ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විය.
ඔහු සමග හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද වූහ.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්විය.
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විය.
ඔහු සමග හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද වූහ.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් කොංග්‍රසයත් කාලගුණය වගේ.(දිල්)
මේක දෙපාරක් හිතන්න ඕන දෙයක් මුන් යන්නේ වැඩි ගොඩ ලැබෙන පැත්තට, මේකෙන් සිංහල ඡන්ද කැඩෙනවා මුස්ලිම් අය තමන්ගෙ වාසියට විතරයි වැඩ කරන්නේ (බ)
රුවන් ශ්‍රී ලංකාව ගැන නෙමෙයි නේද කථා කරන්නේ. එහෙනම් කමක් නෑ (බ)
ජයවේවා(දිල්)
මේ මේ අයගේ සැබැම ස්වරූපයයි. (නදී)
ජය වේවා මුස්ලිම් ජනතාවටම හොඳ අනාගතයක් (බ)
මෙයා ආවා කියල ඡන්ද පදනම වෙනස්වෙන්නේ නැහැ. මුස්ලිම් ජනතාව දැනටමත් මෛත්‍රී පාලනයට එකතු වෙලා ඉවරයි.(නදී)
මේ වගේ අය නැති එක හොදයි (බ)
මේයා පනින්න හපනෙක් වගේ (නදී)
අපි මොන විදියට අදහස් පළකළත් නොදමන්නේ කුමන හේතුවක් නිසාද? (බ)
2005 දී 2010 දී මහින්ද දිනුවේ මේ මුසල්මාන්වරුන්ගේ සහාය නොමැතිව නිසා අවුලක්නෑ. මහින්ද මේ දවස්වල ඇවිදින්නේ කටු කොහොල් සහිත පාර වල වුනාට9 වැනිද ඉඳල ඇවිදින්නේ විල්ලුද මතින් බව නම් ස්ථිරයි. (බ)
අරුණ බොහොම නිවැරදියි(දිල්)
මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති උනත් මුස්ලිම් අය ඇමති කම් ගන්නවා මොන ආණ්ඩු ආවත් ගියත් එයාලගේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ මුස්ලිම් බහුතරයක් වෙන සිරි ලංකාවක් දකින එ්ක එදාට අපේ සිංහල මැට්ටන්ට තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා රට ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු නොකරපු එකේ වැරැද්ද (බ)
ජයවේවා , ජයවේවා..! ජාතිභේද , ආගම් භේද අනවශ්‍යයි.සියලු දෙනාම දූෂණයට විරුද්ධව පෙළ ගැසෙමු.(දිල්)
මෙතුමාගේ තීරණය හරි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විම ඉතා හොද ක්‍රියාවක් අපිට ඕනි හොද පාලනයක් (දිල්)
දිනන පැත්තට පැනල හැමදාමත් ඇමති තනතුරු තියාගෙන ඉන්නේ දෙමළ මුස්ලිම් අය විතරක් නෙවෙයි. බලන්න සිංහල කී දෙනෙක් ඉන්නවද කියල. ඕනෑම සමාජයක තම පිරිස කුඩා එකක් කියල දැනෙනකොට එකට එකතු වෙන්න තියෙන නැඹුරුව වැඩියි. අපි පිට රටකට ගියාම ඒක දැනෙනවා. හැමදේම ජාතිවාදී කෝණයෙන් බලන්න හොඳ නැහැ. හැබැයි කොයි සමාජයේත් වැරදි කරන අය ඉන්නවා. නීතිය හැමෝටම ඒක විදිහට හරියට ක්‍රියාත්මක වෙනවනම් වැරදි අඩු කරගන්න පුළුවන්. (දිල්)
කොන්දේසි ඇතිවද .නැතිවද දන්නේ නෑ කෑලිවලට නොකැඩෙන ලංකාවක් අපට ඕනේ .(දිල්)
තිවංක, ඔබේ කතාව අගෙයි. (ර)
අපිට ඕනේ පාට, පක්ෂ, ආගම දහම නෙමෙයි, නිදහස් රටක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. (ර)
දැනටමත් මෛත්‍රී, වැඩිම මනාපයෙන් විජයග්‍රහණය කරලා ඉවරයි. (ර)
මම හිතුවා. (ර)
හකීම් මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ එක්ක ඉන්නකොට හොඳයි. එතකොට හකීම්ව විවේචනය කරන්නෙ නැහැ. මෛත්‍රීපාලට එකතුවුණොත් වැරදියි. (නි)
හකීම් ආණ්ඩුවේ ඉන්නකොට කවුරුවත් ගිවිසුම් ගැන කතා නැහැ.ආණ්ඩුවෙන් වෙන්වුණාම හොර ගිවිසුම් ගැන බෙරිහන් දෙනවා.මෙන්න දේශපාලනය. (නි)
ආයෙත් මේ පැත්තටම එයි (නි)
අනේ හොඳයි (නදී)
කොහොමද වැඩ? (නි)
හොඳ තීරණයක් (නදී)
මේ අයව ගත්තේ නැතත් ඔබ දිනනවා (නදී)
ඔබට තුති හකීම්. දැන් තමයි නියම සිංහලයන් සහ අන්තවාදී ඇතුළු ජාතිය පවා දෙන්නන්ගේ සටන තියෙන්නේ (නදී)
මොනවද පොරොන්දු උනේ? අපිට හුල්ලන්න වෙයිද දන්නේ නැහැ (නදී)
දැන් රටේ ජනතාවට තීරණයක් ගන්න ලේසි උනා! (නදී)
දැන් තේරුම් ගන්න ඕන මේ මොකාටද එන්න හදන්නේ කියලා..!(නදී)
මේ එක්වෙන හැම කෙනාටම ඇමති පදවි දෙනවාද. එහෙම නැත්නම් මෙයාලා අනිත් පැත්තට පනිනවා නියතයි. අපි දන්නේ නැද්ද මෙයාලගේ හැටි.(නදී)
මේක පවතින ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ආණ්ඩුවට මහජාතීන්ගේ ඡන්දය හරවා ගැනීමට ගත්ත පියවරක්. ආණ්ඩුවෙන් දැවැන්ත වරප්‍රසාද ලබා දීලා ඇති. මෙයා එදා ඉඳලා වරප්‍රසාදවලට කඩේ යන කෙනෙක්. (නදී)
මේක මෙයාගේ පුරුද්දක් (දිල්)
මුස්ලිම් ජනතාවට නිදහස ලැබුණා..හකීම් මහතාට පරාජය ලැබුනා ,මහින්ද මහත්තයට ජය ලැබුනා ස්තුති ..(බ)
ඔව් ඉතින් 18 සම්මත කර ගන්න උදව් උනානේ. අායෙත් තුන්වරක් පත්කරලා තව අවරුදු 08 කට ඒකාධිපති පවුල් පාලනයට උදව් කරන්නේ බත් කන අය නොවෙයි (බ)
ඔහේලා එහෙම නොකළොත් තමයි අපි පුදුම වෙන්නේ (බ)
ගිය පාර මෙයා යූඇන්පී , කෝ දිනුවද . වාසි පැත්තට හෝයියා මෛත්‍රී මහතා දිනන බව පෙනිලා ,ඇමති කමකට පැන්නේ, මෙයා නැතත් මුස්ලිම් ජනතාව හංසයාට තමයි මෙයා දිනන්නේ යුඇන්පී ඡන්ද වලින් රනිල් මහතාට මේක තේරෙන්නේ නැති නිසා මෙයාට හොදයි (බ)
මහ රාජතුමනි ඔබට අබ සරණයි (බ)
මෛත්‍රී මහත්තයාගේ ජය ගෙන දෙන්න හැමෝම එනවා.(හේ)
ඔන්න ආණ්ඩුවට තවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් (දිල්)
අතිගරු ජනාධිපතිතුමනි අාපහු ආණ්ඩුවට ගන්න එපා. (බ)
තිවංක, ඔබේ කතාව අගෙයි. (අ)
2005 රනිල් එක්ක පරාදයි. 2010 සරත් ෆොන්සේකා එක්කත් පරාදයි, මෙදා පාර මෛත්‍රී එක්ක ?? (බ)
මෙයා ගියාට ජනවාරි 09 නැවත මහින්ද ජනාධිපතිතුමාට උදව්කරන්න ඒවි. කව්රු පැරදුනත්, දිනුවත් හැමදාම මෙතුමාගේ පක්ෂයයි,තොන්ඩමන්ගේ පක්ෂයයි,හැමදාම දිනුම්.සිංහල අපි පරාදයි (බ).
මෙයා ගියා කියල ඡන්ද පදනම වෙනස්වෙන්නේ නැහැ. මේ අයට මුස්ලිම් ජනතාවවත් ඡන්දය දෙන්නේ නැහැ. එ්කනේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට මුක්කුගහන්න යන්නේ. පුලුවන්නම් මහමැතිවරණයේදී "ගහ" ලකුණින් ඡන්දය ඉල්ලලා මන්ත්‍රී ධුර 5ක් ගන්න කියන්න. (බ)
සිරිසේන මහතාගේ ජයග්‍රහණය අත ළඟයි (බ)
ඉතා හොඳයි සතුටුයි මෛත්‍රී පාලනයට එකතු වෙලා සිංහල දෙමළ සහ මුස්ලිම් එකමුතුවෙන් රටේ සංවර්ධනය සඳහා ගෙනියමු. (බ)