිනිහට බනින එක ද ? (නි)

:       0       0

කුමාර Thursday, 13 June 2013 06:18 PM

ළමයි මරුනහම සතුටු වන අයගේ ළමයෙක් මේ විදියට මැරුණ දාටවත් තේරෙයි ද මන්දා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 June 2013 04:14 AM

අනේ ළමයිනේ, ඉගෙනගෙන ඉක්මනින් රැකියාවක් සොයාගන්න, මේ 'ගෝනි බිල්ලන්ට' 'බිලි බෝයි' ලා වෙන්නේ නැතුව. (නි)

:       0       0

තිළිණ Thursday, 13 June 2013 05:07 AM

එකම එකම වරක් හිමි වන ජීවීතය අනුන් වෙනුවෙන් කැප කළ සිසු විරුවන් දෙපලට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

දාස් Wednesday, 12 June 2013 08:20 PM

හැප්පුනද හැප්පුවද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site