කැලණිය බියගම පාරේ කළු පාලමේ කන්ටේනරයක් ගැටීමෙන් හානියට පත් ඉහළ දුම්රිය මාර්ගය පැය දොළහ හමාරකට පසු අලුත්වැඩියා කර අද (8) පස්වරුවේ දුම්රිය ධාවනයට අවස්ථාව සැලසූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
හානියට පත්වූ පහළ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරගෙන යන බවත් කඩිනමින් එම මාර්ගයද යථා තත්ත්වයට පත්කරන බවත් කියති.
අද පෙරවරුවේ කොළඹට ළඟාවීමට හා කොළඹින් පිටවීමට තිබූ දුම්රිය 20ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ඊට අමතරව කොළඹින් පිටත්වීම නියමිතව තිබූ පොඩි මැණිකේ, උඩරට මැණිකේ, යාල් දේවි ඇතුළු දුරගමන් සේවා දුම්රිය සියල්ලක් පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ධාවනය වූ බවද කියති.
කන්ටේනර් රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අලාභය තක්සේරු කරගෙන යන බව දුම්රිය බලධාරීහු කියති. රියදුරු රක්වානේ පදිංචිකරුවකු බවත් අද අලුයම සිමෙන්ති තොගයක් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වල නම් වාහනේ රක්ෂණ සමාගමට තමයි ඔය වන්දිය ගෙවන්න වෙන්නේ. මනුස්ස ජීවිතයකට හානියක් වෙලා නැත්නම් රියැදුරු ගෙදර යවනවා නොසැළකිල්ලට සහ මාර්ගයේ සලකුණු නොපිළිපැදීමට දඩයක් ගහලා. (නි)
වත්තල ඇවිදින පාර කඩපු අයටත් මේ විදියටම නීතිය වුණා නම් නේද හොඳ? (නි)
අනෙක් අයටත් පාඩමක් වෙන්න නිසි දඬුවම් දෙන්න (නි)
දෙතුන් වතාවක් මෙම අනතුර සිදුවුන නිසා මින් ඉදිරියට මෙවැනි අනතුරු සිදුනොවීමට කටයුතු කිරීමෙන් දේපළ හානිය වළක්වා ගන්නවාසේම මහජනයාට සිදුවන අපහසුතාවයද වළක්වා ගතහැකිය (නි)
පොලිසියට කොහෙන් ගියත් බැණුම්. නීතිය ක්‍රියාත්මක කළොත් පොඩි මිනිහාට තමයි ඔක්කොම නීති කියලා බනිනවා. පාලමක යන්න පුළුවන් උස ප්‍රමාණය තියෙන අනතුරු හැඟවීමක්වත් කියවාගන්න බැරි මිනිස්සු ඉන්න එක පොලිසිය පිටින් යවන්න බැහැ. මෙහෙම බැලුවොත් හැම පාලමක් ගාවටමත් පොලිසියෙන් දාන්න වෙයි (නි)
මෙවැනි සිද්ධියක් මෙල්බන් වල මේ ළඟදි වුණා. සංචාරක බස්රියක් මිටි පාලමක් යටින් යනවිට බස් රථය එහි හිරවුණා. සමහර මඟීන් මුදාගත්තේ බස් රථය කපලා. මෙම සිද්ධිය ගැන ඕස්ට්‍රේලියානු රජය සහ පොලිසිය පවසන්නේ එම රියදුරාගේ අත්වැරැද්දට හෝ නොසැළිමත්කමට ඔහු මෙන්ම එම බස් රථය අයිති සමාගමත් වගකිවයුතු බවයි. මඟීන්ගේ වන්දි සහ මාර්ගයට වුණ අලාභ රක්ෂණ සමාගම් වලින් ගෙව්ව්වත් එම වගකීමෙන් ඔවුන්ට නිදහස් වෙන්න බැහැ. (නි)
නීතිය දැන් නම් අායෙත් ක්‍රියාත්මක වෙනවා වගේ. ශරීර සුවත මාවත කඩපු අයත් අත්අඩංගුවට ගනී මම හිතන්නේ. (නි)
පොලිසිය කියන්නේ හොඳට වගේම නරකට ඉන්න ආයතනයක්. වැඩියම බැනුම් අහන්නෙත් පොලිසිය. මේ සම්බන්ධයෙන් පොලිසිය, ප්‍රවාහන අමාත්‍යංශය වගකිවයුතුයි. බ්රේක් නැති වාහන, ලයිට් නැති වාහන, ප්‍රමිතිය වෙනස් කරපු වාහන , වාහනේට වැඩිය ලොකු බක්කි ගහපු වාහන, රියදුරු බලපත්‍ර නිසි ප්‍රමිතියක් නොවීම, රක්ෂණ ගෙවීම් මඟින් වැරදි කළ රියදුරන්ට දඩුවම් නොමැතිව පලායාමට හැකිවීම ආදිය මුලිකව නිවැරදි කළයුතුය (නි)
පාර තව අඩියක් යටට හාරන්න. වැඩේ ඉවරයි (නි)
ඔය පාලම ළඟ පාර හාරලා පහත්කළා නම් හරි (නි)
මේ පාලමට කලින් ඒ පාලමේම උස මට්ටමට බැරියර් දෙකක් දැම්මා නම් පාලමේ වැදෙන්න කලින් මේ උස වාහන නවත්වාගන්න පුළුවන්. (නි)
තමන්ගේ වාහනේ උස හිතාගන්න බැරි රියදුරෙක්ද මෙයා.(බ)
රියදුරු වැරදිකරු වූ පසු වන්දි ඉල්ලා නඩුවක් ඔහුටත්, වාහන අයිතිකරුටත්, රක්ෂණ සමාගමටත් දැමිය හැකිය. (නි)
අවිනීත රියදුරන්ට කලින් ඉදලම නීතිය ක්‍රියාත්මක නොකිරීමේ. ප්‍රතිපල තමා මේ. මේවට පොලිසිය වග කිව යුතුයි. (බ)