දුම්රිය රියදුරන් සති කිහිපයක සිට අකුරට වැඩ කිරීමෙන් තමන්ට වන රස්තියාදුව ඉවසා ගත නොහැකි වූ මගීහු පිරිසක් අද අලව්වේ දී දුම්රිය පාරට කොට දමා විරෝධය පළ කළහ.
මේ නිසා පොල්ගහවෙල සිට එන දුම්රිය තුනක් මඟ නතර කැර ඇත.
අකුරට වැඩ කිරීම වහා නතර කරන්නැයි මගීහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු මහත්වරු දැනගන්න ඕනෑ තමන් ජීවත් වෙන්නෙ දුප්පත් මිනිස්සු ගෙවන බදු වලින් කියලා (නි)
ඔය රියදුරෝ එක්කෙනෙක් දෙන්නෙකුට හොඳින් පැහැදිලි කර දුන්නා නම් පහුවදා සිට ඉබේම දුවයි. (නි)
මේක හොද ආරම්භයක් වර්ජන විසඳගන්න. දැන් මේ අලුත් ක්‍රමය තමයි මහජනයට තියෙන එකම විකල්පය , දුටු තැන ගහන එක තමා, අපට දේශපාලනයෙන් වැඩක් නෑ. (ස)
හැමදාම මේවා ඉවසන්නත් බැහැනේ.... (නි)
ඇත්ත තමයි. මිනිස්සුන්ව රස්තියාදු කරනවාට මෙහෙම කරලා මදි (නි)
මෙම වර්ජනයට දුම්රිය පාලක මැදිරියත් සහයෝගය දක්වනවා, ඔවුන්ගේ හිතුමනාපයට දුම්රිය ගමනාන්තය වෙනස් කරනවා, ඔවුන් වක්‍ර ආකාරයෙන් මගීන් අපහසුතාවයට පත් කරමින් මන්දගාමී දුම්රියන් සීඝ්‍රගාමී ලෙස ධාවනයට නියෝග ලබාදෙනවා, සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී ලෙස ධාවනයට නියෝග ලබාදෙනවා. මේ නිසා දුම්රිය මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. (ස)
තමන්ගෙත් අනුන්ගෙත් වටිනා කාලය කෑම වැරදියි නේද?මේ වැනි වර්ජන පසුපස සිටින වෘත්තීය සමිති මෙහෙයවන දේශපාලන පක්‍ෂ කියන්නෙ නම් අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. (නි)
රියදුරන්ගේ නොසැළකිල්ල නිසා දුම්රිය අනතුරු කරලා,ඒවාට දඩුවම් දුන්විට වර්ජනය කරනවා. මේ නිසා මඟීන් අපහසුතාවයට පත්වෙනවා.මිනිසුන්ගේ කෝපය සාධාරණයි. (නි)
දුම්රිය දෙපාතමේන්තුව ප්‍රතිශෝධනය කරන්න. සම්පුර්ණ වෙනසක් ඉහළ සිට පහළටම ඕනෑ. දක්ෂ ඇමතිවරයෙකුට මෙය කළ හැකියි. (නි)
මහජනතාවට මේ විදිහට කැමති කැමති ලෙස කොට දමල පාරවල් වහල උද්ගෝෂණ කරන්න ඉඩ දීම ප්‍රජාතන්ත්‍ර වාදය නම් නොවේ. මේක රජයේ කඩාවැටීීමක් පමණි. ඇමතිවරු ඉන්නේ දැන් තියන දෙවල් සහ ඉදිරියට සිදු විය හැකි දේවල් වලට පිළියම් යෙදීමට. (ස)
මේ ඉන්නේ ඉපදෙනකොටම උපකරණ ටික අරගෙන අාපු කෙනෙක්ද? (ස)
ඔවුන් අඩුම තරමින් මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ (නි)
ඉහල බලධාරීන් දෙවන පරපුර බිහි කරගන්න උනන්දු උනා වගේම මේ අහිංසක දුම්රිය මගී ප්‍රජාවගේ දුක්ගැනවිලි මැසිවිලි සහ අදෝනා ගැනත් සොයල බලනවානම් නේද හොඳ. (දී)
වහාම මෙතුමන්ලගේ රාජකාරියේ අකුරු වැඩි කල යුතුය. (දී)
ප්‍රනාන්දු මහතා , මේ යන පිළිවෙලට දක්ෂ ඇමතිලා හොයාගන්නකොට ඔබත් මමත් කෝච්චියක යනවා තියා තනියම කෝච්චියට නැග ගන්නත් බැරි වයසකට ඇවිල්ලා තියේවි. (නි)
එක්කෙනෙක් දෙන්නෙකුට හොඳට දුන්නා නම් මේවා නිකන්ම හරියනවා. මහජනතාවගේ සල්ලි වලින් කාලා අපිටම ගහන්න එන්නේ.. (නි)
කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දෙමු. අපේ කාලයයි , මුදලුයි ඉතිරි වෙනවානේ. නැත්නම් එතුමන්ලා කොහොමත් වැජඹෙනවා, අපි ලෙඩවෙනවා, රට වැනසෙනවා (නි)
මොනවා වුණත් කතාකළොත් නම් දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්නේ ඒගොල්ලෝ විතරයි. (නි)
මේ දුම්රිය මගීන්ගේ කොන්ද බස් මගීන්ටත් තියෙනවා නම් බස් කාරයොත් හොඳ පාඩම් ඉගෙන ගන්නවා. (ස)
රන්ජිත් සිල්වා මහතා කියන දේ හරි ; නමුත් රට සංවර්ධනය කරන්න නම් සේවකයෝ රාජකාරියට වෙලාවට යන්න ඕනේ; වගකිව යුතු අය ඊට පිළියම් දෙන්නේ නැතිනම් මොනවා කරන්නද ? (ස)
තනුක, ඔබතුමා හරි . මට නම් දැන් වයස 63ක් වෙන්ව. කණගාටුව අපි පොඩි කාලේ ගෙනාපු කනේඩියෙන් දුම්රිය එන්ජින් අදත් දුවනවා. එ්ත් දැන් සේරම කොට උඩ. දුම්රිය සේවය පිරිහිලා තියෙන්නේ. මට නම් රම්පාල මහත්තයා මතක් උනා. අන්න දක්ෂ නිළධාරීන්. එවකට ඇමතිලත් නිදාගෙන හිටියේ නෑ. දැන් කට විතරයි වැඩ නෑ. (ස) .
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහල ඉඳල පහලට ඉන්න හැම සේවකයෙක්ම දැනගන්න ඕන තමන් ජීවත් වෙන්නෙ දුප්පත් මිනිස්සු ගෙවන බදු වලින් කියලා.අනිත් එක මිනිස්සුන්ට කථා කරන්න ඉගෙන ගන්න ඕන. (ස)
මේ දුම්රිය සේවකයන් හිතන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුව තියෙන්නේ ඔවුන්ට රැකියාව කරන්න කියල (වෙන තැනක ඔවුන්ට රකියවක් නම් කරන්න බැරි එක වෙනම දෙයක් ) නමුත් දුම්රිය තියෙන්නේ මගීන්ට ගමන් යන්න කියල මේ අයට කියල දෙන්න කවුරුත් නැද්ද? (ස)