විල්පත්තුවේ සිදුකළ නීති විරෝධී වනාන්තර කැපීම සහ නීති විරෝධී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද (4) නොතීසි නිකුත් කළේය.
ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමැතිවරයා ඇතුළු 6 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනු රිට් පෙත්සම විභාගයට ගත් අභියාචානාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හා එච්.සී.ඩී.මඩවල මහත්මිය එම නියෝගය නිකුත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද දෙයක් පරිසරය රැකගැනීමට පෙළ ගෙසෙමු. නිල්ස් (ම)
ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය! (නදී)
එතකොට අර දිසාපතිලා, මෙයාට ගොට්ට අල්ලපු. අදාළ රාජ්‍ය නිලදාරින්ටත් විනය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් කරන්න. නලවන්න එපා. කොහොමත් දැන් පෙරහැර ගිහිල්ල ඉවරයි. බොදු බල සේනා හා හිරු ටී.වී යට ස්තුතියි. මෙය රටට නිරාවරණය කලාට.(නදී)
ස්වභාවික යුක්ති කේන්ද්‍රය හින්දම හොඳයි. නැත්නම් යහපාලන රජය නම් ඕක කරන්නේ නැහැ (නදී)
මෙය දුටු විගස ඇතිවූ සන්තෝෂය කියා නිම කළ නොහැක. නිති පරිසි නීතිය අනුව දඬුවම් දෙන්න සියලුම ගෙවල් සමතලා කර නැවත ගස් හිටුවන්න (බ)
අන්න හරි , නැත්නම් දවසක අනාගත දරුවන්ට ගහක් කොලක් පෙන්නන්න ඇමරිකාවට යන්න වෙනවා ,(ම)
ඇති යන්තම් පරක්කු වෙලා හරි මේක වුණා. බොදු බල සේනා වලට සහ බලුම්ගලට පින්. (ම)
සාධාරණයක් වෙනවා නම් හොඳයි (නි)
දැන්වත් ඇස් ඇරුණ එක ගැන සතුටුයි (නි)
හැබැයි ඉතින් ඊළඟ ආණ්ඩුවේත් මෙයා ඇමැති කෙනෙක් වෙනවා. ඒක තමයි අපේ රටේ රහස. ගස් කපන්න කපන්න, අනවසර පදිංචි කරන්න කරන්න මෙයාට තව තව පට්ටම් දෙනවා ඊළඟ රජයෙන්. මොකා ආවත් ඒක ෂුවර්. (බ)
අද සිංහලයාගේ අසමගිය නිසා රටේ පිරිහීම ඉතා ඉක්මණින් ළඟාවනු ඇත (නි)
පරිසරය විනාශ කිරීමට එරෙහිව තදින් සිටිය යුතුයි (නි)
මේ නඩුවේ තීන්දුව ඉක්මණින්ම දුන්නොත් හොඳයි (නි)
ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය!!! (නි)
ජයවේවා! (නි)
පරිසර හානිය කියන්නේ බොහොම බරපතළ වරදක් (නි)
අර ආශ්චර්ය කාලේ දුන්න ඒවාට මොකද කරන්නේ? (නි)
ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය! (නි)