IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රවී කරුණානායක දෙබරෙට ගල් ගහයි

කථානායක චමල් රාජපක්ෂ මහතා අද රැස්වීමේ මුලසුන හොබවමින් වැඩකටයුතු කරගෙන යද්දී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කථා කරමින් පැවසූයේ පෙරදින රාත්‍රියේ පාර්ලිමේන්තුවේ ගත කළ මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු මහ ලේකම් හොඳට සැලකූ බවයි. ඒ වන විට බිම වාඩිවී සිටි මන්ත්‍රීවරු ආසනවල වාඩිවී සිටියහ. මුලසුනට පැමිණෙමින් කථානායක පැවසුයේ ‘ඔය සැප පහසු ආසනවල වාඩිවන ලෙසයි‘

ආහාර පාන පහසුකම් සලසා දුන් බවයි. මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියා සිටියේ  තවත් දෑ තිබූ බවයි. එයින් යළිත් විපක්ෂ මන්ත්‍රීවරු කලබලවී එම ප්‍රකාශයට විරෝධය පළ කළහ.

ඔහු කී එම වචන දෙක ඉල්ලා අස් කර ගන්නැයි ඉන් පසුව විපක්ෂ මන්ත්‍රීවරු කීහ.ඒ වචන හැන්සාඩ් හැන්සාඩ් වාර්තාවේ නැති හෙයින් ඉල්ලා අස් කර ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවන බව කතානායක කීවේය.  මාධ්‍යවේදීන්ට ඒ වචන ඇසුනා නම් තම වාර්තාවලින් එය ඉවත් කරන්නැයි කතානායක නියෝග කළේය.

යළි මන්ත්‍රීවරු කෑකෝ ගසන්නට වූහ. මන්ත්‍රීවරු යළි සභා මැදට ගොස් බිම වාඩිවූහ. ඔවුන් එසේ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවීම අවලංගු කරන ලෙස බලකරමිනි. සභාව කල් තැබූ කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.

 

 



අදහස් (0)

රවී කරුණානායක දෙබරෙට ගල් ගහයි

ශර්ලි කුරේරා Tuesday, 21 April 2015 09:16 AM

අනේ අපේ රටේ මහජන නියෝගිතයන්ගේ තරම මේවගේ නියෝජිතයන්ව පත් කරපු ජනතාවට සොරි (බ)

:       0       0

ජගත් Tuesday, 21 April 2015 09:19 AM

මැතිවරණයක් ප්‍රකාශ කළාට පසු මහින්දත් ජනාධිපති අපේක්ෂකයෙක් පමණි . ඇමැතිලව පත් කරන්න බලයක් නෑ (බ)

:       0       0

පද්මිණී Tuesday, 21 April 2015 09:24 AM

දැන්නම් පාර්ලිමේන්තුව විසුරුවන්න හොදම වෙලාව. මේ මොන නාඩගමක්ද? මේවා බලන්නද රටවැසියෝ ඡන්ද දුන්නේ. (බ)

:       0       0

නිමල් ලලිත Tuesday, 21 April 2015 11:21 AM

මම මේ නොදන්නා නිසි අහන්නේ , බලයේ සිටියත් ජනාදිපතිවරනයට අපේක්ෂකයෙකු වසයෙන් නාම් යෝජනා බාරදුන්න පසු , එවැනි අපේක්ෂකයෙකුට,තවත් අයෙකුට යම් ප්‍රදානයක් අල්ලස් පනත අනුව කල හැකිද? එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙන් ප්‍රකාස ගැනීමට මුලින්ම එතුමාගේ ගෙදර ගියා නම් හිටපු ජනාදධිපති තුමෙගේත් ගෙදරට යා නොහැකිද/? (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 21 April 2015 06:02 AM

හරි විදියට කතානායක කල යුත්තේ මේ විදියට කලබල කරන අයට පාර්ලිමේන්තුව සතියකට හෝ දෙකකට තහනම් කිරීමයි. මම කිව්වේ වෙනත් රටවල වෙන විදියක්. (ස)

:       0       0

රවී Tuesday, 21 April 2015 06:25 AM

බෝතල් තිබ්බේ නැත්නම් එ්ක ලොකුම ලොකු බොරුවක් .අපි දන්නේ නැද්ද මේ අය්යලගේ හැටී. (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 21 April 2015 07:17 AM

පාර්ලිමේන්තු සබා වාරය අවසන් වුවාට පසු එහි වායුසමන යන්ත්‍ර නවතා, විදුලි පහන් නිවා, සබාගැබෙහි දොරවල් වැසුවා නම් ඔය උද්ඝෝෂකයෝ කවුරුවත් රැ‍ඳෙන එකක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 07:32 AM

කොලු වැඩ වයසට හොඳද. (ර)

:       0       0

ගාමා Tuesday, 21 April 2015 07:56 AM

සත්‍යපාල මහත්තයෝ එතකොට වතුර කපන්නේ නැතිද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site