දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා 2006 නොවැම්බරයේ දී ඝාතනය කළැයි සැකපිට අත් අඩංගුවට ගත් නාවික හමුදා නිලධරයන්ගේ ලේ සාම්පල ඩීඑන්ඒ ජාන පරීක්ෂණ සඳහා ජින්ටෙක් රසායනාගාරයට යැවූ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
ඝාතනයට යොදා ගත් තුවක්කුව පිළිබඳ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
එම්.ඒ.නිලන්ත සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් ඇතුළු සැකකරුවෝ සිව්දෙනෙක් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කොළඹ ඇල්විටිගල මාවතේදී රවිරාජ් මන්ත්‍රීද ඔහුගේ පොලිස් ආරක්ෂක ලක්ෂ්මන් ලොකුවැල්ලද මරා දමන ලදැයි අධිකරණයේදී සඳහන් විය.
මව්පියන්ගෙන් කප්පම් ගැනීම සඳහා මේ නඩුවේ සැකකරුවකු තවත් සිසුන් සිව්දෙනකු මරා දමා ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවක උසාස් නිලදාරීන් තම පැවැත්ම ඉදිරියට රඳාපවත්වා ගැනීමට මෙවැනි අනිසි වැඩ තමාට ඉතාමත් ලඟින්ම ඉන්න කෙනාට බාරදීමක් වෙන්න පුළුවන් අන්තිමට තමන් පමණි . (ස)
අබේරත්න, ඔයා වගේ කෙනෙක් නම් මම මීටකලින් දැකලම නැහැ (නි)
කව්ද අණ දුන්නේ.(ස)
ටැමිල එකෙක් මරුන එකට පවතින පින්පොකෙට් රජය මෙපමණ උනදුව!!!!!!!! සිංහලයන් දස දහස් ගණන් ගණන් මරපු කොටි හිත වාදීන්ට mr ???!!!!!!!. (ස)
රවිරාජ් මරපු එක ගැන නෙවේ ඒකා කොටියෙක් නමුත් සාමාන්‍ය ජනතාවගේ පාසල් යන දරුවෝ මැරුවේ කාට මුදල් හොයන්නද එ්කයි හොයන්න ඕනේ වෙඩි තියපු කෙනාට මිස තුවක්කුවට දඩුවම් කරන නීතියක් නෑ ලෝකේ දැන් වෙලා තියෙන්නේ කිරිවලට වස දාල විකුනපු මුදලාලි බේරිලා ගිහින් බෙදන කොල්ලව එල්ලුම් ගස් යවනවා වගේ වැඩක් දෙනවම් දඩුවම් තරාතිරම නොබලා මේවට සම්බන්ධ සේරමට දැඩි දඩුවම් කරන්න නැත්නම් අනාගතයේදී අායෙත් තවත් බිල්ලක් අරගන මෙකුන් අයෙත් මිනී මරනවා අහක ඉන්න උන් ගස් යවන්න (බ)
අනේ පිස්සෝ, මිනි මරුවන් රණවිරුවෝ නෙවෙයි ඝාතකයෝ (ස)
ජහා පාලනයේ කළු සුද්දන්ගේ යුගය .(ස)
රවිරාජ් ඝාතකයන්ට පමණක් නොව ඊට අනුබල දුන් සහ නියෝග දුන් සියල්ලට මරණ දඬුවම දිය යුතුයි. (ස)
කරුණාකර හිතන්න මේ ගැන. මේ නිළධාරී දෙදෙනා 2006 සේවය කලේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බූද්ධි අංශයේ. මේ දෙදෙනාම සාමාන්‍ය පවුල්වල අය. මියගිය රවිරාජ් එල් ටී ටී ඊ වෙනුවෙන් කතා කරපු, සිංහල මිනිසුන් වෛර කරපු , එල් ටී ටී ඊ් විනාසකාරී වැඩට උදවු කරපු , අහිංසක දෙමළ මිනිසුන්ව විනාස කරන්ඩ කොටින්ට උදවු කරපු කෙනෙක්. රාජ්‍ය බුද්ධි සේවයේ නාවික නිළධාරී මන්ත්‍රී කෙනෙක්ව මරයිද? ........ මෙච්චර දක්ෂ අපේ පොළීසිය සී අයි ඩී එකේ අයට අවුරුදු හයක් ගියාද මෙයාව හොයන්න. හිතන්න. මට දැනෙන වේදනාව ඔබටත් දැනෙනවද ? මේ හැමදේම රට වෙනුවෙන් අවුරුදු 18 තිස්සේ කරපු දේවල් මේ මිනිස්සු. (ස)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා! (නි)
රණවිරුවෝ කියන්නත් ලැජ්ජයි. සහෝදර ආරක්ෂක පොලිස් නිලධාරියා විරුවෙක් නෙමෙයිද එතකොට? මෙහෙම අයට විරුවෝ කියන අබේරත්න ඉන්නේ ස්වාසිලන්තේ වෙන්න ඕනෑ. ටෝකියෝ කියන්නේ බොරුවට මම හිතන්නේ. (නි)
රණවිරුවන්ට දෙවියන්ගේම පිහිටයි. (ස)
මෙම නිලධාරීන් නාවික බුද්ධි අංශයේ නිලධාරීන් වන අතර සෑම මාධ්‍යක්ම එය සඟවමින් සිටි. දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව ඔවුන් මීට සම්බන්ධ බවට ඔප්පු වීද නොමැත.මෙය තනිකරම දේශපාලන පලිගැනීමකි.තම ජීවිතය පවා නොතකා රට වෙනුවෙන් වැඩ කළ මෙම දක්ෂ නිලධාරීන්ට මේ කරන අසාධාරණය නියම ශ්‍රී ලාංකිකයන් ලෙස තරයේ හෙළා දැකිය යුතුය.දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට හමුදා නිලධාරීන් යොදා ගැනීම මහා පාපකර්මයකි. (බ)
නාවික හමුදාව මුනිවත රැකීම පුදුමේ , ලොක්කෝ කව්රුවත් නැහැ. (ස)
රණවිරු ලේබලය අහිංසක මිනිසුන් මරපු අයටත් එල්ලුවොත් හොඳට තියෙයි. (ස)
දැන් මේ අයට මේ කටයුතු කිරීමට පැවරූ පහළ නිලධාරීන් හෝ දේශපලකයන් මේ වරදින් නිදහස්ද ?මොකද මේ හමුදා නිලධාරීන් මේ අයට තම අභිමතයට කටයුතු කරන්න බෑ. ඒ සදහා අවශ්‍ය ආයුධ ලබා ගන්න බෑ එම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ඉහළ නිලධාරියෙක් අවශ්‍ය වෙනවා නැත්නම් නියෝගයක් අවශ්‍ය වෙනවා මේ දේවල් ලබා දුන්න ඒ අයගේ ඕනේ එපාකම් කරගන්න දැන් ඒ අය නිදහසේ හුස්ම ගනිද්දී පහළ උන්න යටත් සේවකයෝ හිරබත් කනවා මේක මොන නීතිය කියල මට හිතා ගන්න බෑ. (බ)
ශාන්, චුට්ටක් කලබල නොවී ඉන්න. පොඩ්ඩ පොඩ්ඩ බඩු එලියට එනවා. (ත)
ශාන් එය ඔප්පු කර පෙන්නුවොත් මේ අයට සාධාරණේ ඔප්පු වෙයි. (ත)
වෙනත් සැක කරුවන් මෙන් නොව මොවුන් කැමරාවලට මුහුණ වසා නොගෙනයි යන්නේ. එය විශේෂ දෙයක්. එහෙම නේද.? (ර)
එදා දෙහිවල බොම්බේ පුපුරනකොට මේ අහිංසක රවිරාජ් කියන මනුස්සය කිව්වේ මේවා සාමාන්‍ය දේවල් ,උතුරේ සිංහල හමුදාවෙන් මිනිස්සු මරන්නෙත් මේ විදිහට කියල.LTTE එකේ දකුණේ සිංහල හඬ නියෝජනය කලේ මෙතුමා. Mr .ප්‍රභාකරන් මරපු කට්ටියත් අල්ලලා සාධාරණය ඉෂ්ට කරමු නේද?(ස)
දේශපාලුවෝ නම් හිරේට යන්නේ හිනා වේවි මේ කට්ටියගේ දුක්මුසු මුහුණු දැක්කම පව් කියලත් හිතෙනවා.(බ)
අපේ රණවිරුවෝ (බ)
රවිරාජ් කියන්නේ අහිංසක කොටියෙක්. අපි නම් දන්නේ එච්චරයි. (ස)
දැන් තියෙන්නේ ටොයියන්ගේ නීතිය (ස)
අහිංසක කොටියෙක් මැරුවට මෙහෙම කරලා මදි. අපේ සිංහලයන් කී දෙනෙක් මේ අහිංසක කොටියා මරවන්න ඇතිද? තම දිවි නොතකා විතරක් නෙමෙයි තම දරු පවුල් ගැනවත් නොහිතා රටට සේවය කළ නාවික බුද්ධි අංශයේ දක්ෂ නිලධාරීන්ට මෙහෙම කරනකොට මිස්ටර් කරුණා අම්මාන්ට සළකන්න ඕන කොහොමද කියලා හිතන්න ඕන. (බ)
මේ රනිල් මිනිසුන්ට තේරෙන්නේ නෑ. රවිරාජ් කව්ද කියල මොකද ඔක්කොම අමතක කරලා සිහින යහ පාලන රාජ්ජයේ ඉන්නේ, තොපිට මතක නැද්ද ස්වර්ණ වාහිනියේ දේශපාලන වැඩසටහනකට ඇවිල්ල මු චම්පික රණවකට බැන්නා."මට ඕනනම් කොළබ එනවා පුලුවන්නම් යාපනයට ඇවිත් පෙන්වන්න කියල" මු ගේ නිල රථයේ තමයි මරාගෙන මැරෙන කොටි ගෙනාවේ..මී හරක් වගේ නැතුව හිතපල්ලා රට ගැන...(බ)
එදා යුදමය දවස් වල රවිරාජ් කියන අහිංසක මනුස්සය පාර්ලිමේන්තු එන්න කලින් උතුරට ගිහිලා මිස්ටර් ප්‍රභාකරන් හමුවෙලා එතුමාගේ වැදගත් පණිවිඩ පර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ වගේම අපේ රටේ ප්‍රභූවරුන් සාමාන්‍ය ජනතාව මරණ කොට ඕව සාමාන්‍ය දේවල් කිවේ කොහොම නමුත් කොටි නිල ඇදුම් නොඅැන්දට එයත් කොටියෙක්ම තමා. මෙයාල හෙට මිස්ටේර් ප්‍රභකරන් මරපු අයවත් අත්අඩංගුවට ගනීවි නේද (බ)
රණ විරුවට සලකන අන්දම ද මේ.(ස)