IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රෝයල් චැලෙන්ජර්ස් පිල අවසන් වටයෙන් ඉවතට

ඩෙල් ස්ටේන් ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා, තම අවසන් අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයට සහභාගි වූ ඩෙකැන් චාජර්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 09 කින් පරාජය කරන ලදි. බැංගලෝර් පිල තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලැබිමට නම් නියත ලෙසම ඊයේ (20) හයිද්‍රාබාද්හිදී පැවැති තරගය ජය ලැබිය යුතුව තිබුණද ලද පරාජය නිසා ඔවුන් තරගාවලියේ අවසන් වටයෙන් ඉවත් විය. ඩෙකැන් චාජර්ස් පිල මෙහෙයවන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ලකුණු 15 දැවි ගියයේය. හිටපු ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙහිදී ලකුණු 30 කට කඩුලූ 1 ක් ලබා ගැනිමට සමත් විය. ඩෙකැන් චාජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 132 (කුමාර් සංගක්කාර 15, ජේ. පී. ඩුමිනි 74, විනෙයි කුමාර් 22/3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (කි‍්‍රස් ගේල් නොදැවී 27, විරාට් කෝලි නොදැවී 42, සව්රබ් තිවාරි 30, ඩෙල් ස්ටෙන් 8/3, අශිෂ් රේඞ්ඩි 25/3)



අදහස් (0)

රෝයල් චැලෙන්ජර්ස් පිල අවසන් වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site