
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා හදිසි සත්කාර ඒකකයෙහි අවශ්‍යතා සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගය කළේය.
ගම්පහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත එම මුදල් බාරදීම අද පෙරමරුවේ සිදු කළේය.
අනතුරුව හිටපු අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දැඩි සත්කාර ඒකකයට ගොස් කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය.
එම අවස්ථාවට ගම්පහ නගර සභාවේ විපක්ෂ නායක රවීන්ද්‍ර ගණේගොඩ, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමීර රන්දෙණිය, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් යන මහත්වරුන් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට යි. ආණ්ඩුවෙන් හැම දේම කරනකල් බලා ඉන්න සහ විවේචනය විතරක් දන්න කාට කාටත් හොඳ ආදර්ශයක්. රුවන් මහතාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය...!!!