(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවූ බවද ඉන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිදැයි ජනාධිපතිවරයා විමසා ඇත.
දෙවෙනි පැනය ලෙස ජනපති විමසා ඇත්තේ මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූයේ ඇයි ද යන්නයි.
එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ.
එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තරවීම නිසා කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත.
කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරයකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයෝග භාවිතා කළ යුත්තෙ යම්කිසි අරමුණකට ලඟා වීමට මිස ආරක්ෂා වෙමින් එකතැන පල්වීමට නොවේ. ජනාධිපති වරයාට සහජයෙන්ම පිහිටා තිබෙන්නේ අරමුණකට ලඟා නොවී (රට දියුණු නොකොට) එකතැන පල්වීමට ප්‍රයෝජනවත් ප්‍රයෝග සම්පත්තියකි. රටට ජනතාවට සෙතක් නැත. අවසානයේ ජනතාව පෙලා ඔහුද පරාජයට පත් වේ.
පිනා ඉන්නකන් හොරු එළවන්න ලැබන්නේ නැහැ. අපි පිo ජනපතිව ලබන ජනාධිපතිවරණයේදී ධූරයෙන් ඉවත් කරමු !!! නිසි පිළිතුර එයයි. මෙය ඉතිහාසගත වනු ඇත !!!
ආර්තික ගාතකයෝ ,දූෂිත දේසපාලුවෝ රකින එකේ අවුලක් නැතුව ඇති .
ජන්ද 30,000ක් ගන්න බැරි පිං ගොනෙක් ගිය උඩ.
අම්මෝ අහිංසක ජනතාව අනේ මේ ජනාධිපති අපි දන්නවනේ ඔබතුමාගේ හැටි කෝ දුන්න බෙස්ලට් කෝ වයිෆයි පාර්ලිමේන්තුවට ආපු කලේ ඉදලම බොරුව කලේ රටට සත පහක දෙයක් කරලා කරලා තියන එකම දේවල් තමයි අපේ බදු මුදලින් බොරු රාජ්‍ය සම්මන්ත්‍රණ සහ තවත් ඒවා කිය කිය රට සවාරි ගිය එක හිගා කෑම ණය ගැනීම රාජ්‍ය දේපල විකිණීම බදු ගහන එක තමයි මෙයා කලේ, අහිංසක මිනිස්සු ගැන ඔයා බැලුවා, ගිය පාර චන්දය දිනන්න තිබුනනේ ඇපත් නැතුව පරදුනානේ, 2024 චන්දයට ඔබ එනකම් තමයි අපි මේ බලාගෙන ඉන්නේ, අපි දැන් හැම දෙයක් ගැනම හොදින් තේරුම් අරගෙනයි ඉන්නේ
ඇයි සගාට බැන්නේ කියලත් අහන්න තිබුනානේ
ඒකාධිපති කෙනෙකුගේ මූලික ලක්ෂණ.
ඔය වාර්තා මොනාද හලෝ .චන්දෙන් පරාද වෙලා පක්ෂෙට එක ආසනයක්වත් දිනාගන්න බැරුව .එක එකාගේ පස්සේ ගිහිල්ලා ජනපති ගත්ත එක තමයි ලෝක වාර්තාව .ඒ වගේ අපතයෙක් මේ කරනා වැඩ ගැන ඉතින් කියන්න ඕන නෑනේ
''රනිල් ඔයා දිනුම්.'' හැබැයි ඔයාට හිතවත්ව හිටපු මහින්දගේ ජනතාවගෙන් ඔයා දැන් ෆේල්...... වෙරි සොරි.....
නිදන් සල්ලි වලින් කොටසක් අරගෙන කරපු කුමත්‍රණයක් .
ශම්මි අයියලාගෙන් සහ සමාගමෙන් කිසිම උපුටා දැක්වීමක් කිරීමට ඔහුට ධෛර්යයක් නැත, ඔබට ලැජ්ජයි ජනාධිපතිතුමනි!!!
ඔබේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සාගල රත්නායක බඳවා ගැනීමට ඔබට දුන් රනිල්. ඔහුගේ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් මොනවාද, එසේ නම්, කරුණාකර එම තොරතුරු ජනතාවගේ අවධානයට යොමු කරන්න!,
හොඳ වැඩක් ජනාධිපති තුමනි
දෙවැනි ප්‍රශ්නෙන් පිලිබිගු වන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියනවා කියලානේ
තමන්ගේ සහ රාජපක්ෂලාගේ වැඩ නිසා තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල දුක්විඳලා මියගිය මිනිස්සු වෙනුවෙන් පර්ලිමෙන්තුවෙදිවත් වචනයක් කතනොකරපු රනිල්ට දැන් මේ ඉඩන් නොලැබුණු දුප්පත් මිනිස්සු ගැන කැක්කුමක් ඇති කියල හිතනවද ?
රනිල් දන්නේ හොරු රකින්න විතරයි.