මුදල් ඇමැති රවීට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණුවල සත්‍ය අසත්‍යතාව සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද (15) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
විශ්වාසභංග යෝජනාවේ දක්වා ඇති කරුණු සත්‍යද අසත්‍යද යන්න පරීක්ෂාකර බලා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස එම තේරීම් කාරක සභාවට උපදෙස් දෙන ලෙසද අගමැතිවරයා කීවේය.
පසුගිය රජයෙන් අධ්‍යාපනයට කරන ලද යම් විෂමතාවයක් සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට හෝ හිටපු ජනපති මහින්ද රාජක්ෂට චෝදනා එල්ල වී සනාථ වුවහොත් ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් ද යනුවෙන් ද අගමැතිවරයා විමසීය.
මුදල් ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදය සඳහා දිනයක් ලබාදෙන්නැයි වාසුදේව නානායක්කාර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අගමැතිවරයා එසේ පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ අනේ අනේ - (හේ)
මේක ඔබතුමා විපක්ෂයේ ඉන්න කාලෙදිත් දාපු නීතිය නේද? (ම)
රනිල් මහත්තයා කවදත් සාකච්ජාවෙන් ,නිත්‍යනුකුලව ප්‍රශ්න විසදපු පුද්ගලයෙක්.(ම)