IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


'රෝස කල්පනා' ගීතයට හොඳ ප්‍රතිචාර

20160323-ent-29

20160323-ent-30සිරස "සුපර් ස්ටාර්" තරු මාවතේ පැමිණි සුපිරි තරුවක් වූ සංඛ දිනෙත් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වී සිටියි. දැනට ජනප්‍රිය ගීත කිහිපයක්ම එළිදක්වා ඇති සංඛ මේ දිනවල සිය අලුත්ම ගීතය හා මියුසික් විඩියෝව එළිදක්වා තිබේ. දැනට ඉහළ රසික ප්‍රතිචාර මෙම ගීතයට ලැබෙන අතර, සංඛ ඒ පිළිබඳව අපට තොරතුරු පැවසුවේ මේ අයුරිනි.

"ජනවාරි මාසේ පැවති මගේ "සංඛ දිනෙත් ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගයෙන් පස්සෙ තමයි මගේ අලුත්ම ගීතය වූ "රෝස කල්පනා" එළිදැක්වූයේ. මෙහි පද රචනාව ෂෙහාන් ගලහිටියාවගේ. සංගීතය නිර්මාණය කළේ මම. මියුසික් වීඩියෝව තිසුර ඉඹුලාන තමයි නිර්මාණය කළේ. රඟපෑවේ ධනුක ඩිල්ශාන් හා දසුන් පතිරණ දෙන්නා. මේ ගීතයේ ඕඩියෝව වගේම වීඩියෝවත් මම එක්වරම නිකුත් කළා. දැනට මේ ගීතය බොහෝ රූපවාහිනී නාළිකා වල ප්‍රචාරය වෙනවා. ඒ වගේම මේ ගීතය අන්තර්ජාල වෙබ් අඩවි වලින්ද රසවිඳින්න පුළුවන්. මේ ගීතයෙන් පස්සෙ තාමත් අලුත් ගීතයකට යන්න මගේ සූදානමක් නැහැ. මොකද මේ ගීතයට දැනටමත් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන නිසා. ඒ වගේම මගේ "සංඛ දිනෙත් ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගය නැවත වරක් පවත්වන්න කියලා ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල වලින් ආරාධනා ලැබෙනවා. ජනවාරි මාසේ පැවති මගේ පළමු "සංඛ දිනෙත් ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගය නරඹන්න 2000කට වඩා වැඩි පිරිසක් සහභාගී වුණා. එහිදී ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසංගය ඉදිරියට පවත්වන්න"

 

 බුද්ධික සේනාධීර 

 

 20160323-ent-31
20160323-ent-32
 



අදහස් (0)

'රෝස කල්පනා' ගීතයට හොඳ ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 330 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1294 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site