මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.
බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීම එම අවස්ථාවේ එහි සිටි අයකු විසින් රූගත කර අන්තර්ජාලයටද මුදා හැර තිබුණි.
(වීඩියෝ යූ ටියුබ් ඇසුරිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට මහන්න තියෙන්නේ ආයිත් ජීවිතේටම කතා කරන්න බැරි වෙන්න. රියදුරු බලපත්‍රය ජිවිත කාලයටම තහනම් කල යුතුයි. අනිත් කට හැකර ගැනුන්ටත් ආදර්ශයක් වීමට. පොලිසියට මෙහෙම කතා කලා නම් ගෙදර මිනිහට කොහොම කතා කරනවා ඇතිද. අපේ ආචාරය හික්මීමකින් කට යුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට. (ස)
සත්‍යවාදී... ගැහැනු පොලිස් නිළධාරිනියක් කියන්නෙ කාටද? නීති තර්ක දාන්න කලිං හොඳට සිංහල ඉගෙනගෙන එන්න. වෙච්ච සිදුවීම දැක්කද? ඒ කාන්තාවම තමයි වාහනෙන් බැහැල ආවෙ. හැබැයි ලැබුනු තීන්දුවට අපි එකඟයි. මොකද කියනවනම් එහෙම උනේ නැත්නම් ඔය වගේ තුට්ටු දෙකේ එවුං තවත් බුරනව. (ස)
අනේ සාදු සාදු මම නම හරි කැමති පොලිසියේ උන්ට ඔහොම වෙනවට (ස)
ඇය හුරුබුහුටියි. වැඩේ නරකයි. (ස)
ඇත්තටම අපි දැක්කේ නැහැ ඇය කෙසේද දරුවා වාහනයේ රැගෙන ගියේ කියල. උකුලේ තියන් අාවනම් වැරදයි තමයි. පොලිස් නිලධාරී සතු හිස් වැසුම රැගෙන යාමත් වරදක්.එතන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හිටිය නිසා එ්කම ඇති සාක්ෂියට මම හිතන ලෙස. (ස)
ඇය පවසන්නේ සමහර සත්‍යවේ රියදුරු බලපත්‍රය පොලිසිය භාරයට ගෙනිමට තිබෙන නීතිය කොහෙද තිබෙන්නේ කියා පැවසුව මැනවි මෙම කාන්තාව රථයෙන් බැස්සවීමටවත් පොලිසියට හැකියාව ඇත්තේ ගැහැණු පොලිස් නිලධාරිනියකට පමණි (ස)
මෙයා පිස්සන් කොටුවෙන් පැන්න කෙනෙක් වගේ .ඇති රාළහාමිගේ නිල ඇදුම වත් අරගෙන නොගිය එක .(ස)
බිරිඳට නෙවෙයි සැමියාට නම් කන් අඩිය පැලිලා අසනීප ඇති. මේ බවලති එක්ක පවුල් කන්න කන් ඇහෙන සැමියෙකුට නම් බැහැ . වාරියපොලගේ නැන්දාගේ දුවද කොහෙද ?(ම)
ඒ රාළහාමිලාගේ ඉවසීම හරිම පුදුමයි . (හේ)
මේ අයට දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන්න ඕනැ (ම)
අම්මෝ මේ වීඩියෝ එක බලන්න ගිහින් අපේ කන් දෙක බිරි වුණා වගෙයි. මේ පොලිස් නිලධාරින් අනිවාර්යයෙන්ම පසුවදා ඊ එන් ටි දොස්තර කෙනෙක් හමුවෙන්න ඇති. (ම)
ඒ ගැහැණු කෙනා ඇත්තටම හරි .(අ)
හැබැයි ඒ කාන්තාව හොදට කීවා බය නැතිව.. තොපි තමයි හොරුන්ව ආරක්ෂාකරන්නේ..? අපි දන්නවා ඔහෙලගෙ කැරැට්ටුව..? කියල ..සාදු සාදු ..සාදු පොලිසියට ඔහොම වෙලා මදි..? සේරම ..හොරු ..? (ස)
පොඩි මිනිහට පුප්පනවා. ලොකු ලොක්කන්ට දෙකට නැවෙනවා ! මෙහෙම ගැණුන්ට ඉවසන්න හොඳ නෑ පොලිසියටත් නින්දා කරනවා තරාතිරම ලොකු කරගෙන (ම)
පොලිස් නිලදාරීන් දෙදෙනාගේ හැසිරීම ඉවසීම ගැන ස්තුතියි. ගැහැනියගේ හැසිරීම ගැන කුමන කතාද.? (නදී)
සමහරු ගැහැණු කෙනාට බනිනවා , සමහරු පොලිස් නිලධාරින්ට බනිනවා.එහෙත් දැන් ලංකාවේ පොලිසිය තුට්ටු දෙකට ගිහින්. පොලිස් ලොක්කන් පවා ආචාර කරන හිසනමන කුඩුකාරයන්, එතනෝල්කාරයින්, සොරුන් ඉන්නා රටක හරි හෝ වැරදි හෝ කොන්දක් ඇතුව මෙම කාන්තාව කතා කරනවා (නි)
අපි දේශපාලකයින්ට රෑ දවල් බනිනවා ඔවුන් නීතියට ඉහලින් වැජබෙන බව කියමින් එත් මේක හොද නිදසුනක් , පොඩ්ඩක් සල්ලි ලැබෙන කොට , ලොකු කාර් එකක යන්න ගත්තම ලංකාවේ හැම මිනිහම හිතන්නේ තමන් නීතියට උඩින් බව.(ස) පොලිසිය ,මහ පාරේ යන පදිකයා ඔවුන්ට පෙනෙන්නේ තමන්ට වඩා පහත් මිනිසුන් බව . කවදා අපේ මිනිසුන් මේ ගෝත්‍රික හැසිරීමෙන් මිදේවිදෝ
මෙම වීඩියෝව කළ මල්ලිලාට ස්තුතියි. හොඳ ආවරණයක්! බැනුම් ඇහුවාට පොලිස් නිලධාරීන් දෙන්නගේ හැසිරීම හොඳ මට්ටමක තිබෙනවා.සාමාන්‍ය අහිංසක ජනතාවටත් ඇතුළුව සියලු දෙනාටම ඔය වගේ කාරුණික විය හැකි නම් අපිට තියෙන්නේ දියුණු රටක පොලිස් සේවයක්. යුරෝපා රටක සිදුවුණා නම් නම් කාන්තාවගේ වැරදි මත එම වෙලාවේම අත්අඩංගුවට ගන්නවා මාංචු දමා.අප ගරුකළයුතු බියවිය යුතු නීතියට මිස පොලිසියට නොවේ. (නි)
සල්ලි නිසා මුසපත් වූ බි.එම්.ඩබ්ලිව් නිසා හිස උදුම්මාගත් මේ වගේ ගැහැණුන් නිසා නීතියක් සාධාරනයක් කරන්න පොලිසියට ඉඩක් නැහැ. පොලිසියේ වරදක් තිබුනත් ගැහැණියක ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරින්ට කතාකිරීම සම්පුර්ණයෙන් වැරදියි. උපරිම දඬුවම් දිය යුතුයි (නි)
ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන විශාල කණගාටුවකුත්, පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඉවසිම පිළිබඳව විශාල සතුටකුත් ඇති වුණා. මගේ උත්තමාචාරය පොලිස් නිලධාරීන් දෙදෙනාට.(ම)
අපි පොලිසියට බනිනවා තමයි. ඒ වුණාට මේ වගේ ඉවසිලිවන්ත නිලධාරිනුත් කලාතුරකින් ඉන්න බව දැන් අපි දන්නවා.කොහොම වුණත් ඒ කාන්තාව අත්අඩංගුවට ගත් එක හොඳයි (නි)
මම පොලිසියේ වුණා නම් ඔච්චර ඉවසන්නෙ නැහැ (නි)
මම නම් කැමතියි එයා කතාකළ විදියට (නි)
මෙයාගේ ව්‍යාපාර මොනවාද ? (ස)
මෙතුමියට නාම යෝජනා දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙන්නකෝ.. (ස)
මේක බොහොම වැරදි ආදර්ශයක්. තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕනෑ. රටේ ජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා මොකක්ද මේකට දෙන දඬුවම කියලා. අපි විශ්වාස කරනවා මේ රටේ අහිංසක මිනිහටයි, සල්ලි තියන හැම දෙනාටමත් නීතිය එක සමානව ක්‍රියාත්මක වෙයි කියලා. (නි)
යුරෝපයේ නම් මේ වගේ ගැහැනුන්ට ජීවිත කාලයට ම ලයිසන් නැත. (ස)
මේ ගැහැණු කෙනා අනිවාර්යෙන්ම ලංකාවේ, ඉන්දියාවේ ටෙලිනාට්‍ය බලන කෙනෙක් වෙන්න ඇති. අනිත් එක මහත්තයා හොයන සල්ලි වලින් පිනට කකා බිබී ඉන්නවා ඇති.(නදී)
ඔය වගේ ජරා බවලතියෝ කරන වැඩ හරි කියල ප්‍රතිචාර දාන අයත් ඒ වගේම තමයි (නදී)
අනේ මෙහෙම වට්ටි අම්මෙක් ,,,මේ නිලධාරින් දෙදෙනාට අපගේ ආචාරය ,,,,මොවුන් දෙදෙනාට ඉහලින් යම් බලපෑමක් උනොත් ,,එදාට අපත් ඔවුන් සමග ඉන්නවා ,(ස)
පොලිසියේ අය කටයුතු කළ ආකාරය ප්‍රසංශනීයයි. මේ වගේ ලොකු වාහනයක් නැවැත්වීම ලොකු දෙයක්. (හේ)
දුල්මි නියමයි.(හේ)
පිස්සු හැදෙන සඳ කිව්වාලු මෙහෙම ගැණු දැක්කාම (ම)
කාර් එකෙන් ගෑනියෙක් බස්සවන්න කාන්තා නිලධාරිනියක් ඕන නේ නැ. කවුද කියන්නේ ඕන කියලා. එහෙම නීතියක් නැ (ම)
මෙයාට නම් පිස්සුද කොහෙද? පොලිසීය එක දවසක් නිවාඩු දැම්මොත් එහෙම මොකද වෙන්නේ බලන්නකෝ වාහන හැප්පිලා සී සී කඩ යයි.මෙයට දෙන්න ඕන උපරිම දඩුවම් දෙන්න ඕන.පොලිසීයට තියෙනවා බලය බලපත්‍රය ගන්න.(හේ)
අර නිලධාරින්ට මේ බවලතිය කතාකරන විදිහ නම් අන්තිම පහත්. කොහේද දන්නෙ නැහැ ඉගෙනගත්තේ? අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේ පසුගිය පාදඩ දේශපාලන සංස්කෘතියේ අතුරුඵලයි. (නි)
තමුන් දන්නා නීතිය වෙනුවෙන් කතාකරපු ඒ කාන්තාවට මගේ උත්තමාචාරය . (අ)
මෙම තැනැත්තියට නීති මගින් දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න (අ)
ශ්‍රීලංකා පොලිසියට ගරු කරනවා මේ කාර්ය ගැන...තරාතිරම කොහොම වුණත් නිතිය කටත් පොදු වෙන්න ඕනේ.. (අ)
උපරිම දඩුවම් ලබා දිය යුතුයි අන්ති අයටත් පාඩමක් වෙන්න (අ)
ලංකාවේ මෙහෙම උනත් වෙන රටවල මෙහෙම වෙන්නේ නැහැ. පොලිස් නිළධාරින් වැරදි කරනවා ඇති. නමුත් නිතිය ඉදිරියේ හා නිළ ඇදුම් පැලද රාජකාරි කරණ නිළධාරින් හට කථාකරපු විදිහ අන්තිමයි. බී.එම්.ඩබ්ලිව් නෙමෙයි ඊට එහා ගියපු එකක ආවත් නිතිය කාටත් පොදුයි. වාහනේ වටිනාකම වගේම නෝනගේ හැදියාව ගැන රටම ලෝකෙම දැනගත්තා. (නදී)
හැසිරීම ඉතාම අවිනීතයි.
පොලිසියේ අයත් මිනිසුන්ට කතා කරන්න දන්නේ නෑ. එක දවසක් මාව ලීවා මම ඒ වෙලාවේ දාපු තැනින් බයික් එක දාන්න බැහැ කියලා. ඒත් මම පහුවදාම දැක්කා පොලිස් බයික් එකක් එතනින් දැම්මා. අන්තිමට හොයල බලනකොට එතනින් වාහන දාන්න පුළුවන්. ඒත් මට දඩ ගෙවන්න සිදුවුණා කිසිම තේරුමක් නැතුව. මෙයාලට බැනලා මදි. දවසක් මරදානේ පොලිචේ බයික් එකක් ඇතුල්වීම තහනම් කියල තියෙන තැනින් දැම්ම එයාලට යුනිෆෝම් ඇන්දම ඕන දෙයක් පුළුවන්. (ස)
මම දැක්කා මේ ගැනු කෙනාගේ පණ්ඩිත කම. බී.එම්.ඩබ්ලිව්. එකක ආවා කියලා අර පොලිසියේ දෙන්නට බැනපු විදිය. ඇත්තටම ඒ නිලධාරියා මම උනානම් වීඩියෝ කරන්න කියලා කන පලනවා. එතකොට කියන්න සාක්ෂි තියෙනවානේ. (ස)
වාහනේ වටිනාකම වගේම නෝනගේ හැදියාව ගැන රටම ලෝකෙම දැනගත්තා. ගැහැනියගේ හැසිරීම ගැන කුමන කතාද.? පොලිස් නිලදාරීන් දෙදෙනාගේ හැසිරීම ඉවසීම ගැන ස්තුතියි. (ස)
අන්තිම පහත් වැඩක්. පොලිසියේ මහත්වරුන්ගේ වැදගත් හැසිරීම අගය කරනවා. (ස)
සත්‍යවාදී අහල තියෙනේ පොලිසියට තියෙන බලතල නේද මොටර වාහන පනත 135 (4) වගන්තියේ පොලිසේ නිලධාරියෙකුට රියැදුර බල පත්‍රයක් තම බාරයට ගෙන තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන්න බලය තියෙනවා , කාන්තා නිලධාරිනියක් ඕන කාන්තාවක් පරික්ෂ කරන්න පමණි. (අපරාද නඩු විදාන පනත 30 ) කාන්තාාවකගේ ලියවිලි හා දේපල පරික්ෂ කරන්න කාන්තා නිලධාරීන් අවශ්‍ය නැත. දීප්ති, ලසිත්, ඔබ පොලිසියට අකමැති උනාට උදේට කොළඹට ඇවිත් බලන්න පොලිසිය නැතිව ආලෝක සංඥා වලින් විතරක් පාරේ යන්න පුලුවන්ද කියලා. (ස)
සල්ලි ඇති බලය ඇති විනය නැති නිලධාරියෙකුට ගරු කරන්නේ දන්නේ නැති මෝඩ නෝනා කෙනෙක් .උපරිම දඬුවම් ලබා දිය යුතුයි. මහජනතාව ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් වූ නිලධාරි දෙදෙනාට අපේ කනගාටුව.යම් දේශපාලන බලයක් සහිතව මේ කාර්යයේ නිරත වුවා නම් හෙට දින නිලධාරි දෙදෙනාට ලොක්කන්ගෙන් බලපෑම් එල්ල වේවි එහෙම උනොත් අපි ඔබ වෙනුවෙන් පාරට බහින්න සුදානම්. (ස)
දැන් වැඩි හරියක් BMW තියෙන්නේ මේ වගේ අයට තමයි. (ස)
අනේ මෙහෙමත් කටවල් අම්මෝ ඉස්සෙල්ලා කථා කරන්න පුරුදු කරන්න ඕනැ මේ බවලතීට (ම)