මුදල් ඇමැති රවීට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද (15) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
විශ්වාසභංග යෝජනාවේ දක්වා ඇති කරුණු සත්‍යද අසත්‍යද යන්න පරීක්ෂාකර බලා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස එම තේරීම් කාරක සභාවට උපදෙස් දෙන ලෙසද අගමැතිවරයා කීවේය.
පසුගිය රජයෙන් අධ්‍යාපනයට කරන ලද යම් විෂමතාවයක් සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට හෝ හිටපු ජනපති මහින්ද රාජක්ෂට චෝදනා එල්ල වී සනාථ වුවහොත් ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් ද යනුවෙන් ද අගමැතිවරයා විමසීය.
මුදල් ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදය සඳහා දිනයක් ලබාදෙන්නැයි වාසුදේව නානායක්කාර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අගමැතිවරයා එසේ පිළිතුරු දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවීට එරෙහි විශ්වාස භංගයට තේරීම් කාරක සභාවක් ඉල්ලයි
දහම් Tuesday, 15 December 2015 12:25 PM
අනේ අනේ අනේ අනේ - (හේ)
ඉෂි Tuesday, 15 December 2015 08:06 AM
මේක ඔබතුමා විපක්ෂයේ ඉන්න කාලෙදිත් දාපු නීතිය නේද? (ම)
රසින්ත Tuesday, 15 December 2015 08:42 AM
රනිල් මහත්තයා කවදත් සාකච්ජාවෙන් ,නිත්‍යනුකුලව ප්‍රශ්න විසදපු පුද්ගලයෙක්.(ම)