(අජන්ත කුමාර අගලකඩ)
සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින්ද නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ප්රහාහන සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීමට හැකි වන සේ රජයේ රෝහල්වල පහසුකම් කඩිනමින් ඇති කිරීමටද රජය තිරණය කර ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සකස් කරන ආකෘතියකට අනුව මෙම වෛද්‍ය සහතික නිකුත් කෙරෙන අතර ඒ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අයකරන ගාස්තුව ප්‍රදේශීය ලේකම් කාර්යාල හෝ තැපැල් කාර්යාල මගින් රජයට ගෙවීමටද හැකියාව ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචා දුෂණ නම් ඒමට සිදුවෙයි ඒත් ඒවා නුගේගොඩත් සිදුවූනානේ...
ඉතා හොඳ අදහසක් කඩිනම් පියවරක් ගන්න
ඉතාම හොද වැඩක්
හොද වැඩක්. මිනිස්සුන්ගේ කාලයයි සල්ලියි ගොඩක් ඉතුරු වෙනවා
මම ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් හරහා ලයිසන් එක අලුත් කරන්න මාස 2 කකට කලින් ඇප්ලිකෙෂන් එකයි, ඩොලර් 150ක් එව්වා, මම තවම දන්නේ නෑ, ඇප්ලිකෙෂන් එක හම්බ උනාද කියාවත්.
ඉතා හොඳ පියවරක්.
රාජ්‍යය සේවාවන් යනු රජය විසින් රට වැසියාට නිතියානුකුලව සිය අවශ්‍යතා ඉටු කරගැනීමට සපයා දෙන සේවාවන්ය. රටේ ජනතාව බදු පිට බදු ගෙවන්නේ මේ සඳහාය. අද ආණ්ඩු මෙම සේවා සැපයීම ලාබ ලබන ව්‍යාපාර කරගෙනය. උදාහරණයක් ලෙස ජාතික හැඳුනුම් පත එක් දිනකින් "මිලදි" ගත හැක. (ජාතික හැඳුනුම් පත එක් දිනකින් මිලදි ගෙන කුමක් කරන්නද!) පාස්පොට් එක අධික මිලක් ගෙවා එක් දිනකින් "මිලදි" ගත හැක. රියැදුරු බලපත්‍රය ද එසේම "මිලට" ගතහැක. පටන් ගන්න තැන් සිට රැයැදුරු බලපත්‍රය අතට ලැබෙන තැන දක්වා සල්ලි වියදම් කල යුතුයි. මේ සඳහා බොහෝ අය කරන්නෙ "ලර්නස්" එකක සහය පැතීමයි. කෙසේ වෙතත්, මේ රාජ්‍ය සේවා අධික මුදලකට විකිනුවාට කම් නැත, ඒ "වෙළඳාම" ඉතා කාර්යක්ෂමව ඉටු කර රට වැසියා ඒ සේවාවල හිගන්නෙකු නොකරන ලෙස, මහා පණ්ඩිත සියලු දැනුම ඇති උසස් රාජ්‍ය නිලධාරි උතුමන්ගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම ඉඳ හිට හෝ පොත පත කියවා තමන්ගේ රැකියා දැනුම වර්ධනය කරගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.
මේ අදහස ඉතාම අගය කල යුතු අදහසක්, මෙය බොහෝ කාලයකට පෙර කළ යුතුව තිබු දෙයක්. ඒත් ඉස්පිරිතාලේ කංකානම් හෝ ඇටෙන්ටඩ් හො නර්ස්ලා ලවා මේ සහතික ගැනීමට තිබෙන අවකාශය නැති කල යුතුයි.
වැඩේ පට්ට. ගන්නයි ගෙවන්නයි තැන් දෙකක් ? එක පොඩ්ඩක් අවුල් නේ ?
ලංකාවේ මාරක අනතුරු සිදුවෙන්නේ බිමත් කම , අපරික්ෂාකාරී අධික වේගයෙන් රිය පැදවීම, මාර්ග නීති නොතැකීම වැනි දේවල් නිසා මිසක් රියදුරාට සිනි වැඩිවෙලා හෝ හාර්ට් ඇටක් හැදීම නිසා නොවේ .එම නිසා රියදුරාගේ ඇස්පෙනීම වැනිදේ පමණක් පරික්ෂාකරාම හොඳටම ඇති , රජයේ රෝහල් වලින් මෙම පරීක්ෂණ නොමිලයේම කරදිය යුතුය.