බලපිටිය රේවත විදුහල අද (12) සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු ඇරැඹූ බව පාසල් ආරංචි කියයි. පසුගිය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පාසල වසා දැමිණි.
බලපිටිය රේවත විදුහල අද (12) සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු ඇරැඹූ බව පාසල් ආරංචි කියයි. පසුගිය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පාසල වසා දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම කණගාටුදායක ප්‍රවෘත්තියක්. සමාජ පරිහානියේ ප්‍රතිඵල තමයි මේ. ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. රේවතේ ආදි සිසුවෙක් විදියට ලැජ්ජා වෙනවා මෙවැනි සිද්ධි ඇතිවීම ගැන. ඒ වගේම පුදුමත් වෙනවා. මොකද බලපිටිය රේවතේ කියන්නේ විනය පැත්තෙන් උපරිමයෙන් ආරක්ෂා කළ පාසලක්. මෙහෙම දේවල් එදා වෙන්න ඉඩ තිබුණේ නැහැ. දෙමවුපියෝ ගුරුවරුන්ට වගකීම බාරදුන්නා. (නි)
ආදී ශිෂයෙක් වශයෙන් මෙවන් දේ ඇසීමචට සිදුවීම කණගාටුවකට කරුණක්, සුනිල් හා මෙන්ඩිස් ගේ අදහස් වලට මමත් එකග වෙනවා, 80, 90 දශකයේ විදුහල්පතිවරුන් වන වොල්ටෙර් මහතා හා නිස්සංක ගුණසේකර මහතා සිහිපත් කළ යුතුමයි, ඔවුන්ගේ අසහය කැපවීම විනය පවත්වා ගැනීමට මෙන්ම පාසලේ දියුණුව වෙනුවෙන්.අපි වසනාවන්තයි. අපිට එවන් ගුරු දේපලක් සෙතිම පිළිබඳව (අ)
රේවත පාසලේ ආදිසිසුවන් විදියට අපට ලැජ්ජයි මේ සිද්දියට. ළමයින්ගේ දෙමවුපියන් මේකේ වගකීම සම්පූර්නයෙන් ගත යුතුයි. ප්‍රශ්නේ මොකක්ද කියල හරි විස්තරයක් ගුරුවරු දෙමවුපියන්ට දැනුවත් කිරීම ඔවුන්ගේ යුතුකමක්. (ස)
හඳ දිගටම තියා ගැනීම දමපියන්ගේ හා දරුවන්ගේ වගකීමකි. (ස)
ළමයින් ගේ විනය ගෙදරින් ඇතිවිය යුතුයි .. ළමා කාලයේ සිට ගුරුවරු දෙමව්පියන්ට ගරු කිරීමට ඉගැන්විය යුතුයි .. අපි ඉගෙන ගන්න කාලයේ වාර පටන් ගැනීමේදී ගුරුවන්ට බුලත් දී වැඳ පාසල් පටන් ගත යුගයක් තිබුන .. දෙමව්පියන් සේම ගුරුවරුන්ට විශාල ගෞරවයක් තිබුන .. ඒක ළමයින් ගේ විනයට තදින් බලපෑව (බ)
80 සහ 90 දශකවල ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතා ඉහලින් විනය පවත්වාගෙනගිය පාසලක් අද පත් වී ඇති තත්වය ගැන ආදී සිසුවකු ලෙස කණගාටුයි. එදා රේවතයෙන් ලැබූ ශික්ෂණ අද අපේ සාමාන්‍ය ජීවිතය වගේම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට බලපා ඇති බව මට සිහිවෙනවා. සමස්ථ සමාජයේ පිරිහීම තමයි මේ පිළිබිඹු වෙන්නෙ. කොහොම උනත් රේවතය වගේම අපේ දරුවන් යහමගට ගන්න අපි හැමෝටම වගකීමක් තියෙනව. (ස)
පාසල් තුල ප්‍රශ්න ඇතිවීම වැලැක්වීම ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීමකි. දරුවන් විනයගරුකව තබාගැනීම ජාතියේ අපේක්ෂාවයි.කෙසේවෙතත් යළි පායපු සඳ අවසඳක් කරන්න නම් එපා. (ස)
පාසල්වල ශිෂ්‍යයන්ගේ විනය පිරිහීමේ ප්‍රධාන හේතු කිහිපයක් දකින්න පුලුවන්. දේශපාලන බලපුලුවන්කාරකම් පාසලට පැමිණීම. විදුහල්පති දේශපාලන හෙන්චයියෙක් වීම. බටහිර නීති ගෙඩි පිටින් ගෙනවිත් ළමයකුට දඩුවම් කිරීමට ගුරුවරයාට අැති අයිතිය අහිමි කිරීම. ශිෂ්‍යයා කුමක් කළත් ගුරුවරු කිසිවක් නොකරන තත්තයට පත් වී තිබේ. අනික ගුරුවරුද තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමේ දී වගකීමක් නැති වීම. (ස)