(අජිත්ලාල් ශාන්තඋදය)

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද(19) මෝටර් රියක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක්විය.

රියදුරුට නින්ද යාමෙන් පාර අයිනේ තිබු ගල් ගොඩක වැදි මොටර් රථය පාර හරහා උඩුකුරුව පෙරළී ගොස් තිබුණි.

කුරුණෑගල ප්‍රදේශයේ සිට කුරුවිට ඒදණ්ඩවල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට එන යුවලක් රථයේ ගමන් කරමින් සිටි බව පොලීසිය පැවසුවේ ය.

 රථයේ පැමිණි දෙදෙනා ආසන පටි පැළඳ සිටි නිසා අනතුරින් ඔවුන්ට තුවාල සිදුව නොමැති බව ද පොලිසිය පැවසුවේය.