වර්තමානයේ දී බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයකු සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයක දීම ඉල්ලා සිටියත් දෙන බව කීවත්, එය ඉටු නොවූ බව කියමින් රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (30) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණ පැයක් පමණ ලේකම්ගේ කාමරයට වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩිකම් නම් අපි අනුමත කරන්නේ නැහැ. (නි)
අර එල්ටීටී එක තිබුන අවුරුදු තිහක කාලයේ අද කෑගහන බොහෝ දෙනා කොහේද හිටියේ? (නි)
කසුන් වගේ කතා කරන අය තවත් බිහි වේවා! (නි)
සිංහල බෞද්ධයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටීමට අයිතියක් ඇත. (නි)
චීවරයට අගෞරව කරන්න නම් එපා (නි)
බෞද්ධ ආගමට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේ කවුරුන්ද ? (නි)
ඉස්සර හාමුදුරු කෙනෙක් දැක්කම අපේ හිතට දැනුන ඒ පහන් සිතිවිල්ල........? (නි)
දැන් ඔය හැමුදුරුවන්ට එක එක ඒවා කියන අය ඉතිහාස පොත් කියවල තියනවද කියලා මම අහනවා. ඉස්සර අතිතයෙත් අපේ හාමුදුරුවරු මෙහෙම කරපු හින්ද තමා බුදු දහම මෙහෙමවත් ලංකාවේ තියෙන්නේ (නදී)
කසුන්, ඔබ හරියට හරි. මුස්ලිම් මිනිසුන්ගේ එකමුතුකමට, දියුණුවට හේතුව ඒක තමයි. (නි)
කසුන් මොනවාද මේ කියන්නේ? (නි)
කසුන්, ඔබගේ අදහසට ගරු කරනවා (නි)
හාමුදුරුවනේ ඔබ වහන්සේලා කල යුත්තේ මිනිසුන්ට දර්මය කියා දීමත්, උදව් උපකාර කිරීමත් සමාජය යහපතට ගැනීමත්ය. අද සමාජයේ අපරාද ගැන අයි ඔබ නිහඬ, කුඩු ගැන නිහඩ ඇයි. මමත් උපතින් සහ අනුගමනය කිරීමෙන් බෞදයෙක්. එක අවුරුද්ද්දක් බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙමු. බෞදධයින්ගේ දුප්පත්කම නැති කරන්නේ කොහොමද? උජාරුවෙන් කතා කරන සිංහල බෞද්ද අපි ඇයි අරාබියට අපේ අම්මල, නංගිලා, අක්කල, නැන්දලා ටික වහල් සේවයට සහ අනෙකුත් කි නොකී සේවා වලට අරින්නේ. පුළුවන් නම් මේවා නවත්වමු. (නදී)
සිංහල බෞද්දයන් දැන් සුළු ජාතිය වෙලා තියෙන්නේ. කෑගහනකම් පාලකයන් ඇස් අරින්නේ නැහැ (නදී)
කුමන්ත්‍රණ කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බෞද්ධ පිරිසද ? නැතිනම් සියට 80% විතර ඉන්න ලංකා බෞද්ධ ජනකායද ? (නදී)
අනුර මහතාට -එල්ටීටී එක තිබුන අවුරුදු තිහක කාලයේ අද කෑගහන බොහෝ දෙනා කොහේද හිටියේ කියන එක මටත් ප්‍රස්නයක්. එ්ත් ඔය ඉන්න හාමුදුරුවරු නෙමෙයි එදා යුද්දේ එපා කියල පෙළපාලි යනකොට එල්.ටි.ටි එක පරදන්න බැහැ කියල යුද්දය නවතන්න කියල එදා කෑගහ කෑගහ පෙළපාලි ගිය අයගේ පෙළපාලි වලට විරුද්ධව කතාකරල යුද්දයෙන් එල්.ටි.ටි එක ඉවර කරන්න කියපු හාමුදුරුවරු තමයි ඔය එන්නේ. ඒ උනාට ලකුණු දාගන්න සහජීවනය කරන්න යන අය එදා කරන්න හදපුවා අපි දන්නවා. ජාතිය බුද්දාගමට මොනවා උනත් කමක් නැහැ ඒ වගේ අයට. ගම් වලට ගිහිල්ලා කර කර හිටියොත් හොද ටික මෙහෙ අයට කරදරයක් නැතිව කරගන්න පුළුවන් (නදී)
තරංග, ඔබ හරි. බලන්නකෝ මුහුණු වල තියෙන ගණන්කාරකම. (නි)
බුදු දහමට එරෙහිව කවුද කුමන්ත්‍රණ කරන්නේ? බුදු දහමේ වැටීමක් තියෙනවද? නැහැ. එහෙනම් නීතිය අතටගෙන දඟලන්නේ මොකද? (නි)
මේ දවස් වල සමහරුන්ගේ නම් සද්ද නැහැ (නි)
එල්.ටි.ටි එක අපේ හාමුදුරුවන් අමු අමුවේ ඝාතනය කරන කාලයේ මෙයාල හිටියේ ඇදන් යටද? (නදී)
ඇමරිකන් රජයේ පිරිසක් ලංකාවේ බෟද්ධ සමාජයට එරෙහිව ඉතා අසාධරණ කතාවක් ලෝකයට කියල තියෙනවා. (නදී)
කසුන් ,අනුර, ඔබලා ගේ අදහස් හරි. ඇත්ත හරියට හරි. දැන් ඔබලාට කියයි බෞද්ධ ආගමට අගෞරව කරනවා කියල.(නදී)
අපේ සිංහලයෝ කට වහගෙන ඉන්නවා ජාති වාදය මතුවෙයි කියලා. එ්ක මහා මෝඩ කමක්. මෙහෙම ගියොත් අපේ ඉදිරි පරපුර වහල්ලු වෙනවා. හාමුදුරුවෝ මේක කරන්නේ හොද දෙයක්. මේකට විරුද්ද වෙනවනේ අපේ මෝඩයෝ (නදී)
මේ පුංචි රටට මැති ඇමැති වරු අමාතයාංශ ඕනෑවටත් වඩා තියෙනවා. මේවා නමට පමණක් අමාතයාංශ තිබිල මාසේ අන්තිමට පඩි, වාහනවලට තෙල්, බංගලා ,කාර්‍යාල වලට, වියදම් කරණ මුදල් කෝටී ගණනින් මේ රටේ සෑම අසරණයෙකුට අඩුම තරමේ ජීවත්වෙන්න පොඩි ගෙයක් හදලා දෙන්න පුළුවන්. මේ හාමදුරුවරුන් කථාකරන්නේ මේ සමාජයට අවශ්‍යම දේවල් ඒකට අවස්ථාක් දුන්නම මොකද වෙන්නේ. මේ අමාතයාංශවලින් දවසගානේ ඇවිත් වැඩක් කරන්නේ නෑ. දවස ගෙවලා පරක්කූ වී ඇවිත්, වේලා සනින් යනවා. අවංකවම මේ රටේ මහජනතාවගේ මුදල්වලින් යැපෙන අය රටට වැඩක් කළ යුතුයි. බොහෝ අමතයාංශ බෝඩ්ලෑල්ලකට පමණක් සීමාවෙලා. (නදී)
මෙහෙම ගියොත් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
සත්‍යා,අනේ ඔයා දන්නා එකමුතුකම. කොයි ඉස්ලාම් රටේද යුද්ධයක් නැත්තේ? ඔය කට්ටිය දන්නේ විනාසය පමණි. දන්නා සාමේ කට වචනෙට විතරයි. (නදී)
සත්‍යා,කසුන්, දියුණුවට තව එක හේතුවක් තමයි මතට තිත තැබීම. (අ)
පව් අප්පා මේ අමාත්‍යංශයේ ලොක්ක අමාරුවෙන් ගැටගහගෙන ඉන්නේ! (අ)
ශාන්ත, ඔබ බුදුදහම ගැන නොදන්නා පාටයි. මන්ද වෙනස්වෙන ධර්මතාවය ගැන දෙසු දහමේ වෙනස්වීමක් කිසිම දිනක සිදුවන්නේ නැති බැවිනි. බෞද්ධ බොහෝ රටවලට වී ඇති දෙය බෞද්ධ අප බුද්ධිමත්ව බලා සියල්ලන් එකාමෙන් සමගියෙන් එක ආකල්පයකින් අප රටට වෙන්නට යන දෙය දෙස බැලිය යුතුය. ලංකාදීපයේ පළකරන මෙවැනි ප්‍රවෘත්ති ඇගයිය යුතුයි. (නි)
දුෂ්කර පළාත්වල පන්සල් වැහිලා යනවා. වස් කාලය එළඹෙන්න පෙර එම ගම්වල වස් වැසීම සඳහා භික්ෂුන් පිරිසක් සංවිධානය කරගන්න. මෙහෙම තමයි බුදුන් භික්ෂූන් සමඟ ගම් නියම්ගම් වලට ගිහින් ධර්මය ප්‍රචාරය කළේ (නි)
ලංකාවේ බෞද්ධයෝ නිදාගෙන සිටියා ඇති (නදී)
ඇත්තටම මේ අය තමන්ගේ දරුවන්ට මුහුණ දෙන්නේ කොහොමද ? (අ)
දළදා මාලිගාව ඉදිරිපිට රේස් පදිද්දී ,දළදා මාලිගාවේ මැණික් වියන සොරා ගනිද්දී, කව්තුකාගාරයේ කඩු ඇතුළු පුරා වස්තු සොරා ගනිද්දී,කුඩු,කැසිනෝ,ස්ත්‍රී දුෂණ,මංකොල්ල කෑම,පැහැර ගැනීම් වලින් රට ජාතිය,ආගම විනාශ වෙද්දී කසාය බීපු ගොළුවෝ වගේ බලාගෙන ඉන්න මේ පිරිස් කරන්නේ නිමල බුදු දහම විනාශ කර එයට අන්තගාමී ස්වරුපයක් ආරෝපණය කිරීමයි.(නදී)
මේකට එකතු වන්නෙ කොහොමද. (අ)
හාමුදුරුවනේ, ඉවසීමෙන් කටයුතු කරන්න (නි)
හාමුදුරුවො එතනට යන්න හේතුව නොදැන එක එක ඒවා කියලා තේරුමක් නැහැ නේද? (නි)
මේ රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය කුඩු වැනි දේ වලින් රැක ගැනීමට පියවරයක් ගත යුතුයි. (නි)
බුදු සසුන බැබළේවා! (නි)
නියමයි! හාමුදුරුවනට සියලු ශක්තිය ලැබේවා! බුදු දහම රැකුනොත් විතරයි ශීු ලංකාව රැකෙන්නේ (නි)
තේජාන්විත, මොකද්ද ඔබ අදහස් කරන්නේ? අපිට පැහැදිලි කරන්න කරුණාකරලා. (නි)
කාරිය කරන්න ඕනෑ බලධාරීන් නිදිද? මෙහෙමවත් ශාසනය රැකගන්න බලමු හැමෝම එකතුවෙලා (නි)
බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ මොනවාද කියලා අපිටත් කියන්නකෝ (නි)
ඕක තමයි කියන්නේ දහම පවා අනිත්‍යයි කියලා. බෞද්ධයෝම බුදුදහමට පටහැනි දෙයට පෙලඹෙනවා (නි)
රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසදුම් ලබාදිය යුතුව ඇත. ඇයි එය පැහැර හරින්නේ? (නි)
අපේ හාමුදුරුවනේ, පුලුවන්නම් හෙරොයින් කුඩු නිසා රටට වෙන වින්නැහිය ගැන කතා කරන්නකෝ. රටේ බහුතරය ඉන්නේ මත් මරගාතේ (නි)
බුදු දහම ආරක්ෂා කොට සුරකින බව ව්‍යවස්ථාවෙන්ම සම්මත උන රටක බුදු පුතුන් වඩිති ලේකම්වරු අභියසට. දේශපාලුවන් කරන නිග්‍රහය (නදී)
මොනවද දැන් මේ හාමුදුරුවරුන් ඉල්ලන්නේ? (නි)
අනේ මෙහෙමත් රටක් කියලා හිතුණා (නි)
රටක නීතිය අතට අරගෙන වාගේ කටයුතු කරන එක මම අනුමත කරන්නේ නැහැ. (නි)
අපේ හාමුදුරුවනේ, මමත් බෞද්ධයෙක්. මම හිතන විදියට බුද්ධාගම රැකගන්න හාමුදුරුවෝ ඔහොම උද්ඝෝෂණ කළාටම බැහැ.ගම් වලට ගිහිල්ලා අසරණ මිනිසුන්ට පිහිට වෙන්න. උපකාර කරන්න. එතකොට කිසිම බලවේගයකට බැහැ අපේ බෞද්ධකම නැතිකරන්න (නි)