රටේ ආරක්ෂාව තහවුරු කරන ගමන් රණවිරුවන්ගේ සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (11) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවසීය.
නව රජයේ ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ජනපති විසින් පැත් කැරුණු වියජවර්ධන මහතා අද (11) සුබ මොහොතින් එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
සර්ව ආගමික වතාවත්වලින් පසු වැඩ බාර ගත් ඇමැතිවරයා පිළි ගැනීමේ විශේෂ උත්සවය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති ද හදිසියේම එම ස්ථානයට පැමිණ විජයවර්ධන මහතාට සුබ පැතීය.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය ලේකම් කේ පී ඩී කිත්සිරි මහත්වරු ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිද හමුදාපතිවරු ද, පවුලේ සමීප නෑ හිතවත්හු ද ඊට සහභාගී වූහ.
(වීඩියෝ ශාන්ත සෙනවිරත්න)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් නිහතමානී තරුණ නායකයෙක්. ඔබ තුමාට බියගම ජනතාව වෙනුවෙන් සුභ පතමි.(නදී)
අපෙනුත් සුබ පැතුම් ඔබට! (නි)
හොඳ සුසංයෝගයක් රටට හොඳ අත්තිවාරමක් රුවන් ඇමතිතුමාට හා ජනපතිට ජයවේවා (බ)
ඉතාම හොද ප්‍රවනතාවයක්.(නදී)
කූරගල නිදහස් කරමුද බලන්න? (නදී)
අනාගත එ.ජා.ප. නායකත්වය හිමිවිය යුත්තේ ඔබ තුමාටයි....!(නදී)
අපෙනුත් සුභ පැතුම්, (අ)
අපි හිතනවා ඉක්මනින් නීති ගරුක රටක් හදයි කියලා (නදී)
යුක්තිය අගයන මිනිසත්කමට ගරු කරන මහත්මයකුට රාජ්‍ය ඇමතිකම ලබාදීම අපි ගරුකරනවා (අ)