2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය මෙයයි.
2015 වසරේ බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හවුල් රජයේ දෙවැනි අයවැය ද මෙයවේ.
(ජායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )
(ජායාරූප - ශාන්ත රත්නායක)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳක් නම් නොවේවා, අපිට බදු ගහනවට! (නි)
රවීගේ හිනාවෙන් පෙනෙන්නේ වෙන කවුරුන් හෝ හදපු අයවැයක් ඔහු අරගෙන එනවා වගේ (නි)
මහලොකුවට ගෙනාවට ඔය බෑග් එකේ වැඩකට ගතහැකි කිසිවක් නැති බව අපි දන්නවා. (නි)
අයවැය කියවනවා මමත් බලාගෙන හිටියා. මට නම් මොකුත් තේරුනේ නැහැ. එක්කෝ මට සිංහල බැහැ. නැත්නම් මුදල් ඇමතිට සිංහල බැහැ. සමහර වාක්‍යවල කොටස් නැහැ. අදහසක් එන්නෙම නැහැ. අනේ මන්දා? නොතේරුන එකම හොඳයිද මන්දා? (නි)
නිහාල් හරි. මටත් හිතෙනවා වෙන කෙනෙක් හදන්න ඇති කියලා (නි)
අයවැයෙන් කළ යුත්තේ රට ඉදිරියට ගෙනයමයි .රට ඉදිරියට ගෙනයන විද්වතෙකුගේ බැරෑරුම් පෙනුමක් මේ කිසි අයෙක් තුළ නොමැත.කුට්ටම් බත් උයන රංචුවක් වගේ .(අ)
ඔය ඉතින් ලොකුවට අරගෙන ආවට අන්තිමට ඕකෙන් කීයද ඉතුරු වෙන්නේ. ඔක්කොම ටික සංශෝධනය කරනවනේ. බොරුවට ඕක අහගෙන ඉදල වැඩක් නැහැ (බ)
ජය වේවා !!! (බ)
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන හැමදාම පරදින ජනතාවටයි.. නැතුව හැමදාම දිනන අයවැය ඉදිරිපත් කරන එවුන්ට නෙමෙයි. (අ)
අයවැය යෝජනාවලින් ජනතාවට ඇති වැඩේ මොකක්ද ගන්න පඩිය මාසේ වියදමට මදිනම්. (අ)
මේ අයවැයෙන් සතුටු වෙන එකම කොට්ටසේ ට්‍රැෆික් රාළහාමිලා විතරයි කියලයි පේන්න තියෙන්නේ! (ම)
එතකොට රැකියාවක් අහිමි, අදායමක් නැති සහ වයෝවෘද්ද අයට මොකක්ද වෙන්නේ ජිවිතයෙන් අයින් වෙන්නද ? (අ)
හැමෝම මුදල් ඇමති රවී කරුණානායකට දොස් පවරනවා අයවැය හින්දා. මේ අයවැය රවී කරුණානායකගේ නෙමෙයි, රට කරවන ඇත්තන්ගේ. (නි)