මාවනැල්ලේ සිට කෑගල්ලට පාසල් සිසුන් රැගෙන ආ බසයක් අනතුරට පත්වීමෙන් සිසුන් පස් දෙනකු තාවල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බසයේ තිරිංග අක්‍රීය වූ බව දැනගත් රියදුරා බසය කන්දකට හරවා සිදුවන්ට ගිය අනතුර වළක්වාගෙන ඇතැයි කියති.
(ඡායාරූපය විල්ලර)
මාවනැල්ලේ සිට කෑගල්ලට පාසල් සිසුන් රැගෙන ආ බසයක් අනතුරට පත්වීමෙන් සිසුන් පස් දෙනකු තාවල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බසයේ තිරිංග අක්‍රීය වූ බව දැනගත් රියදුරා බසය කන්දකට හරවා සිදුවන්ට ගිය අනතුර වළක්වාගෙන ඇතැයි කියති.
(ඡායාරූපය විල්ලර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගෙන්නන්න ටාට ලකඩන්... (නි)
ඔබ වැනි අය ආදර්ශයක් (දී)
බසයේ තිරිංග අක්‍රීය වුයේ ඔවුන්ගේ වරදින් මිසක් ආණ්ඩුවේ වරදින් නොවෙයි, පරණ කබල් බස් රථ ධාවනය කිරීමෙන් මෙවැනි විපත් බලාපොරොත්තු විය හැකියි, (ත)
හිත් පිත් නැති යන්ත්‍ර එක්ක වැඩ කරද්දි මොලේ කල්පනා කරලා වැඩ කරන්න දන්නේ කීයෙන් කී දෙනාද ? පොඩි උන් බේරාගත්ත මෙතුමට පැසසුම් හිමි වෙයිද ? (නි)
ඉතින් අනතුරට අත වනලා එක්කගෙන ගිහින් තියෙන්නෙත් රියදුරාමනේ. ලදරන් බස් වලින් ළමයි ගෙනියන්නේ. සල්ලි ගන්නවා විතරයි පහසුකම් නැහැ? (නි)
වෙන රටවල තත්ත්ව සහතික ඕනෑ බස් දුවන්න.මෙහෙ බස් එකක දැන් ආසන ඔක්කොම එක ලගට කරලා වැඩියෙන් සෙනග පටවන්න. ගෝෂා සංගීතේ, ධාවනෙට සුදුසු බස් අඩුයි.මේවා හොයලා නීති දමන්නේ නැති වීම රජයේ වරදක් නොවන්නේ කෙසේද ෂෙරිෆ්? මොකෝ වෙන රටවල අපිරිසිදු වාහනයක් නගරයකට ඇතුල් වෙන්නවත් දෙනවද? (නි)
ඉතින් හොද බස් එකක් අරගෙන දෙන්නකෝ (නි)
මේ ටාටා 909 වර්ගයේ බස් රථ දැන් ගොඩක් පැරණියි. විශේෂයෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනයේදී මීට වඩා කල්පනාකාරි විය යුතුයි. (නි)
ෂෙරිෆ්ට දෙන්න ඕනෑ පිළිතුර ලසන්ත හරියටම දීලා තියෙනවා. රටේ සිදුවන මෙවැනි අනතුරු වලට වගකිවයුත්තේ රජය මිස වෙන කවුරුන්ද? (නි)
කබල් වාහනයක් වෙන්න ඇති. රියදුරා එහෙම නොකෙරුවා නම් එයාගේ ජීවිතෙත් ඉවරනේ.ලොකු දෙයක්. රියදුරාට තුති. (නි)
මේක රියදුරාගේ වරදක්වත්, වාහනයේ වරදක්වත් නොවේ. නිතර නුවර යන කට්ටිය නම් මේක දන්නවා. නුවර ඉඳලා එද්දී ඔක්කොම තියෙන්නේ පල්ලම්. මේ පල්ලම් වල එන්න ඕනෑ ගියර් එකෙන්. නිකම් හරි බ්‍රේක් එක පාගලා පල්ලම බැස්සුවොත් ටිකක දුර යද්දි බ්‍රේක් ලොක් වෙනවා. නිතරම නුවර ඉඳලා එන වාහන වලට මේක වෙලා ඇක්සිඩන්ට් වෙනවා. හැමෝම කියන්නේ බ්‍රේක් නැති වුනා කියලා විතරයි. මේ පිළිබඳව කවුරුවත් රියදුරන්ව දැනුවත් කරන්නේ නැහැ. (නි)
විශේෂයෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන හා මගී ප්‍රවාහන වාහන සදහා වාර්ෂික ලියාපදිංචියට පෙර තත්ත්ව සහතිකයක් ඉල්ලනවා.එම සහතික නිකුන් කරන්නේ සාමාන්‍ය ගරාජ් වල. ඒ අය බලන්නනේ චැසි අංකයයි එන්ජින් අංකයයි පමනයි. මුදල විතරයි අවශ්‍ය. නිකුත් කරන සහතිකයට ඉංජිනේරු මහත්මයෙක් අස්සන් කරලා සීල් එහෙම ගහලා තියෙන්නේ. කෝ ප්‍රමිතිය? (නි)
අනේ මම රියදුරෙක් මට රැකියාවක් සොයා දෙන්න. කබල් බස් එකක් උනත් අවුලක් නැ. දුම කොහොම තිබ්බත් දුම් සහතිකේ ගන්න එක අවුලක් නැ. පාරේ යන වාහන දැක්කම ග්‍රීන් ටෙස්ට් කරලා තියෙනවා කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේද. අනේ අපේ රට ඇයි මෙතරම් ගඳ.(නදී)