එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජනගහන සංවර්ධන පිළිබඳ කොමිසමේ 47 වැනි මහා සමුළුව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
ඊට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති නිලුක කදුරුගමුව මහතා විසින් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රට යන්න කලින් අර රාජිතගේ පුතා බලෙන් තියාගෙන ඉන්න ගෑණු ළමයව නිදහස් කරන එක ... මෙයා ගැනියෙක්ද / අම්ම කෙනෙක්ද ?(බ)
මේ ලඟදි චන්ද්‍රානි බණ්ඩාරත් නිව් යෝර්ක් ගියා කාන්තා සහ ළමා කටයුතුවලට කියලා. කවුද දැන් නියම ඇමති.(නදී)
හතර වරිගයේම නෑදැයෝ එක්ක කෝකියෝ, රූපලාවන්‍ය ශිල්පින්, නැටුම් කණඩායම් පිරිවරාගෙන ගිය යුගයක් තිබුනේ. ඒවා බොහොම සුන්දර මතකයන් නේද දහම් ? (නදී)
සමුළුව තියෙන රටට යන්නේ නැතිව කොහොමද එක නියෝජනය කරන්නේ? රෝසි සේනානායක කියන්නේ දක්ෂ බුද්ධිමත් කාන්තාවක්. අපේ රටේ මිනිස්සු බොරුවට ඇයි මේ කෑගහන්නේ?(බ)
රවුම් ගැහිල්ල පැත්තක තියල මේ රටේ කාන්තාවන් වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි (නදී)
සමහර අයගේ ප්‍රථිචාර බැලුවම තේරෙන්නේ මේ වගේ ප්‍රවෘත්තියක් කියවල තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්නවා කියලා. හැමදේටම දේශපාලනය ගාවගෙන එක එක්කෙනාට බැනගන්නවා. හැමෝටම අවස්ථාවක් දීල බලන්න. හොඳ නැත්නම් ඊළඟ ඡන්දෙදි මාරු කරන්න.(නදී)
දින 100 කින් ලොව වටා යන ආණ්ඩුව.තව දින කීපයක්නේ තියෙන්නේ. ඔන්න ඔහේ කමක් නෑ.කාලෙකින් ලැබුණු දේවල්නේ.(නදී)
දිල්ශාන්, නිකන් ලිඳේ ඉන්න ගෙම්බාවගේ දොඩවන්න එපා, ජාත්ත්‍යන්තර සමළු වලට රටේ නායකයෝ සහභාගී විය යුතුයි. (නදී)
යහපාල, අපි නම් මෝඩ වුනේ නැහැ. ඔයත් මෝඩ වෙච්ච එක්කෙනෙක්. යහපාලන කැඳ හැලිය කාල් ගගා ඉන්න ලබන ඡන්දේ වෙනකම්. මෝඩ වෙච්ච අයත් දැන් බලාගෙන ඉන්නේ වැරැද්ද නිවැරදි කර ගන්න.(නදී)
ඒ බලෙන් තියාගෙන ඉන්න ගැහැණු ළමයා ඉන්නේ බලෙන් නෙමෙයි කියලයි අපි නම් දන්නේ.ඒක නිසා නොදන්නා දේවල් ලියන්න එපා හොඳේ (නි)
දහම් පොඩ්ඩක් හිතල බල්ලන්න යහපාලනය පැත්තකට දාන්න.මේ මනුස්සය යන්නේ සමුළුවකට ඔය ගොන් කතා කියන්නේ නැතුව රට ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්න පිස්සෝ වගේ කියවන්න එපා (බ)
අපේ සුභ පැතුම් (නදී)
මෝඩ මිනිස්සු. පාර්ලිමේන්තුවට යවන්න ඕනා හොඳ මොළ. නිකම් පියරු බබාලා මොනවා කරන්නද.?(නදී)
මේ අපේ කාන්තා ඇමතිවරියන්ට මොනවද වෙලා තියෙන්නේ? තරඟයට එක්සත් ජාතින්ගේ මණ්ඩලයට යනවා (නි)
රෝසි ලොවම පිළිගත් තැනැත්තියක් (නි)
කුමාර්, තමුන් ළිඳේ ඉන්න ගෙම්බෙක් බව ඔප්පු කරන්න එපා. එංගලන්තේ ඕස්ට්‍රේලියාවෙත් ඇමතිලා ඉන්නවා. රටේ දැවෙන ප්‍රශ්න අමතක කරලා සමුළු වලට යන්නේ නැහැ. මේ රටේ කන්න නැති ගැහැණු සහ ළමයි ඉන්නවා. එහෙම තියෙද්දී මහජන මුදල් නාස්ති කර කර විකාර කරනවා. ඇයි ඔය අමාත්‍යංශයේ නිලධාරි නැද්ද සමුළුවට යවන්න?වෙන රටවල් වල ඇමතිවරු සමුළු වලට යන්නේ නැහැ. (නි)
සුබ පැතුම්! (නි)
සමහර අදහස් දැක්කාම ගොඩක් දේවල් තේරෙනවා (නි)
වාසනාව තමයි... (නි)
ගරු ඇමතිිය ගියේ රට නියෝජනය කිරීමට. අපට පුරවැසියන් ලෙස අපේ මුදල් යන්නේ කොහාටදැයි දැනගැනීමේ අයිතියක් ඇත. ඒ සමගම ඔවුන් එළැඹෙන ගිවිසුම් මොනවාදැයි දැනගැනීමේ අයිතියි ඇත. ඒවා අප රටට අවශ්‍යදැයි තේරුම් ගැනීමට අපට මොළය ඇත. ඇය අමාත්‍යංශය බාර ගනිද්දී විශාල වශයෙන් ළමා ස්ත්‍රී දූෂණ පැවතියා. ඇය යම් මෙහෙවරක් කළා (බ)
සමහර අයට කාන්තාවකට කතා කරන්නවත් දන්නේ නැහැ ලජ්ජා නැද්ද මන්ද?මෙහෙමත් මිනිස්සු අපේ රටේ ඉන්නවනේ !!! (බ)
මේකට තමයි යහපාලනය කියන්නේ. ජනාධිපති ඇතුළුව මේ ආණ්ඩුවේ කී දෙනෙක් මේ ටික දින ඇතුලත පිටරට ගියාද. (නදී)
ඇය දක්ෂ අමාත්‍යවරියක් (නදී)
දහම් මෝඩයෙක් වගේ වෙන්න එපා. මෙයා යන්නේ සමුළුවකට පුද්ගලික ජෙට් ගේන්න නෙමේ (නදී)
ගාමිණී, ඇය දක්ෂ නිරුපිකාවක්. තාම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අලුත් ඇමතිවරියක්. සමුළුවෙන් පස්සේ පුලුවන්වේවි නිගමනය කරන්නට. ඈට ඇති හැකියාව. (නදී)
සම්පුර්ණ විශේෂ ගුවන් යානා කට්ටිය 125-150 ගිය කාලේ අමතකද ? (නදී)