ඇඹිලිපිටියේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්ධියේ මරණ පරීක්ෂණය මෙහෙයවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට හැකියාවක් නැතැයි ද, ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිද්ධිය ගැන අදහස් දැක්වීයැයි ද නීතීඥවරු පිරිසක් කීහ.
ඊට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කීවේ තමා එහි ගියේ පොලිස්පතිගේ නියෝග අනුව බවයි.
‘මරණ පරීක්ෂණයකදි පොලිසිය කරන්නේ අධිකරණයට සහාය වීම. මේ මරණ පරීක්ෂණයේදී අධිකරණයට සහාය දෙන්න පොලිස්පති මට නියෝග කළා. මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේම පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරිත් ආවරණය කරනවා.
මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය මගේ අභිමතයට කළ නොහැකියි. සාක්කි විභාගය පැවැත්වේනනේ අධිකරණය ඉදිරියේ. මා ඇසීමට නුසුදුසු ප්‍රශ්නයක් අසනවා නම් අධිකරණයට පුළුවන් එය වළක්වන්න. මා ඇසිය යුතු ප්‍රශ්නයක් යටපත් කරණවා නම් අධිකරණයට පුළුවන් එය මතු කරන්න. ඒ නිසා ගැටළුවක් වෙන්නේ නෑ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)
එක අතකට මෙයාලගේ නෙමෙයි වරද. අපි ඒක තේරුම්ගන්න ඕනෑ (නි)
සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කරවන්නේ ඔවුන් ලවා නීති විරෝධීව යම් යම් කටයුතු ඉටු කරගන්නා ලද සමහර දේශපාලකයින් විය හැක. මේ අසීරු අවස්ථාවෙන් චූදිත පොලිස් නිලධාරීන් බේරා නොගන්නේ නම් සියල්ල හෙළිදරව් කරන බවට දේශපාලකයන්ට දැණුම් දී ඇත්දැයි සැක සිතේ. (කෞ)
අනේ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා! (නි)
මරණ පරීක්ෂණයට පෙර ඒ තරුණයා මියගියේ කොහොමද කියලා මෙයා කිව්වානේ. ඒ සිද්ධියම ඇතිනේ ඉතින්.... (නි)
අධිකරණ ක්‍රියාවලියේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන සැකය මතුකරන නියෝග ගැන දෙවරක් සිතාබැලිය යුතුයි (නි)
රුවන් ගුණසේකර මහතා කොහොමත් හැම මොහොතේදීම පොලිසිය නිවැරදිකරලානේ ඉතින් කතා කරන්නේ. මාධ්‍යයට වගකීමෙන් කතාකරන බවකුත් අපි දැකලා නැහැ. (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
කර්මවාදය අදහන අපිට ඕවා ගැන කියලා වෙහෙසෙන්නේ මොනවටද? මීටවැඩිය කෑගහපු දඟලපු අයටත් වුණ දේවල් ඉතිහාසයේ ලියැවී තිබෙනවා (නි)
යහපාලනය ගෙනඒමට වෙරදැරූ අපිට අර කියන මඩු වලිගයෙන් තලා ගැනීමටයි දැන් වෙලා තියෙන්නේ (නි)
කොහොම වුණත් පැමිණිල්ලට දක්ෂ නීතිඥයින් අල්ලන්න වෙනවා. (නි)
අනේ අපි ඕවට නැහැ. අපි මොකුත් දන්නෙත් නැහැ (නි)
අපිට තියෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි (නි)
"අපි නොදන්න පොලිසිය" (නි)
පොලිසිය දැන් ඒකාධිපති වෙලාද? සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන ආකාරයේ නියෝග නිකුත් කරන්නේ ඇයි? නීතියට අනුව ව්‍යවස්ථා අර්ථ දැක්වීමේ පරම බලය ඇත්තේ අධිකරණයටයි. (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමා අද කාලේ අන්දරේ. අපිනම් රෑට 8 පුවත් බලන්නේ මෙයාගේ කතා අහන්න තමා (බ)