කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් ගිය 250 ක් 300 ක් පමණ පිරිස දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.
රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ කටයුතු වල යෙදී සිටි අවස්ථාවේදී රවී කරුණානායක මහතා කොටහේන දෙසට ගොස් ඇති බවත් අනෙක් පිරිස පත්‍රිකා බෙදමින් බ්ලූමැන්ඩල් මාර්ගය දිගේ ආමර් වීදිය දෙසට පැමිණි බවත් එහි සිටි අය කියති. එසේ පැමිණි පිරිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.
වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ පිරිස් එම ස්ථානයේ ඇද වැටීමෙන් පසු ඔවුන් රෝහල්ගත කළ බවත් රෝහල් ගත කළ එක් කාන්තාවක් මිය ගිය බවත් රෝහල් ආරංචි පවසයි.
වෙඩි තැබූ පිරිස පළා ගොස් ඇති බවත් කියති.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි පොලිසිය පවසයි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙතරම් පහත් තත්වයකට ගෙනා දේශපාලකයන් මේවාට වගකිව යුතුයි. බලය ලබා ගැනීම සඳහා මෙතරම් නින්දිත තත්ත්වයකට පත්වීම කණගාටුවට කරුණකි. මේ විදියට ලබා ගැනීමට උත්සාහ කරන බලය, රටට ජනතාවට සේවය කිරීමටය කීම ඇත්තෙන්ම විහිළුවකි. (නි)
මට නම් මේක සැකයි.මොකද මේ මනාප දේශපාලනයේ අනුකම්පාවට තිබෙන ඉල්ලුම දැක්කම සමහරුන්ට මෙගා ටෙලි නාට්‍ය හදන්න හිතෙනවා.ඉතිහාසය පුරා අපි එහෙම ටෙලි නාට්‍ය දැකලා තියෙනවා (නි)
ජාතික ආරක්ෂාව අනතුරේ කියන කතාව ඇත්තක්ද ? (නදී)
අත් පත්‍රිකා බෙදීම නීතියෙනුත් තහනම් කර තිබියදී එයට යොමුවීම වැරදියි නේද? (නි)
මේක කරේ කොහොමද මහා දවල්.. රටේ ආරක්ෂාව නැද්ද, ඉක්මනට මේක කරපු අය හොයා ගන්න ඕනි..(හේ)
මොන දෙයක් බෙදා ගන්න බැරිවද මේ සටන් කරන්නේ.(හේ)
මේ ගැන වහාම පරික්ෂණයක් කරන්න.(හේ)