දෙමළ ජාතික සන්ධානයේ නඩරාජා රවිරාජ් යාපන මන්ත්‍රී ඇල්විටිගල නිවාස අසලදී මරා දැමීමේ සිද්ධියේ රජයේ සාක්කිකරුවකු වූ සම්පත් ප්‍රීති විරාජ් නම් හිටපු කොස්තාපල් බොරු සාක්කි දී ඇති පුද්ගලයෙකියි විත්තියේ නීතිඥවරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (29) ප්‍රකාශ කළේය.
ප්‍රීති විරාජ් ද කරුණාගේ පක්ෂයේ ඔහුගේ සගයාද එම ඝාතනයට හවුල් වී ඇති බවත් ඔවුන් දැන් ඇඟ බේරාගැනීම සඳහා රජයේ සාක්කිකරුවන් වී ඇති බවත් හරස් ප්‍රශ්න අසමින් නීතිඥයා කීය.
ප්‍රීති විරාජ්ට එරෙහිව තවත් අපරාධ නඩු හතක් ඇතැයිද ඔහු කීවේය.
රවිරාජ් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට හත් දෙනකු චෝදනා ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd