කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ වාණිජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ (රින්ගින් ටෝන්) ලෙස භාවිත කරන විට ද එහි අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරා ගැනීම සඳහා පවත්වන ගීතමය තරගවලදී (රියලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිතා කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක්ද මෙම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ.
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි.. බොහෝ ජනප්‍රිය සහ නවක පුද්ගලයින් දෙස් විදෙස් ප්‍රසංග සහ රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන්වලට ඉතාඉහළ මිලක් අය කරමින් අනුන්ගේ සිංදු කියලා දන්නෑ වගේ ඉන්නවා. ඒ ගීතවල හිමිකරුවන්ගේ නම් කිව්වම හරි කියලා හිතන්නේ. නෑ. හම්බකර ගන්න මුදල් වලින් කොටස් හිමිකරුවන්ට කතෘ භාග ගෙවිය යුතුමයි...
නියමයි. අලුත් සිංදු හැදෙන්නේ ඔහොම වුණාම තමයි. එ්ක හොඳයි..
ඒ කියන්නේ සංගීත පොලිසියක් ඉදිරියේ නිර්මාණයක් පෙන්නලා පගාවක් දීලා අවසර ගන්න අඩිතාලමක් දැමීමක්... ගාස්තු ගෙවන එක හොඳ වැඩක්. එය ගෙවිය යුත්තේ ඔය මහාපරිමාණයෙන් අනුන්ගේ නිර්මාණවලින් සල්ලි හම්බකරන ටී.වී. චැනල් සහ ගුවන් විදුලි නාලිකා විය යුතුයි. පැරණි සංගීතඥයින්ගේ ගීත කෙනෙකුට සිතෙන පරිදි ගායනා කිරීම කිසිවකුට නැවැත්විය නොහැකිය. එසේ නොවුනොත් එය සංගීතයක් වනු නොමැත. එය ෆොටෝකොපි ගැසීමක් පමණක් වනු ඇත. ඉන් නිර්මාණශීලී නව පරපුරක් බිහිවනු නොමැත. අන් අයවලුන්ගේ ගායනා ගැයීමෙන්ද සංගීතය පෝෂණය වනබව වටහා ගත යුතුයි... උදාහරණයක් ලෙස, ජෑස් සංගීතයේ තිබෙන්නේ ප්‍රථම නිර්මාණයේ ඇටසැකිල්ල පමණි. එය පාවිච්චි කරන්නා අනුගත වන්නේ සැකිල්ලට පමණක් වුවද, ගායකයා ගෙන් ගායකයාගේ අනන්‍යතාවය මතුවන්නේ එම සැකිල්ල තුල සිට එය වර්නවත්කරන ස්වර අවකාශය, අසන්නාට ඉදිරිපත්කරන ආකාරය අනුව පමණි. ඉතින් මෙය අපේ සංගීත පොලීසියට වටහා ගත හැකි වේද? නැත.
ජාතික වශයෙන් වැදගත්වන කිසියම් නිර්මාණයක අයිතිය මම හිතන විදියට ඒවා නිර්මාණයය කළ අයවළුන්ට විතරක් නොවේ. සමස්ථ ජාතියටම අයිතියි. ඒ අනුව මේ කියන සිද්ධියට අදාළව ගත්තොත් නිර්මාණකරුවන්ට ගෙවීමක් කරලා වුණත් ඒවායේ වෙනස්කම් කිරීම වැරදියි නේද?
මම මීට 100%ක් එකඟයි. බොහෝ කාලයක පටන් මෙ සිදුවෙනවා.
ඉතාම හොඳ වැඩක්...
ඉතා හොඳයි. නැත්නම් අපට තියෙන සුභාවිත ගීත ටිකත් අලුත් අය විනාශ කරලා දානවා. අයිතිකරු අසරණ වෙලා ඉද්දි, හතු වගේ පිපුණු අය ඒ නිර්මාණවලින් හොඳට හම්බකර ගන්නවා. ඒ විෂමතාවය නතර විය යුතුයි.
කලාකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගත් හොඳම තීරණය..
ඉතාමත් හොඳ තීරණයක්. රියැලටි ප්‍රසංගවලදී පමණක් නොවේ, සංගීත කණ්ඩායම්වලටත් සැබෑ ගීතය වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුයි...
අනේ පිං සිද්ධ වෙයි.., ජාතික අවශ්‍යතාවක් සේ සලකා පොදු මගී ප්‍රවාහන බස්වල නොනවත්වා වාදනය කරන කන්කරච්චල් සංගීතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා...!
හොඳම වැඩේ. සමහර ගායිකාවෝ ඉන්නවා රියලිටි තරඟයේ ගයපු ගීතය කාගේද කියාවත් නොදන්නා. ඒ ගීතවල පිහිටෙන්, කොළඹ ගෙවල් අරන් ළමයින් ජාතික පාසල් වලට දමාගෙන ව්‍යාපාර කරගෙන ඉන්නවා. මුල් ගීතය ගයපු ගායිකාව මග තොටදී දැක්කත්, අඩු ගානේ මුහුණ දීලා වචනයක් කතා කරන්න ගුණයක් නැහැ. අනෙක ගායකයෙකු ගයන ගීත පිරිමි හඬින් ගයන්න ගිහින් සම්පූර්ණයෙන් එහි ගුණාත්මක බව නැසූ තරුණ තරඟකාරියන් අපි දැක්කා. මේවාට තරඟ විනිශ්චයට ගෙන්වන්නේ... කොණ්ඩේ අතපත ගාමින් තරුණකම පෙන්වන්න යන, රූපලාවන්‍ය ශිල්පිනියන්... මේ විහිලු වල කෙළවරක් තියෙන්න ඕනෑ.
කෘතහස්ත ගායිකාවන්ගේ ගීත ගැහැණු හඬින් ගයමින් (කෙඳිරි ගාමින්) ගයන නපුංසක පිරිමින්ටද මෙම තහනම අදාලද? එවන් ගීත ඇසීම වැනි අප්පිරියාවක් මෙලොව තවත් නොමැති බව කවදා වැටහේද? මේ ගීත අසමින් පොදු ප්‍රවාහන සේවාවල ගමන්කිරීමට සිදුවීම කවදා කරපු පවක්ද?