IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රවීගේ අයවැය ගලේ කෙටූ අකුරක් නොවේලු

තමා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වෙනස් කළ නොහැකි ගලේ කෙටූ අකුරක් වැනි එකක් නොවේ යැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බන්දුල ගුණවර්ධන මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා අන්තවාදී නොවන, නම්‍යශීලී පියවරක් අනුගමනය කරමින් අයවැය සකස් කරන බවත් සංවර්ධනයට වෙන් කළ මුදල් අඩු නොකරන බවත් සහනාධාර අඩු නොකරන බවත් කීවේය. වෛද්‍යවරුන්ගේ සංගමය මෝටර් රථ බලපත් ඉල්ලනවානම් රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදල් වලින් ඒවා ලබාදිය හැකි බවත් මුදල් ඇමැතිවරයා පැවසීය.



අදහස් (0)

රවීගේ අයවැය ගලේ කෙටූ අකුරක් නොවේලු

ඇසළ Wednesday, 16 December 2015 11:50 AM

තව ඉදිරියටත් අය වැය වෙනස් වෙනවා.(හේ)

:       0       0

රංග Wednesday, 16 December 2015 11:52 AM

නොමේරු ළදරුවන් නොඉපදේවා (ම)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 16 December 2015 12:32 PM

රවී , හැමදාම අතීතේ ගැන කියවන්නද මුන්ට ජනතාව ඡන්දෙ දුන්නේ? (බ)

:       0       0

ගයාන් දිසානායක Wednesday, 16 December 2015 12:46 PM

වසර ගාණක් එක් පුද්ගලයෙකු රැ 450000 ක ලෝකයාට ණය කාරයෝ කරපු ආර්ථිකයක් එක අයවැයකින් ගොඩදාන්න පුලුවන්ද (බ)

:       0       0

රාධා Wednesday, 16 December 2015 02:42 PM

අපේ රටේ අයවැය තියා මොකවත් හරියට කරන්න බැහැ. හැමෝම නිකන් ලැබෙන දේවල් බලාපොරොත්තු වෙනවා .පසුගිය කාලේ පොදු මුදල් වලින් ත්‍රී වීලර් සඳහා මීටර් සවිකිරීමට දේශපාලකයින් යොදාගත්තා . අපනයන ගැන නොසිතන ලොකු වාහන ආනයනයට සහන ඉල්ලන අය සිටින රටක් .කොටින්ම කියතොත් ගුවන් විදුලිය අහන්නේ සල්ලි දෙනවානම් තමයි .පසුගියදා නිමි ඇඳුම් ගෙන්වීමටත් සහන ඉල්ලා පෙළපාලි ගියා. මෙහි සිටින සන්නාලියන් ගැන නොසිතන අය නේද මේ පෙළපාලි යන්නේ. (බ)

:       0       0

සුමිත් Wednesday, 16 December 2015 09:09 AM

එසේ නම් පාර්ලිමේන්තුවත් ගොඩනැගිලි වියදම් වලින් අඩුකරලා ඇමති සහ මන්ත්‍රීලාට වහන් බලපත් දෙන්න (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 16 December 2015 09:10 AM

සතොස විනාස කරපු අයට රජ්‍ය සේවකයන් ඔය වගේ මට්ටු කරන්න කිසිම අයිතියක් නැහැ. (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 16 December 2015 09:16 AM

මෙදා පාර තමයි වැරදුණේ (බ)

:       0       0

චාමර Wednesday, 16 December 2015 09:22 AM

එහෙනම් දියපිට ඇඳි ඉරක්ද? (බ)

:       0       0

ජයවික්‍රම Wednesday, 16 December 2015 09:27 AM

පව් අප්පා...(බ)

:       0       0

රවී Wednesday, 16 December 2015 09:36 AM

ඔයිට වඩා රට කාපු අය හිටිය පහුගිය කාලේ ...ප්‍රසන්න නිදා ගෙනද උන්නේ? (බ)

:       0       0

ජයන්ත Wednesday, 16 December 2015 09:39 AM

අය වැය වත් හරියට හදා ගන්න බැරි මිනිස්සු කොහොමද රට පාලනය කරන්නේ? අනේ අපේ රටට ගිය කල (බ)

:       0       0

දුමින්ද Wednesday, 16 December 2015 09:57 AM

දිය පිට ඇඳි ඉරක්ද ? (ම)

:       0       0

ස්ටැන්ලි Wednesday, 16 December 2015 10:51 AM

අය වැයක් යනු රජයකට සහ රටකට ඉතා වැදගත්වන එහි කෙටිකාලීන හා දිගුකාලීන මූල්‍ය කළමනාකරණ වැඩ පිළිවෙලක්. රජයක ගෞරවාන්විත භාවය හැකියාව ඉන් පෙන්නුම් වෙනවා. නමුත් මේ අය වැය රජය ගෙනාපු එකක් නෙවෙයි වගේ . මුදල් ඇමති තුමා පෞද්ගලික අය වැයක් ගෙනාව වාගේ. එයා ගෙනාපු අය වැය යෝජනා අගමැති තුමා සංශෝධනය කරනවා. ජනාධිපතිතුමාත් සංශෝධනය කරනවා. එකිනෙකා නොදන්නවා වාගේ. ඉදිරි දින කීපයේ තව මොනවා සංශෝධනය වේවිද දන්නේ නෑ (බ)

:       0       0

රොෂාන් Wednesday, 16 December 2015 10:47 AM

ඔහෙලා වගේ මොලේ නෑති උදවිය නිස තමයි මේ රට දියුණු කරන්න බෑරි හෑමදාම ලෝකයාට ණය වෙන්නෙත් (බ)

:       0       0

ජයරත්න Wednesday, 16 December 2015 10:54 AM

මට නම් පේන්නෙ මඩේ හිටවපු ඉන්නක් වගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site