කථානායක චමල් රාජපක්ෂ මහතා අද රැස්වීමේ මුලසුන හොබවමින් වැඩකටයුතු කරගෙන යද්දී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කථා කරමින් පැවසූයේ පෙරදින රාත්‍රියේ පාර්ලිමේන්තුවේ ගත කළ මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු මහ ලේකම් හොඳට සැලකූ බවයි. ඒ වන විට බිම වාඩිවී සිටි මන්ත්‍රීවරු ආසනවල වාඩිවී සිටියහ. මුලසුනට පැමිණෙමින් කථානායක පැවසුයේ ‘ඔය සැප පහසු ආසනවල වාඩිවන ලෙසයි‘
ආහාර පාන පහසුකම් සලසා දුන් බවයි. මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියා සිටියේ තවත් දෑ තිබූ බවයි. එයින් යළිත් විපක්ෂ මන්ත්‍රීවරු කලබලවී එම ප්‍රකාශයට විරෝධය පළ කළහ.
ඔහු කී එම වචන දෙක ඉල්ලා අස් කර ගන්නැයි ඉන් පසුව විපක්ෂ මන්ත්‍රීවරු කීහ.ඒ වචන හැන්සාඩ් හැන්සාඩ් වාර්තාවේ නැති හෙයින් ඉල්ලා අස් කර ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවන බව කතානායක කීවේය. මාධ්‍යවේදීන්ට ඒ වචන ඇසුනා නම් තම වාර්තාවලින් එය ඉවත් කරන්නැයි කතානායක නියෝග කළේය.
යළි මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. මන්ත්‍රීවරු යළි සභා මැදට ගොස් බිම වාඩිවූහ. ඔවුන් එසේ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවීම අවලංගු කරන ලෙස බලකරමිනි. සභාව කල් තැබූ කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටේ මහජන නියෝගිතයන්ගේ තරම මේවගේ නියෝජිතයන්ව පත් කරපු ජනතාවට සොරි (බ)
මැතිවරණයක් ප්‍රකාශ කළාට පසු මහින්දත් ජනාධිපති අපේක්ෂකයෙක් පමණි . ඇමැතිලව පත් කරන්න බලයක් නෑ (බ)
දැන්නම් පාර්ලිමේන්තුව විසුරුවන්න හොදම වෙලාව. මේ මොන නාඩගමක්ද? මේවා බලන්නද රටවැසියෝ ඡන්ද දුන්නේ. (බ)
මම මේ නොදන්නා නිසි අහන්නේ , බලයේ සිටියත් ජනාදිපතිවරනයට අපේක්ෂකයෙකු වසයෙන් නාම් යෝජනා බාරදුන්න පසු , එවැනි අපේක්ෂකයෙකුට,තවත් අයෙකුට යම් ප්‍රදානයක් අල්ලස් පනත අනුව කල හැකිද? එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙන් ප්‍රකාස ගැනීමට මුලින්ම එතුමාගේ ගෙදර ගියා නම් හිටපු ජනාදධිපති තුමෙගේත් ගෙදරට යා නොහැකිද/? (ස)
හරි විදියට කතානායක කල යුත්තේ මේ විදියට කලබල කරන අයට පාර්ලිමේන්තුව සතියකට හෝ දෙකකට තහනම් කිරීමයි. මම කිව්වේ වෙනත් රටවල වෙන විදියක්. (ස)
බෝතල් තිබ්බේ නැත්නම් එ්ක ලොකුම ලොකු බොරුවක් .අපි දන්නේ නැද්ද මේ අය්යලගේ හැටී. (ස)
පාර්ලිමේන්තු සබා වාරය අවසන් වුවාට පසු එහි වායුසමන යන්ත්‍ර නවතා, විදුලි පහන් නිවා, සබාගැබෙහි දොරවල් වැසුවා නම් ඔය උද්ඝෝෂකයෝ කවුරුවත් රැඳෙන එකක් නැහැ. (නි)
කොලු වැඩ වයසට හොඳද. (ර)
සත්‍යපාල මහත්තයෝ එතකොට වතුර කපන්නේ නැතිද (අ)