තමා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වෙනස් කළ නොහැකි ගලේ කෙටූ අකුරක් වැනි එකක් නොවේ යැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බන්දුල ගුණවර්ධන මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා අන්තවාදී නොවන, නම්‍යශීලී පියවරක් අනුගමනය කරමින් අයවැය සකස් කරන බවත් සංවර්ධනයට වෙන් කළ මුදල් අඩු නොකරන බවත් සහනාධාර අඩු නොකරන බවත් කීවේය. වෛද්‍යවරුන්ගේ සංගමය මෝටර් රථ බලපත් ඉල්ලනවානම් රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදල් වලින් ඒවා ලබාදිය හැකි බවත් මුදල් ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉදිරියටත් අය වැය වෙනස් වෙනවා.(හේ)
නොමේරු ළදරුවන් නොඉපදේවා (ම)
රවී , හැමදාම අතීතේ ගැන කියවන්නද මුන්ට ජනතාව ඡන්දෙ දුන්නේ? (බ)
වසර ගාණක් එක් පුද්ගලයෙකු රැ 450000 ක ලෝකයාට ණය කාරයෝ කරපු ආර්ථිකයක් එක අයවැයකින් ගොඩදාන්න පුලුවන්ද (බ)
අපේ රටේ අයවැය තියා මොකවත් හරියට කරන්න බැහැ. හැමෝම නිකන් ලැබෙන දේවල් බලාපොරොත්තු වෙනවා .පසුගිය කාලේ පොදු මුදල් වලින් ත්‍රී වීලර් සඳහා මීටර් සවිකිරීමට දේශපාලකයින් යොදාගත්තා . අපනයන ගැන නොසිතන ලොකු වාහන ආනයනයට සහන ඉල්ලන අය සිටින රටක් .කොටින්ම කියතොත් ගුවන් විදුලිය අහන්නේ සල්ලි දෙනවානම් තමයි .පසුගියදා නිමි ඇඳුම් ගෙන්වීමටත් සහන ඉල්ලා පෙළපාලි ගියා. මෙහි සිටින සන්නාලියන් ගැන නොසිතන අය නේද මේ පෙළපාලි යන්නේ. (බ)
එසේ නම් පාර්ලිමේන්තුවත් ගොඩනැගිලි වියදම් වලින් අඩුකරලා ඇමති සහ මන්ත්‍රීලාට වහන් බලපත් දෙන්න (අ)
සතොස විනාස කරපු අයට රජ්‍ය සේවකයන් ඔය වගේ මට්ටු කරන්න කිසිම අයිතියක් නැහැ. (අ)
මෙදා පාර තමයි වැරදුණේ (බ)
එහෙනම් දියපිට ඇඳි ඉරක්ද? (බ)
පව් අප්පා...(බ)
ඔයිට වඩා රට කාපු අය හිටිය පහුගිය කාලේ ...ප්‍රසන්න නිදා ගෙනද උන්නේ? (බ)
අය වැය වත් හරියට හදා ගන්න බැරි මිනිස්සු කොහොමද රට පාලනය කරන්නේ? අනේ අපේ රටට ගිය කල (බ)
දිය පිට ඇඳි ඉරක්ද ? (ම)
අය වැයක් යනු රජයකට සහ රටකට ඉතා වැදගත්වන එහි කෙටිකාලීන හා දිගුකාලීන මූල්‍ය කළමනාකරණ වැඩ පිළිවෙලක්. රජයක ගෞරවාන්විත භාවය හැකියාව ඉන් පෙන්නුම් වෙනවා. නමුත් මේ අය වැය රජය ගෙනාපු එකක් නෙවෙයි වගේ . මුදල් ඇමති තුමා පෞද්ගලික අය වැයක් ගෙනාව වාගේ. එයා ගෙනාපු අය වැය යෝජනා අගමැති තුමා සංශෝධනය කරනවා. ජනාධිපතිතුමාත් සංශෝධනය කරනවා. එකිනෙකා නොදන්නවා වාගේ. ඉදිරි දින කීපයේ තව මොනවා සංශෝධනය වේවිද දන්නේ නෑ (බ)
ඔහෙලා වගේ මොලේ නෑති උදවිය නිස තමයි මේ රට දියුණු කරන්න බෑරි හෑමදාම ලෝකයාට ණය වෙන්නෙත් (බ)
මට නම් පේන්නෙ මඩේ හිටවපු ඉන්නක් වගේ. (බ)