සති කිහිපකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක අන්තර්ජාතික මූල්‍ය අරමුදල නව දිල්ලියේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගී විය.
වැඩසටහන අවසානයේ ඉන්දියා ආර්ථික අමාත්‍යංශයේ නිලධරයෝ රවී කරුණානායක මහතා සෙවූහ.නමුත් ඔහුව සොයාගැනීමට නොහැකිවිය.
සියලුදෙනාම කලබලයට පත්වූහ.රටක අමාත්‍යවරයකු අතුරුදන්වීම යනු සුළුකොට තැකිය හැක්කක් නොවේ.
නමුත් පසුව අනාවරණය වූයේ රවී කරුණානායක ඉන්දියාවේ තම සගයා වන එරට මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතව සිට ඇති බවය.ඔහු එම සාකච්ඡාවට ගොස් ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන වීමත් සමගම බවද හෙළි විය.
කෙසේවුවත් මෙම හමුව පැවැත්වුණු බව නිල වශයෙන් තහවුරු කෙරෙන තොරතුරු හෝ ඡායාරූප හෝ කිසිවක් නොමැත.එය රහසිගතව පැවැත්වී ඇති බවක් සැකකළ හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන වුණාට පස්සේ එයා කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැනේ. නමුත් මෙහිදී පෙනෙන්නේ ඉන්දීය නිලධාරීන්ගේත්, ආරක්ෂක අංශවලත් ඇති දුර්වලකමය (නි)
මොන තරම් රට විනාශ කරන පුද්ගලයෙක්ද කියල දැන ගන්න පුළුවන් වුනේ අපි පිට රට ඉන්න හින්දා දැන් මේ මිනිහ මුළු රටම පවා දෙනවා (බ)
මසාජ් එකක් දාගන්න යන්න හොඳම අවස්ථාවනේ ? (බ)
ඇයි ඉන්දියාවට ඔච්චර බය? ඔව් ටිකක් බයයි වැසිකිලි උවමන නැහැ කියන උපදෙස අවොත්? එකත් අපේ අය බාරගනීවී සංහිදියාව අතිකොරන්න. (අ)
කවදාද කොළ හෝ නිල් ආණ්ඩුවක ප්‍රසිද්ධියේ කරන සැළසුම්, සාකච්ඡා තිබුණේ? කොහෙවත් යන කෝටිපතියෝ හරි විදේශිකයෝ හරි ටිකක් එකතු කරගෙන හොරෙන් ප්ලෑන් ගහලා අන්තිමේදී ජනතාවගේ ඔළුවට දාන එක නෙමෙයිද කළේ? (නි)
නිම්මි, නොදන්නා දේවල් ගැන අදහස් පළනොකර අපි වාගේ නිහඬව ඉන්න.ඔයා දන්නවා නම් වෙනසක් තියෙන අයවැයක් හදලා පෙන්වන්නකො. (නි)
ඇයි ඉන්දියාවට ඔච්චර බය? (නි)
මිලානෝ පැමිණි ඉස්සර රත්තරන් ඇමැති කෙනෙක් සහ ලේන්සු දේශපාලකයෙක් ආව ගිය තැන් අපිත් එක්ක කියන්නේ ඒවාට අරන් ගිය අයම තමයි. කවුරුත් ප්‍රමාණයට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ. (බ)
කාටවත් දැන ගන්න බැරි විදියට කතාකරන්න දේවල් තියෙන්න ඇති .කොහොමත් මෙයාල ඉන්දියාව කියන දේවල් නේ දැන් කරන්නේ. (බ)
අනේ ජනක පොඩි ළමයෙකුත් ඔයිට වැඩිය හොඳයි. අනිත් එක මම දැම්මේ මගේ අදහස. ඔයා නිකම් කඩේ නොයා ඉන්න. අය වැය ඔච්චර හොද නම් මොකද ඒ දවස් වල ඔක්කොම පාරේ හිටියේ? (කෞ)
හොර සාකච්ඡාවකට ගිහින්ද?(හේ)
දෙවියනේ ඉන්දියාව උපදෙස් ගන්නවාද (බ)
හිටියා කියලත් වැඩි වෙනසක් නැහැනේ. එයා අයවැය හදන හැටි හිතනවා ඇති කොහෙටෙහරි වෙලා. (නි)
මං බය වුණා සුදු වෑන් සංස්කෘතියක්වත් ඉන්දියාවටත් බෝවෙලාද කියලා. (නි)
මොකක්ද හොර මෙහෙයුම.(හේ)
මම හිතන්නේ අර මොකක්ද ගිවිසුම හදන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න යන්න ඇති.(ම)
සතොසක් තියෙනවාද කියලා සොයන්න යන්න ඇති (නි)