රොෂාන් පිලපිටියට යාළුවෝ ආමන්ත‍්‍රණය කරන්නේ මොන නමින්ද දන්නවද ‘‘පිලා’’ කියලයි. රොෂාන් රණවන සහ රොෂාන් රවීන්ද්‍ර නම් කියන්නෙ රොෂාන්ම කියලයි. රොෂාන් රණවනට ගෙදර අය කියන්නෙ බබා කියලයි. යාළුවො නම් කියන්නෙ රොෂාන්ම තමයි. රොෂාන් රවීන්ද්‍රට හැමෝම කතා කරන්නෙ රොෂාන් කියලයි. පාසලේ යාළුවෝ නම් රවීන්ද්‍ර කියලා හැඳින්වුවාලූ. නමුත් බොහොම ලෙංගතු මිතුරන් එයාට සුප්පා කියලත් කියනවලූ. ඔබ කවුද කියලා ඇහුවාම රොෂාන් රවීන්ද්‍ර, ඒ ගැන කිව්වේ මේ විදියටයි.
‘‘වෘත්තියෙන් මම රංගන ශිල්පියෙක්, පුද්ගලික ජීවිතයේදී සැමියෙක්, පියෙක්, සමාජයේදී සාමාන්‍ය මිනිහෙක්’’
‘‘එතකොට ගතිගුණ අතින් කොහොම කෙනෙක්ද?’’
‘‘ගතිගුණ සමාජයේ ඒ පවතින ස්වභාවය අනුව සිදුවන දෙයක් නිශ්චිතවම මෙහෙමමයි කියලා කියන්න බැහැ’’
රොෂාන් රවීන්ද්‍ර එසේ පවසද්දී රොෂාන් රණවනගෙන් අපි ඇහුවෙ ‘‘හරියටම ඔබ කවුද?’’ කියලයි.
‘‘මම නිදහස් ජීවිතයකට කැමති කෙනෙක්. සතුටින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ප‍්‍රශ්න ඔළුවට දාගෙන ඉන්න කැමති නැහැ. ඒත් රොෂාන් රවීන්ද්‍ර කිව්ව විදියට සමාජයේ පවතින ස්වභාවය එක්ක පවුලේ අය සමග සතුටින් ජීවත්වෙන්න කැමති කෙනෙක්.’’
එතකොට රොෂාන් පිලපිටිය? ඔබ කවුද?
‘‘මම සරල පොළවෙ පය ගහලා ජීවත් වන චරිතයක්. ජීවිතයට එන දේට මුහුණ දෙන කෙනෙක්’’
පිලපිටිය තමුන් ගැන එසේ කියද්දී රොෂාන් රවීන්ද්‍ර ගැන ඔහුට හැෙඟන්නෙ කොහොමද?
අතිශයින්ම පොළවෙ පය ගහලා ජීවත් වන ජීවිතය තේරුම් ගත්ත තරුණයෙක්.
එතකොට රොෂාන් රණවන ගැන ඔබට මොනවද කියන්න පුළුවන්?
ආගම - දහමට ලැදි මස් - මාළුවත් නොකන අවංක ගති තියෙන තරුණයෙක්
මේ විදියට රොෂාන් පිලපිටිය, රණවන සහ රවීන්ද්‍ර ගැන ඒ විදියට කියද්දී රොෂාන් රණවන පිලපිටිය ගැන කිව්වේ මේ විදියටයි.
බොහොම සත්ව කරුණාව තියෙන අනවශ්‍ය ප‍්‍රශ්න දාගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. එයා ගැන විතරක් එහෙම කියලා හරියන්නෙ නැහැනෙ. රොෂාන් රවීන්ද්‍ර ගැනත් කියන්න එපායෑ. රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ වෙලාවකට තේරුම් ගන්න අමාරු චරිතයක්. හැබැයි වැඩිය කතා නැතිව, සද්ද නැතිව, කාටවත් කරදරයක් නැතිව ජීවත්වන චරිතයක්.
මෙලෙසින් රණවන සහ පිලපිටියගෙන් පසුව රොෂාන් රවීන්ද්‍රට පිලා සහ බබා (රණවන) ගැන කියන්නට අවස්ථාවක් ලබා දුන්නා.
රොෂාන් පිලපිටිය මට මුලින්ම හමුවුනේ වසර දහයකට විතර පෙරදී මම වේෂ නිරූපණ ශිලපියකුව සිටියදීයි. මට ගොඩාක් ඇසුරු කරන්න ලැබුණෙ නැහැ. නමුත් මෑතකදී ඔහු මට හමුවුනාම මට හැඟුණෙ ඇසුරට ඉතාම හොඳ මිතුරෙක් කියලයි. රොෂාන් රණවන එක්ක වැඩ කරන්න ලැබිලම නැහැ. ඔහු එක්ක නිර්මාණයක රඟපාන්න ආසයි. මතුපිටින් බලද්දී මට පෙනෙන්නෙ රණවන කාටවත් කරදරයක් නැතිව තමුන්ගෙ පාඩුවේ ජීවත්වන චරිතයක් කියලයි.
මේ විදියට එකිනෙකා ගැන කියන්නට ඉඩ හැරි අපි මේ තිදෙනාටම ප‍්‍රශ්න යොමු කළ අතර ඔවුන් ඒවාට පිළිතුරු දුන්නෙ මේ විදියටයි.
‘‘ජීවිතය කියන්නෙ මොකක්ද?’’
.jpg)
ජීවිතය කියන්නෙ පරීක්ෂණයක්. අත්හදා බැලීමක්. ගවේෂකයෙක් වගේ දෙයක්. සමහරු ඒ පරීක්‍ෂණය තමාට දැනෙන විදියට කරගෙන යනවා. සමහරුන්ට එය හරියන අතර සමහරුන්ට වරදින්නත් පුළුවනි.
.jpg)
ඒක ඇත්තටම අමාරු ප‍්‍රශ්නයක්. මොකද ජීවිතය මොකක්ද කියලා බොහෝ අර්ථකතන දිය හැකිියි. කොහොම වුනත්, අත් දැකීම් සම්භාරයක් කියලා හිතෙනවා. දුක සහ සතුට මුසුව ගලායන දෙයක් කියලත් හිතෙනවා.
.jpg)
ඒ දෙන්නා කියු දේට එහා කතා කළොත්, ජීවිතය කියන්නෙ සම්බන්ධතා ජාලයක්. විවිධ අවස්ථාවලදී ජීවිතයට ගලා එන සබඳතා අනුව ජීවිතය විවිධ හැඩතල ගන්නවා. ඉදිරිය ගලා යන්නෙ එහෙමයි.
ජීවිතයේ බැඳීම් මොන විදියටද දනෙන්නේ? ප‍්‍රථම පේ‍්‍රමය දැනුණෙ කොහොමද කියලා ඇහුවොත්?
.jpg)
මගේ ප‍්‍රථම පේ‍්‍රමය වුනේ අද මම විවාහ වෙලා සිටින මගේ බිරිඳයි. එදා දහම් පාසලේදී ඇති වූ ආදරයත් කිව්වොත් නිවැරදියි. ඒත් එදා අපට ඉගෙනීම මිස ආදරය ප‍්‍රකාශ කරන්න අවකාශයක් තිබුණෙ නැහැ. පසු කලෙක ලියුම් එහෙමත් හුවමාරු කර ගත්තා. හැබැයි එක් දවසක් තරහා වෙලා ලිපිටික පුච්චලා අළු ටික මට එව්වා. ඒක අද වගේ මට මතකයි.
.jpg)
එකම සහ ප‍්‍රථම පේ‍්‍රමය එය බව කියන්න පුළුවනි.
එතැනින් එහාට රොෂාන් රණවන තම ප‍්‍රථම පේ‍්‍රමය ගැන කීමට අදිමදි කරද්දී අනෙක් රොෂාන්ලා දෙන්නා එයාගෙන් ඇහුවෙ ඇයි කියන්න බයද? වයසට ගිහිල්ලද කියන්නෙ? කියලයි. කොහොම වුනත් එයාට එය රහසක් හැටියටම තියා ගන්න ඉඩදුන්නා.
.jpg)
සුන්දර මතකයක් තමයි ඒ ගැන තියෙන්නෙ. සෑහෙන කාලයක් ඒ සම්බන්ධය තිබුණා. ඒ කාලයේ මට හරියට රැුකියාවක්වත් තිබුණෙ නැහැ. බස් එකේ යද්දී තමයි ආදරේ ප‍්‍රකාශ කළේ. මොකද අවස්ථාවක් ලැබුණ හැටියෙ එය ප‍්‍රකාශ කළා. අදටත් ඒ අදරය ගැන මට තියෙන්නෙ ලොකු ගෞරවයක්.
ඔබ තිදෙනාගෙන් වඩාත් බැරෑරුම් චරිතය කවුරු කියලද හිතන්නෙ?
මම හිතන්නෙ අපි කවුරුවත් එහෙම බැරෑරුම් නැහැ. දැන් තමයි අපි මේ විදියට හරි එකට එකතු වන්නෙ.
තිදෙනාම එහෙම කියද්දී මේ මිත‍්‍රත්ත්වය දැනෙන්නෙ කොහොමද කියලා රොෂාන් රණවනට කියන්න ඉඩ හැරියෙමු.
ඒ මිත‍්‍රත්වය ඇත්තටම හොඳ මිත‍්‍රත්වයක් බව තිදෙනාම ප‍්‍රකාශ කළෝය.
රොෂාන් පිලපිටිය රඟපෑ චරිත අතරින් මුලින්ම ඔහු රඟපෑ සමන්තා නාට්‍යයේ චරිතයට රවීන්ද්‍ර කැමති බව කීවේය. රොෂාන් රණවනගෙ හිරිපොද වැස්ස රඟපෑ චරිතයට කැමතිලූ.
ඒ ප‍්‍රශ්නයට රොෂාන් රණවන කිව්වෙ මේ විදියටයි.
රොෂාන් රවීන්ද්‍ර අදරණීය වස්සානය චිත‍්‍රපටයේ රඟපෑ චරිතයට මම ආසයි. රොෂාන් පිලපිටියගෙ චරිත අතරින් ඉසුරුයෝගයට වඩාත් කැමතියි.
මේ විදියට මේ රොෂාන්ලා තුන්දෙනාගෙ හමුව අවසානයට පෙර පිලපිටිය රොෂාන් රවීන්ද්‍රගෙ ආදරණීය වස්සානය සහ රොෂාන් රණවනගෙ හිරිපොද වැස්ස චරිතයට කැමති බව මතක් කළා. මේ හමුව සැබැවින්ම මිත‍්‍රශීලි බව අලූත් වූ හමුවක් ලෙස මේ අය සමුගන්න බව සඳහන් කරන්න පුළුවනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන්ලා 3න් දෙනාම හරිම දක්ෂ නළුවන්.රොෂාන්ලාට සුබ අනාගතයක්! (නි)
සුපිරිම රොෂාන් රවින්ද්‍ර, එයාගේ හැකියාව ලංකාවම දන්නවා. (ස)
ලස්සන පින්තූරයක්.(නදී)
රවීන්ද්‍ර රොෂාන් අති විශිෂ්ට ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු වැනි අය බිහිවන්නේ ඉතා කලාතුරකින්. රොෂාන් පිලපිටිය වරදක් නැහැ . රොෂාන් රණවක. දිගටම මොඩ්ලීන් කරනවානම් හොදයි රගපාන්නේ නැතිව. (නදී)
මගෙත් කැමතිම, ඒ වගේම තමන් රඟපාන චරිතයට උපරිමව සාධාරණත්වය ඉටුකරන අති දක්ෂ නලුවෙක් තමා රොෂාන් රවීන්ද්‍ර කියන්නේ.... (නදී)
රොෂාන් රවින්ද්‍ර ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු රගපාන හැම චරිතයකටම සාධාරණය ඉෂ්ට කරලා තිබෙනවා. ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්. තුන් දෙනාටම සුබ පතනවා (නි)
මොවුන් තුන්දෙනාම ඉතාම හොඳ පුද්ගලයින්. රොෂාන් රවින්ද්‍ර හොඳ නළුවෙක්, ඔහු ඉතාම දක්ෂයි. තිදෙනාම වැදගත් මහත්වරු. ආඩම්බරයි (නි)
මේ රොෂාන්ලා තුන් දෙනාටම මම කැමතියි. රොෂාන් රවින්ද්‍ර සහ රොෂාන් පිලපිටිය හොදට රගපානවා. රොෂාන් රණවක තව ඉගෙනගන්න ඕනෑ. රොෂාන් රණවකට තව කලාත්මක හා විවිධ චරිත ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තුන් දෙනාටම සුබ පැතුම්! (නි)
රොෂාන් රවින්ද්‍ර නියම නළුවෙක්. රොෂාන් රණවන රගපාන්නේ නැත්නම් මම ආසයි. (නි)
රවීන්ද්‍ර රොෂාන්ට ඉතා දක්ෂ ලෙස රගපාන්න පුළුවන්. මම සුබ පතනවා (නි)
මම හිතුවා රොෂාන් හරිස්චන්ද්‍රයි, රොෂාන් සේනානායකයි, රොෂාන් කරියවසමුයි කියල මේ කව්ද මේ ?(නදී)
එක රොෂාන් කෙනෙකුට පාසල් කාලයේ හොද නමක් කිවුවා. මොකද එයා දුවනකොට දණහිස් නැමුවේ නැහැ (නි)
ඔබලා තිදෙනාම දක්ෂ නළුවන්. (දී)
මම නම් වෙදියෙන්ම කැමති රොෂාන් මහානාමට (අ0
රවීන්ද්‍ර රොෂාන් දක්ෂ නළුවෙක්. සුබ පතනවා. (ස)
ඇත්තටම රොෂාන් රවින්ද්‍ර ගොඩක් දක්ෂ නළුවෙක්. එයා ඉන්න ගොඩක් ටෙලිනාට්‍ය මම බලලා තිබෙනවා.තුන් දෙනාටම සුබ අනාගතයකට ආශිර්වාද කරනවා. (නි)
විජය, ගාමිණී, ජෝ, ටෝනි කියන නළුවන් ලගින්වත් තියන්න බැහැ. (නදී)
රොෂාන් පිලපිටිය හරිම නිහතමානී නළුවෙක් (නි)
රොෂාන් රවින්ද්‍රගේ රංගනයන් ඉතාම අපුරුයි. (නි)
මත රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම් වලට කැමතියි. අනෙක් දෙන්නත් ගොඩක් දක්ෂයි (දිල්)
මම මේ තුන්දෙනාටම කැමතියි (නි)
රොෂාන්ලා තුන්දෙනාම ඉතාම දක්ෂ රංගන ශිල්පින්.මම මේ තුන්දෙනාටම කැමතියි. (ස)
මම වැඩිපුරම කැමති රොෂාන් රවින්ද්‍ර කියන රංගන ශිල්පියාටයි. මට හැගෙන හැටියට ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. (නි)
රොෂාන් රවීන්ද්‍ර කියන්නේ සියල්ලන්ටම වඩා දක්ෂ කෙනෙක් (නි)
නියමයිනේ.(නදී)
මම ගොඩක් කැමති රොෂාන් පිලපිටිය අයියටයි. එය ගොඩක් හැගුම්බරයි. ගොඩක් අවංක කෙනෙක් සහ නිහතමානී කෙනෙක්. (නි)
රොෂාන් රවින්ද්‍ර දක්ෂ නළුවෙක් වගේම යහපත් මනුස්සයෙක් රොෂාන් පිලපිටියත් හොද දක්ෂ කෙනෙක් (ස)
මම කියුවේ නැහැ නියම තුන්දෙනෙක් කියල, (අ)
මම නම් ඔවුන්ට කැමති නැහැ (නි)
නියම තුන් දෙනෙක් (නි)
රවීන්ද්‍ර රොෂාන්ගේ රංගනයන් ඉතාම අපුරුයි... (නදී)
රොෂාන් රවින්ද්‍ර ඉතාම ඉහල දක්ෂතා පෙන්වපු නළුවෙක්. රොෂාන් පිලපිටියත් දක්ෂය. අනෙක් එක්කෙනා තව දියුණු වෙන්න ඕනේ.(නදී)
රොෂාන් රවින්ද්‍ර අපේක්ෂා භංගත්වයට පත් වූ හෝ ඉක්මනින් කෝපවෙන චරිත ඉතා හොඳට රඟපානවා. 'තාත්තේ අපි ආවා' නාට්‍යය උසස් රගපෑම් පෙන්වනවා. රණවනට අනෙක් දෙදෙනා තරම් දක්ෂකම් පෙන්වන්න අවස්ථා නොලැබුණත් තරුවක් වෙන්න ඉහළින්ම සුදුසුයි. රණවන 'හිරිපොද වැස්සෙන්ම' දක්ෂකම් මතුවන නළුවෙක් කියලා පෙන්නුවා. ඔහු තව දියුණු විය යුතුයි.රොෂාන් පිලපිටිය දැන් ප්‍රවීණයෙක්. ඔහු 'වියලුන පිනිකැට' චිත්‍රපටයේ පාතාල මැරයෙකු ලෙස කළ රඟපෑම, මේ දිනවල විකාශනය වන හා ළඟදි විකාශනය වූ ටෙලි නාට්‍යවල කළ රඟපෑම් ඔහුගේ දක්ෂකමට නිදසුන්ය. (නි)
නියම අර අය වගේ. (නදී)
මේ රොෂාන්ලා තුන්දෙනාම හොදයි. නමුත් මම වැඩිපුරම කැමති රොෂාන් රවින්ද්‍ර කියන රංගන ශිල්පියාටයි. මට හැගෙන හැටියට ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. ඔහු තමන් කරන නිර්මාණයට ඉතාම ඉහලින් සාධාරණය ඉෂ්ඨ කරන පුද්ගලයෙක්. ඔහු රගපාන නිර්මාණ මම අනිවාර්යෙන්ම බලනවා. අවසානයට මම බැලුවේ තුන්මන්තැන්න. ඔහුට හා අනික් රොෂාන්ලා දෙදෙනාටත් යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා!!!!!!!!!! (නදී)
සමාන ගති ලක්ෂණ වලින් හෙබි තුන් දෙනෙක්... (නි)