ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය අනුරාධපුර මහා විහාරය යැයි ද එහි සංකේතය වන රුවන්වැලි සෑය අභිබවා තවත් දා ගැබක් කවුරුන් හෝ ඉදිකරනවා නම් එය වෛතුල්‍යවාදය යැයි ද එසේ කරන්නා විනාශයට පත්වනවා යැයි ද විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද පැවැසීය.
මහා විහාරය කඩා මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකළා. රුවන් වැලිසෑයට ඉහලින් ඒ දාගැබ ඉදිකළ නිසා මහසෙන් රජුගේ මහා ඇමැති අභය ඔහුට එරෙහි වුණා. චෝල ඇමැති මරා දැමුනා. පරාක්‍රම බාහු රුවන්වැලි සෑයට ඉහලින් දාගබැක් සෑදිමට ගියේ නැහැ. ඕලන්ද කාලයේවත් එහෙම කළේ නැහැ. සුද්දන් පල්ලියක්වත් හැදුවේ නැහැ. කාලිංග මේඝවත් එවැනි දෙයක් කළේ නැහැ. දැන් වෛතුල්‍යවාදය රටට ගෙනල්ලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රුවන්වැලි සෑයටත් වඩා ලොකු දාගබැක් අනුරාධපුරයේ හදා දුටුගැමුණු රජුටත් වඩා ලොකු මිනිසෙක්ය කියා කියන් හදනවා. මේ වෛදතුල්‍ය වාදය පරදවා මහා විහාරය ආරක්ෂා කිරීම අපේ ප්‍රධාන කාර්ය බව විපක්ෂ නායකවරයා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික බල මණ්ඩල රැස්වීමට අමතමින් එසේ පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ චලනී ඔය කියන දේ එත්ත. එත් ඉතින් ජනාදිපති වෙන්න බලාගෙන රනිල් මහත්තය එයාගේ ආගම පවල දීල අවේ අවබෝදෙන් නෙවෙඉ නේද?එකට කියන්නේ බල තණ්හාව කියල නේද? එය අවොත් සිංහල බෞද්දයට අබ සරණයි. (ස)
බෞද්ධයෝ හැටියට අපට කියන්න තියේන් සඳහිරු සෑය ඉදිකරාට රුවැන්වැලි සෑය තියේන බෞද්ධ වටිනාකමට කිසිවිටකත් වෙනස් නොවන බව. ඔය වගේ මොඩ කථා කියලා බෞද්ධ ඡන්ද ගන්නනම්, මේ සිංහල බෞද්ධ රටේ කිසිම දවසක රජවෙන්න බැහැ.(හේ)
මේකේ සමහරු රනිල් ගේ බෞද්ධ කම අහනවා. මහින්ද සහ පවුල කතෝලික වෙලා තියෙන එක කාටවත් පෙන්නේ නෑ (ස)
සඳ හිරු සෑය රුවන්මැලි සෑයට වඩා අඩි 3ක් අඩුයි සහ වටප්‍රමාණයත් අඩු වන පරිදි තමා හදලා තියෙන්නෙ.එක නිසා රුවන්මැලි සෑයට කිසිදු අවමානයක් සිදුවන්නේ නෑ.(ම)
යුද්ධය අවසන් කළේ නන්දිකඩාල් වල නිසා එහේ නේද මේක හදන්න ඕනේ. තවමත් පරක්කු නැහැ තීරණය වෙනස් කරන්න. (හේ)
ලංකාදීපය ගොඩක් කොමෙන්ට් කපනවා වගේ.... (ස)
රංජිත් සිල්වා, ලඟදි එතනත් හදන්න පුලුවන් වෙයි මොකද කොටි ස්මාරක ලඟට යද්ද් හිස්වැසුම් ගලවගෙන පාවහන් ගලවගෙන ගිය අයගෙ ආන්ඩුවක් ආපු කාලෙක (ස)
සදහිරු සෑය හදන්නේ රුවන්වැලිසෑයට දෙවි වන ලෙස. අනික චෛත්‍යයක් ගොඩනගන එක කොතරම් වැදගත්ද. රනිල් මහත්තයගේ ආණ්ඩුව පැරදුනේ වෛථුල්‍යවාදය නිසාද? ඒ වගේම සිරිමාවෝ මැතිනිය? වැදගත් දෙයක් කතා කරනවා නම් හොදා. (ස)
අසව්..අසව්...රතන හාමුදුරුවෝ...සෝබිත හාමුදුරුවෝ...රාජිත හා මදුරුවෝ දැන් රනිල් හා ම දුරුවෝ...බණ.සාදු කියන්න එපා..අප්පුඩි ගහන්න . ඩබ්ලිව් එච් ඕ (හූ) කියන්න. (ස)
රුවන්වැලිසෑයට වඩා අඩි කීපයක් අඩුයි සඳ හිරු සෑය.(හේ)
පුලුවන්නම් පෙන්නන්න ඔබතුමා හදවපු අඩි 3ක් උස දාගැබක්...?(හේ)
බොරු කියලා ඡන්ද ගන්න බෑ.(හේ)
අම්මෝ මෙය දන්නා දේවල්. නා ගන්නද කොහෙද හදන්නේ.(හේ)
රුවන්වැලි සෑයේ උස අඩි 295.6යි. සඳහිරු සෑය අඩි 280.9යි. රුවන්වැලි සෑයට වඩා අඩි 15ක් පමණ අඩුවෙන් තමයි සඳහිරු සෑය හදන්නේ. එහෙම කරන්නේ අතීතයට ගරු කරන්න ඕන නිසාමයි. රනිල් මහත්තයා අනුරාධපුරයට වරායක් ඉල්ලපු එකේ මේවගේ දෙයක් ගැන හරි අවබෝධයක් එතුමාට ඇතැයි කියා හිතන්න අමාරුයි. කොහොම වුණත් මේවා නිවුස් හැටියට රනිල් මහත්යාට හොඳ නෑ නේද ? (ස)
ලංකාවෙ ඉන්නෙ මොනවගේ අයද කියලා උඩ කොමෙන්ටි වලින් පෙනවා.දේශපාලනය වෙනුවෙන් තම ආගම ගාවගන්න මන්දබුද්ධික පිරිසක් මම මෙතනින් දකිනවා. (ස)
මේ සල්ලි වලින් නැති බැරි පවුල් වලට ගෙවල් හදලා දුන්නා නම් හොද නැද්ද?(හේ)
බුදුරජානන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝනියක් පුරා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑරදුන් තුලයි. ධාතු පරනිර්වාණයට ධාතූන් වහන්සේලා එකතුවෙන්නෙත් එතනට. එබැවින් සඳ හිරු සැය උසින් හා ප්‍රමාණයෙන් රුවන්වැලි මහා සැයට වඩා වැඩි නොවනවානම් හොඳයි. ස්වාමීන්වහන්සේලාගෙන් උපදෙස් ගන්නවානම් හොඳයි. (ස)
බුදු දහම තවත් දියුණු වෙනවා විතරයි. රනිල් එදත් අදත් එකම වගේ කතා කියන්නේ.. (ස)
සිරිසේන හින්ද ඔයාටත් ගට්ස් ඇවිල්ල වගේ (ස)
රනිල් මේවා කතාකරන එක මහින්ද මහත්තයට හොදයි. අශුද්ද සන්දාන වැඩිකල් පවතින් නැ. (ස)
සඳහිරු සෑය ඉදි වන්නේ රුවන්මැලි සෑයට වඩා ටිකක් මිටියටයි. සඳහිරු සෑයේ සම්පුර්ණ උස අඩි 280 ක් වන අතර විශ්කම්භය අඩි 802 ක් වේ. රුවන්මැලි සෑයේ උස අඩි 300ක් සහ විෂ්කම්භය අඩි 950ක් වේ. නොදන්න දේ කතා කරන්න ගිහින් රනිල් ආයිත් නානවා. (ස)
චෛත්‍යකූල වාදය කිව්වේ කලින් කරපු කාහල නාදය වගෙ දෙයක්ද රනිල් මහත්තයෝ ... ???? (ස)
ආර්ය අසටන්ගික මාර්ගයේ යන්න බෙන්ස් කාර් කියපු අයනේ මේ කතා කරන්නේ. (ස)
රනිල් කියන්නේ උපතින්ම බෞද්ධයෝ හැබයි මහින්දගේ නෝනා බෞද්ධ නෙවෙයි ඉරිදා ට කොචිචිකඩේ පල්ලියට අපිට යන්නත් බැහැ මොකද ශිරන්ති රාජපක්ෂ යනකන් පාර වහලා (ම)
මහින්දගේ නෝනා හොද කිරිස්තියානි එතුමියගේ ආසාව ඉෂට කරන්න නේද පාප්වහන්සේ ලංකාවට එන්නේ. (ස)
අහෝ දුකකි ,දැන් රනිල් වයිතුල්ල වාදය ගැනත් දන්නවා .පන්සිල් 5 වත් පෙලට කියන්න බැරි මනුෂ්‍යය (ස)
මොනව උනත් මහින්ද මහත්තයාට ලොකුම දේවල් හදනවා. (ස)
පිට කොටුවේ වගේ උස ගොඩනැගිලි ආදී 680 ට වඩා උසට හදන්න එපා කියන්නේ ඒක නේ අගමැති තුමෝ...කොටි මහබැංකු ගොඩ නැගිල්ලට බෝම්බ ඇටෙව්වෙත් ඔය මහසෙන් කතාව දැනගෙන බුද්ධාගම රැක ගන්න ඕනේ නිසාලු. ඔබ තුමා අගමැති කාලේ අර ගිවිසුම අත්සන් කලෙත් බුද්ධාගම බේරගන්න ලු නේද? රතන හාමුදුරුවොත් මන් වගේ ඕකනේ ඔබතුමාට ආදරේ. (ස)
මේක හීන මානෙට හදන දෙයක් (ස)
සදහිරු සැය මහමෙව්න උයනෙන් එළියේ හැදුවනම් හොද නේද. අටමස්ථානය වෙනස් කරන්නේ නැතිව. (ස)
අනේ. (ස)
අනේ රනිල් මහත්තය අපේ බුදුදහම විනාස කරන්ට එපා (ස)
බණ අහලා කට්ටියම නිවන් යන්න හදනවාද? (නි)
මෙයා නේද ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ යනන කියල. (ස)
සෑයවල් හදල අහසින් ගිහින් අසරණ වෙලා ඉන්න මිනිසුන්ගේ දුක නැතිවෙන්නේ නැහැ. මින්සුන් ගැන කතා කළා නම් හොඳයි. රට බෙදල පාවාදීල ෂරිය කරලා නෙමේ දුටුගැමුණු දාගැබ හැදුවේ? මේ හදන්නේ සිංහලයට බෞද්ධාගමට වෛර කරන කෙනෙක් අපිව රවට්ටගන්න හදන කතාවක් ? (ස)
අපේ විපක්ස නායකතුමා අපේ ඉතිහාසය දක්වමින් මෙම අවස්ථාවේ වටින අදහසක් දැක්වීම අගනාකොට සලකනු ලබන අතර අපේ බැතිමතුන්ගේද නොමසුරු දකත්වයෙන් මහා වියදමක් දරා සුවිසල් බුදු පිළිම ,දාගැබ් ඉදිකිරීමදී උතුර .නැගෙනහිර හා වනගතවී ඇති පෞරාණික සිදස්ථාන රැකගැනීමට නිසි කටයුතු කිරීමට අවධානය යොමු වියයුතුය (ස)
කාට කාටත් ලගදීම සද හිරු සෑය හීනෙන් පෙනේවි (ස)
රනිල්ට හැකිනම් අඩි හයක දරුවෙක් හදල පෙන්නන්න කියන්න .? (ස)
මහත්තයෝ ඔයා කට පියන් ඉන්න තරමට තමයි මෛත්‍රීට ඡන්ද ලැබෙන්නෙ (අ)
දාගැබක් හදන එක නම් හොඳ දෙයක්. අපි ඒ සම්බන්ධව පටු විදියට හිතන්නේ නැහැ. (නි)
මොන කතාවක්ද මේ කියන්නේ? මොනතරම් උතුම් දෙයක්ද මේ කරන්නේ? මහින්ද මහත්තයාට මේ පිනම ඇති (නි)
යශෝධ, තමන්ගේ ආගම මොකක් වුණත් කමක් නැහැ ඒක ගරු කටයුතු විදියට ඇදහුවා නම් එච්චරයි. (නි)
අපි බලමුකෝ වෙන දේ (නි)
නියමයිනේ. රනිල් මහත්තයා දන්න දේවල්! (නි)
මොන රජතුමා හැදුවත් මොන ජනාධිපතිතුමෙක් හදන්න හැදුවත් මේ දාගැබ් කියන්නේ පස් ගඩොල් හා කොන්ක්‍රීට් පමණයි කියලයි මම නම් හිතන්නේ (නි)
බුදුධ ශාසනය වෙනුවෙන් ඉදිවන පහන් කනුවක සිට මේ චෛත්‍යක් දක්වා වූ සියලු ඉදිකිරීම් උතුම් වන අතර එය පුණ්‍ය මහිමයක් නිසාම හැකි වන්නකි.....මේ චෛත්‍ය ඉදිවන බිම අතීතයේ තිබුණේ මස් මඩු, හරක් ගාල් කුඩු තොටුපලවල්....ඒ රනිල් චන්ද්‍රිකාගේ පාලන සමයේ....දැන් එය පිවිතුරු බිමක්.....! මේ කතා වලට ලැබෙන විපාක දැනගන්න ඕන නම් “ප්‍රේත වත්තුව“ කියවන්න.......... (ස)
දාගැබක් ඉදිකිරීමට පක්ෂව හෝ විපක්ෂව මෙහි අදහස් ලියන බොහෝ දෙනෙකුට අමතකවෙලා වගේ දාගැබක් ඉදිකිරීමට තුඩුදෙන සමාජ,ආර්ථික පසුබිම ගැන. (නි)
හීනමානේ ඇරෙන්න වෙන මොකක්ද. (හේ)
මම සේවය කරන්නේ හමුදාවේ. හැම මාසෙම අපගේ වැටුපෙන් පනහක් කපනවා මෙම වැඩේට. හමුදාවේ 500000 විතර ඉන්නවා. ගණන් හදලා බලන්නකෝ (නදී)
ආයෙත් පටන්ගත්තා.(හේ)
මහත්තයෝ ඔය කතා කරන මාතෘකාව හරි අවබෝධයක් නැතිව කතා කලොත් ලොකු විනාශයක් තමාට මෙන්ම නිර්මල බුදු දහමට කරන්නේ. ජනාදිපති තුමා කරන වැඩේට ප්‍රසංසා නොකර එය විවේචනය කිරීම බෞද්ධයෙක් හැටියට මට මහත් කණගාටුවකට හේතුවක්. (අ)
මොනවද මහත්තයෝ මේ කියවන්නේ? (නි)
යශෝදා ,මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ. කරන ක්‍රියා අනුව වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වේ. (අ)
අද රනිල් මහත්තයට පැය 24 පෙන්නේ මතක් වෙන්නේ අනුරාධපුරය පොලොන්නරුව වගේ. එතුමා බලේට ආව 2001 අපේ පන්සලකට ගඩොල් කැටයක් වත් ගන්න මුදල් වෙන් කලේ නැහැ . අද කතා කරන්නේ හරියට හදේන් ගොඩ බැහැල වගේ. (ස)
මහත්තයෝ ඕකනම් බොරුවක් ..ඒ අලුතින් හදන චෛත්‍ය රුවන්වැලි සයට වඩා උසින් අඩුයි..දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි සෑය හැදුවෙත් යුද්ධයක් දිනලා මේ සැරෙත් එහෙමයි එකේ වරදක් නෑ.ඔයට තේරෙන්නේ නෑ ඕව (ස)
ඉතින් මහින්ද විනාශ වෙනවට රනිල් කැමතියිනෙ.. ඔක හැදුවහම එහෙම වෙනවනම් මොකෝ ඉඩ නොදෙන්නෙ..? (ස)
හැම දේම දේසපාලන අහිං බලන්න එපා රනිල් මහත්තයෝ. මේ සැරේ අමතක කරලා ඊළඟ සැරේවත් ජනාධිපති කමට ඉල්ලන්න මේ වගේ නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (ස)
"පස්දුන් කෝරලය" වගේ තවත් කතාවක් ද කියල මුලින් බයත් හිතුණා... වෛතුල්‍ය වාදය කෙසේ වෙතත් පවුල්වාදය පරදන්න ඕන මෙදා සැරේ,, (ස)
ලෝකයේ ලොකුම දාගැබ හදන්න පුලුවන්නම් ලංකාවේ , ඒක වරදක්ද ? දුටුගැමුණ රජතුමා ඉල්ලීමක් කරලා තියෙනවද මේකට වඩා ලොකු දාගැබක් හදන්න එපා කියල. ඔබතුමාත් බලයට ආපු දවසක ඊට වඩා ලොකු එකක් හදන්න . එතකොට තමයි නියම ලාංකික පාලකයෙක් වෙන්නේ. (ස)
මේ මහත්තයා දන්න දේවල්.(හේ)
යශෝධා, උපතින් බෞද්ධයෝ විතරද නියම බෞද්ධයෝ? මම නම් හිතන්නේ උපතින්ම ආගම අදහන්නේ දැනුමකින් තොරව කියලා. අවබෝධයෙන් යම් දහමක් වැළඳ ගන්නවා නම් තමා නියම බෞද්ධකම. (නි)
රනිල් උපතින් බෞද්ධයෙක් නෙවේ නේද? (ස)
රනිල් මහත්තයෝ දුටුගැමුණු කියන්නේ එදා එළාර පරාදකරලා කඩොල් ඇතාගෙන් යුද්දේ දිනපු රජතුමෙක් එයා ඉදිකරපු රුවන්වැලි සැය අපිට වටිනවා ,හැබැයි මහින්ද කියන්නේ අද එයාගේ උවමනාවට යුද්දේ දිනපු රජකෙනෙක් ඔතන වටින්නේ හදන දාගැබ මිසක් එකේ උස හෝ වටප්‍රමාණය නෙවෙයි පුලුවන්නම් ඔබතුමාත් එකක් හදන්න (ස)
මේ මහත්තයා ඉතිහාසය දන්නේ නැහැ. අගමැති වෙන්න යන්නේ. මේ දත්ත වැරදියි. මිනිසුන්ගේ ඔළු කන්න එපා මහත්තයෝ (ස)
අපි මහින්ද මහත්තයාගේ නම දාමු මහින්ද දා ගැබක් (ස)
නොදැන ඉතිහාසය ගැන කතා කරලා රනිල් කලින් පාරකුත් ඇන ගත්තා.(හේ)
ඔය මාස දෙකට ඕක කරන්න පුළුවන් වැඩක්ද ?(හේ)
ඉතිහාසේ ගැන වැඩිය කාතා නොකලොත් හොදයි. මතකනේ කලින් ඡන්දවලදි ඉතිහාසේ කතාකරන්න ගිහින් වෙච්ච දේ.(හේ)
රුවන්වැලි චෛත්‍ය හැදුවේ දුටුගැමුණු මහරජතුමා බව මේ මහත්මය දන්නා එකත් ලොකු දෙයක් .(හේ)