ශ්රී ලංකාවේ සිදුවන මාරක රිය අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රියදුරුට නින්දයාම බව හෙළිදරව් කරගෙන තිබෙන කාරණාවකි.
මෙම අවාසනාවන්ත තත්ත්වය පිටුදකිමින් රියදුරු අවදියෙන් තබැගැනීමට අනාවැකියක් පළ කරන රියදිසි පද්ධතිය නමින් හඳුන්වන නිර්මාණයක් හඳුන්වාදීමට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙන බව අංශ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා පැවසීය.
ජපානය , ප්‍රංශය වැනි රටවල මෙවැනි අනතුරු ඇඟවීමේ ක්‍රම දක්නට ලැබේ.
නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් දැනුම්දීමක් කරයි.
ඊට අමතරව ඉදිරිපස බලාගෙන රිය පැදවිය යුතු රියදුරුගේ හිස, දෑස, වෙනතකට යොමු වන්නේ නම් සංඥාවකින් තමන් රිය පදවන බව රියදුරාට සිහිපත් කරවන සංඥාවක්ද නිකුත් කරයි. අධෝ රක්ත කිරණ යොදා ඇති බැවින් රාත්‍රී කාලයේදීත් සංඥා නිකුත් කිරීමට රියදිසි පද්ධතිය සමත් වෙයි. වාහනයේ ඉදිරිපස පුවරුව (ඩෑෂ් බෝර්ඩ්) මත මෙය සවි කිරීමට පිළිවන. සෙන්ටි මීටර් දෙකක් උස සෙන්ටිමීටර් පහක් පළලැති මෙය කැමරාවකි.
සංවේද පහකින් සමන්විත වන මෙම පද්ධතිය කාර්යක්ෂමතාවයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉහළ අගයක් ගන්නා බවට තහවුරු කර ඇත. ලොව නිපදවා ඇති රියදුරුට අනාවැකි පළ කරන මෙවන් නිර්මාණ රියදුරා පැළඳගත යුතුය.
නැතිනම් සිරුරට සම්බන්ධ කරගත යුතුය. එය රියදුරාට පීඩාවක් හා බාධාවක් ඇති කරවයි. රියදිසි පද්ධතිය රියදුරාගේ සිරුරට සම්බන්ධ නොවීම විශේෂත්වයකි.
වසරකට ලෝකයේ මිලියන එකයි දශම තුනක් රිය අනතුරු හේතුවෙන් මියයයි. මිලියන පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක් ආබාධිත වෙයි. සීයට විස්සක්ම රිය අනතුරුවලට හේතුව රියදුරාට නින්දයාම බව එළිදැක්වී තිබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නිර්මාණය බිහිකළ බව සිසුහු පවසති.
ආචාර්ව චතුර ද සිල්වාගේ අධීක්ෂණය යටතේ දිලීප ප්‍රනාන්දු, සඳරේඛා වික්‍රමනායක, සාදරී ජයවර්ධන, සංඛ දර්ශන යන අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම මෙම නිර්මාණය බිහි කළේය. ආචාර්ය චතුර ද සිල්වා , දුරකථන අංක - 2650475/ 2650301


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරන්න තියෙන කාලය නේද අපේ සරසවි ශිෂයෝ නිකරුනේ කා දමන්නේ දේශපාලන අරමුණු ඉටු කරගන්න වෙහෙස දරන පටු දේශපාලඥයන්ගේ කුමන්ත්‍රණ වලට. (ර)
ලීදෙනාද හොද අදහස් පළ කරලා තියෙන්නේ අපේ ලංකාවේ කොල්ලන්ට ජය (දිල්)
තවත් මෙවන් දේවල් කිරීමට ශක්තිය දිරිය ලැබේවා .! (අ)
පේටෙන්ට් බලපත්‍රය අරගන්න වහාම .සුබ අනාගතයක් වින්සිස් නෙට්වොර්ක්ස් වෙතින් .(අ)
මෙම ප්‍රයත්නය සාර්ථක වෙිවා! (අ)
අපෝ කමක් නැ . (අ)
හොඳ වැඩක් ඉස්සෙල්ලාම මේක එක්සත් එමිර් රාජ්‍යට එවන්න.(හේ)
මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ සියලුම බස් රථ රියදුරන්ට නොමිලේ හෝ සහන මිලකට ලබා දිය යුතුය. එමෙන්ම එය භාවිතා කිරීම අනිවාර්ය කල යුතුය. මක් නිසාද ලංකාවේ වැඩිම අනතුරු සිදුවන්නේ බස් රථ නිසාවෙනි. මෙම තාක්ෂනය එළිදැක්වූ ඔබ සියලුදෙනාට මගේ ස්තුතිය සහ ආචාර්ය. (දී)
මෙි වගේ දෙයක් හෙහායාගත්ත එක හොදයි. (ර)
මම මේක ගිය අවුරුද්දේ කලා..මම දන්න තව කෙනෙක් කර..මගේ ප්‍රෝග්‍රෑම් එකේ තව දේවල් තියෙනවා, අපිට කොයින්ද අත හිත ..(අ).
අපි අගය කල යුතු දෙයක් මේක. ඔයාලට සුබ පතනවා.! තවත් මෙවැනි දේවල් ඉදිරියට කරගෙන යෑම සඳහා ශක්තිය ලැබේවා. (ර)
ඉගෙන ගන්න කාලේ අලුත් නිර්මාණ හොයාගැනීමෙන් තමයි එයාලගේ කුසලතා වර්දනය කරගන්න හැකි වෙන්නේ.මේකත් එක පිම්මක් බලද්දී.තව තවත් මෙවැනි අලුත් තාක්ෂනයන් සොයාගැනීමට හැකිවේවා! යි කියලා පතමි.(අ)
මෙම දරුවන්ට උදව් දිය යුතුයි , අලුත් දෙයක් හොයාගන්න , මං දැක්කා මොරටුවේ කිහිප විටක් , මෙතෙක් සොයාගෙන ඇති දේවල් නැවත හදලා පෙන්නුවා. ඒවගේ නිර්මාණ කරලා මෙහෙම මදි, අලුත් යමක් කරන්න. එතකොට ලෝකෙටම ගෙනියන්න පුළුවන්. ඔබලාට සුබ අනාගතයක් . (හේ)
සොයා ගැනීම ගැන ගොඩක් සතුටුයි රියදුරෙක් හැටියට.තවත් දියණු කරන්න.සුබ පතනවා දායක වුන හැමෝටම.(හේ)
නෑ ඇසළ. මම ඔය දේශපාලන මඩ ගොඩවල් වල නෑ. අත්දැකීමෙන් කියන්නේ අපිටත් පර්යේෂණ වලට මුදල් නෑ කියන මන්තරේ නිතර ඇහිලා එ්කෙන් බැට කාපු පිරිසක් එක්ක ගමනක් යන්න වෙලා තියන නිසා.(අ)
ගොඩක් හොඳ දෙයක් කරන්න ගත්ත උත්සාහයට ඔයාලාට සුබ පතනවා. ලංකාවේ කෙනෙක් මේ දේ කරපු එක ආඩම්බර වෙන්න ඕන. නැතුව එක පිටරට තියෙන එක ගැන කතාකරන්නේ නැතුව. අපේ මිනිස්සු දන්නේ පිටරට දේවල් ලොකු කරගෙන කතාකරන්න. (ර)
මේ දේ අගය කළ යුතුයි.(හේ)
මේ ක්‍රමය සාර්ථකම වේවා කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)
කී දෙනෙක් කියනවද මේක අලුත් දෙයක් නෙවෙයි කියල.අපේ රටේ මිනිස්සුන්ට ඕනි පිටරට වලින් දෙන දෙයක් කාල ඔහේ බලාගෙන ඉන්න.පිටරට වල තිබුනට එක ගන්න අපේ රටේ සල්ලි පිටට දෙන්න වෙනවා.අපේ රටේම මේ වගේ දෙයක් හදන එක ලොකු දෙයක්.අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි හැමදේටම කලින්.ඒ දේවල් දන්නවා කියලා තමන්ගේ තත්ත්වේ පෙන්නන එක නෙවෙයි කරන්න ඕනි.ඒ දක්ෂයන්ට සුබපතන එකයි කරන්න ඕනි.(හේ)
මේක ලංකාවට අලුත් උනාට මීට අවුරුදු ගානකට කලින් ඉඳල මේවා තියෙනවා . (බ)
මමත් මේ දවස් වල ඔය වැඩේටම නිර්මාණයක් කරගෙන යනවා.තාක්ෂනේනම් ඕකම තමයි ..වෙනස තියෙන්නේ ප්‍රතිචාරේ.මම නිර්මාණය හදන්නේ අැහැ පිය වෙන කොටම කන රත් වෙන්න හොද කනේ පාරක් වදින විදියට..මොකද අපේ අය්යාලට නින්ද ගියාම ඔය වෝනින් වලින් වැඩක් වෙන්නේ නැති නිසා..(බ)
උදිත 2014-11-04 සොයා ගැනීම ගැන ගොඩක් සතුටුයි රියදුරෙක් හැටියට.තවත් දියණු කරන්න.සුබ පතනවා දායක වුන හැමෝටම. (දී)
ගොඩක් හොද සොයැ ගැනීමක්.(හේ)
බොහොම හොඳ උත්සහයක් සුභපතනවා ඔබලාට (දී)
පිටුපස බැලීමට මැද තිබෙන කණ්ණාඩියට සවිකරන මෙවැනිම උපකරණයක් මිට වසරකට පමණ පෙර ජපානයේත් හදුන්ව දුන්න .(බ)
තවත් මෙවැනි දක්ෂයෝ ඉන්නවා.ඒ අයට අත හිත දෙන්න.(හේ)
අපේ කට්ටියට ජය වේවා.(හේ)
මේ නිර්මාණය සාර්ථක නිර්මාණයක් වේවා.(හේ)
පිටුපස බැලීමට මැද තිබේන කණ්ණාඩියට සවිකරන මෙවැනිම උපකරණයක් මිට වසරකට පමණ පෙර ජපානයේත් හදුන්වා දුන්නා .(හේ)
ඉතා හොඳ නිර්මාණයක්. සුබ පැතුම්.(හේ)
මම හිතන්නේ බන්දුලගේ නිර්මාණයේ හරි වැරදි පරීක්ෂා කරන්නේ බන්දුලම වෙන්න ඇති. (නි)
රටේ දක්ෂයෝ ඉන්නවා එයාලගෙන් වැඩක් ගන්නේ නෑ. මේවා හදන්න උදව් කරලා දියුණු කලොත් විදේශ විනිමය උපයන්න වුණත් නරක නෑ.(හේ)
ඉතාම හොද උත්සහයක්. (හේ)
තවත් දේ නිර්මාණය කිරීමට හැකි වේවා.(හේ)
ඉතාම හොද උත්සහයක්. තවත් දේ නිර්මාණය කිරීමට හැකි වේවා.(හේ)
සියළු දෙනාටම සුභ පැතුම්.(හේ)
අපේ ලංකාවේ තාක්ෂණයේ දියුණුව අපි අගේ කළ යුතුයි.තවද දැනටමත් ලංකාවේ වෙසෙන ඉංජිනේරුවන්ගේ සහාය තව තවත් ලබාගත යුතුයි. (හේ)
වටිනා සොයා ගැනීමක් මේක ප්‍රයෝගික කරලා හොමොටම වාහනවල සවිකරන්න නිෂ්පාදනය කරන විදියක් හොයලා බලලා පටන් ගත්තනම් කොච්චර හොදද. ආචාර්ය චතුර ද සිල්වාට සහ සිසුන්ට අපගේ ප්‍රණාමය. (හේ)
මෙයට ඉතාම සමාන ක්‍රම වලට සකස්කරන ලද පද්දති බෙන්ස් , අවුඩි, බිඑම්ඩබ්ලිව් වැනි මිලෙන් අධික රථ වල දැනට අවරුදු කිහිපයක් සිට සවි කර වෙළඳ පොළට නිකුත් කෙරේ , මෙය නවතම සොයාගැනීමක් නොවේ ,(හේ)
මේක අලුත් තාක්ෂණයෙන් නිර්මාණය කළ බව පෙනෙනවා. ලංකාවේ නිමැවුම් අගයන්න ඕනෑ. අර වතුරෙන් දුවන්න හදපු වාහන එහෙම දැන් කාටද මතක? ඔයතරම් වැදගත් දේවල් ලත් තැන ලොප්වෙන එක තමයි ප්‍රශ්නය වෙන්නේ (නි)
සිසුන්ගේ උත්සාහය අගය කරන්න ඕන. (හේ)
ඔබේ උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා .(හේ)
මේ වගේ ජයග්‍රහණ වෙනුවෙන් පර්යේෂණ කරන්න තමයි 6% අධ්‍යාපනයට වෙන් කරන්න කියන්නේ ... අපේ ලොක්කන්ට ඕක ඇහෙනකොට කහම්බිලිය ගෑවුනා වගේ.(හේ)
මේ නිර්මාණය කරපු සියළු දෙනාටම සුබ පැතුම්.(හේ)
අපේ රටේ මෙවැනි නිර්මාණ කරන්න පුළුවන් අය තව කොපමණ නම් සිටිනවාද? නමුත් ඔවුන් උපන් ගේයිම මිය යනවා. ඔවුන්ගේ නිර්මාණ වලටවත්, දනුමටවත් තැනක් නැ. අපේ රටේ දක්ෂයෝ කොපමණ නම් පිට රටවල් වලට ගිහින් තමන්ගේ දැනුම ලබදෙනවාද? මේ දක්ෂ දරුවන්ගේ දැනුම රටට ලබාගෙන ඒ දැනුමෙන් රටේ දියුණුවට වැඩ කරන්න දැන්වත් ඇස් අරුනොත් ලොකු දෙයක්. හැමදේම පිටරටින් ගෙනල්ලා රටේ සල්ලි රට්ටුන්ට දෙන එක දැන්වත් නවත්ත ගන්න මොලය පෑදේවා.රටේ පාලකයන්ට දැනෙන්න ඕනේ මේ වගේ දැනුම තියෙන රටට වැඩක් කළ හැකි දරුවෝ සිටින බව. දරුවනි ඔබලාට ජයෙන් ජයම පතනවා. උපාධිය අරගෙන ඕස්ට්‍ර්ලියාවට කැනඩාවට ගිහින් තමාගේ රටේ නොමිලේ අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම පිටරට්ටුන්ට සලිවලට පාවල නොදී තමන්ගේ රටේ දියුණුවට වැඩ කරන්න අදිශ්ඨාන කරගන්න. ඔබලාගේ අචාර්යා තුමාටත් ජය වේවා .(හේ)
ලංකාවේ මෙවැනි දෙයක් කරන්න උත්සාහ කරන සැමට සුභ පැතුම්. මර්සිඩීස්, වොල්වෝ ආදීන් දැනටමත් මේ තාක්ෂනය භාවිතා කරනවා. නමුත් මට තියන ප්‍රශ්නේ ලංකාවේ කොහේ ඉඳන් කොහාටද නිදිමත හැදෙනකන් එලවන්න තියෙන්නේ? දක්ෂිණ අධිවේගී මාර්ගය ඇරුනාම අනිත් සෑම පාරක්ම සාමාන්‍ය පාරවල්. පදිකයින්, ත්‍රී විල් රථ,මෝටර් සයිකල්, අයාලේ යන සත්තු, ආදී එකී මෙකී දේවල් වලින් පිරී ඉතිරී ගිය පාරවල්. නින්ද යනවා තියා ඇහි පිල්ලන් ගැහුවත් මොකක් හරි අබග්ගයක්. කැනඩාව, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවලනම් සැතපුම් දහස් ගණන් ඉතාම ඒකාකාරී පරිසරයක එලවනකොට නින්ද යාම ස්වාභාවිකයි.(බ)
ඇත්තටම හොඳ වැඩක්. අපි අගය කරනවා. (නි)
අපේ කොල්ලො කෙල්ලන්ට ජය වේවා! (නි)
මේක නම් පුදුමාකාර විශිෂ්ට සොයාගැනීමක් (නි)
විශිෂ්ටයි. අගය කරමි (නි)
මේ ක්‍රමය සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරනවා.(හේ)
රිස්වාන්,ලංකාවේ දේවල් අගය කරන්න පුරුදුවෙන්න. (නි)
බොහොම හොද වැඩක්, ගොඩක් පින් මේ උත්සාහයට සම්බන්ද වුන හැමෝටම (හේ)
මංජු ශ්‍රී, ජපානේ එහෙම එකක් තිබුනානම් එයාල එක තියා ගනීයි. ඔයා කලබල වෙන්න එපා. කුහක කම නැතුව අපේ ළමයි හදපු එක අගේ කරන්න. අඩුම ගානෙ ඒක සාර්ථක වුනොත් ලංකාවේ පාරවල්වල නිරපරාදේ විනාශ වෙන ජිවිතවත් ආරක්ෂා කරගන්න පුළුවන්නේ. (ර)
බුද්ධි අන්තරේ සාමාජිකයෙක් නේද. මේ වැඩේට 6% ගාවගන්න අවශ්‍ය නැහැ. කරලා තියන වැඩේ අගය කරා නම් හොදටම ඇති.(හේ)
සුබ පැතුම් සියළු දෙනාටම.(හේ)
මමත් මේවගේ නිපදවීමක් කිරීමට සැලසුම් කරගෙන හිටියා . මගේ සැලසුම වුනේ ඇහිපිල්ලම් ගහන වට වැඩි කාලයක් ඇස් පිය විලා තිබුනොත් මුහුණට වතුර පාරක් විදින්නයි . මොකද නින්දගිහින් අනතුරක් වෙනවට වඩා මුහුණ තෙමෙනවට කවුරුත් අකමැති වෙන එකක් නැහැ . කොහොම වුනත් මෙම ක්‍රමය ඊට වඩා දියුණුයි වගේ . උණුසුම් සුභ පැතුම් . (හේ)
මේ හැකියාවන් තවත් දියුණු කර ගන්න.(හේ)
සියළු දෙනාටම ජයෙන් ජයම වේවා.(හේ)
මේ සොයා ගැනීම ගැන ගොඩක් සතුටුයි. ඉදිරියටම යන්න.(හේ)
මේ ළමයිනගේ දක්ෂතාවයෙන් නිසි ප්‍රයෝජනය ගන්න.(හේ)
ඔය ළමයින්ට දක්ෂතාවයට නිසි තැන නොලැබුනොත් පිටරටකට හරි ගිහිල්ලා දියුණු වෙන්න හිතන එකේ වරදක් නැහැ. මෙවැනි නිර්මාණාත්මක හැකියාවන් තිබෙන දරුවන්ට නිසි විදියට රැකියා අවස්ථා සහ වැඩිදුර නිර්මාණ කටයුතු කරන්න අනුබල ලැබෙනවා නම් කවුරුවත් රට යන්නේ නැහැ. ඒවාට අදාළ බලධාරීන් සහ ආයතන මැදිහත් වී කටයුතු කළ යුතුයි. එහෙම නැතිව නිකන් යන්න එපා කියලා කිව්වට හරි යන්නේ නැහැ. ගගන ගාමියෙක් වෙන්න ඕන නම් නාසා යනවා ඇරෙන්න ලංකාවේ ඉඳගෙන අහස දිහා බලාගෙන ඉඳලා හරි යන්නේ නැහැනේ. (හේ)
මේක අලුත් දෙයක් නෙමෙයි පිට රට වල දැනටමත් පාවිච්චි කරනවා.(හේ)
අපේ රටේ අලුතින් යමක් කරන්න හදන කෙනාට ලැබෙන සහයෝගය මෙම ලිපියට (සම)හරක් දමල තියෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා . ඇත්තටම ලංකාවේ සිදුවන රිය අනතුරු වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ රියදුරුට නින්ද යාම නිසා බව පෙනෙනවා . ගමන් කල දුර අනුව නින්ද යාම වැඩි උනත් ගමන් අරඹලා කිලෝමීටර් දෙක තුනක් යන්න පෙර රියදුරාට නින්දගිය අවස්ථා තියනවා . වොල්වෝ වලයි බෙන්ස් වලයි , තව තව ජාති ඇති . අපිනම් ඕවල ගිහිල්ලත් නැහැ , අපි වැඩිපුර යන ලේලන්ඩ් බස්වලටයි , ත්‍රී වීල් වලටයි , මාරුටි , නැනෝ කාර් වලට එහෙම ප්‍රයෝගිකව සවි කරන්න පුළුවන් ක්‍රමයක් සොයා ගත්ත නම් දරුවනේ ඔයාල ඉතිහාස ගත වෙනව . ජය වේවා . (බ)
මමත් මීට වසර කිහිපයකට පෙර නින්ද යාම නිසා සිදුවූ රිය අනතුරකින් නුලෙන් බේරුනා.වාසනාවකට කිසිවකුට අනතුරක් සිදු නොවුනත් ඒ අත්දැකීම ඉතා බියකරුයි.මම සාමාන්‍යයෙන් ඉතාමත් විනයගරුක රියදුරකු වුවත් මා හටත් රිය පදවන විට නින්ද යාම නිසා අනතුරක් සිදු විය. මෙය ඉතා වටිනා පරීක්ෂණයකි.මෙයට දායක වූ සියල්ලන්ට පින් අත් වේවා.බලධාරින්ගේ අවදානය මේ කෙරෙහි යොමු වේවා.(හේ)
බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් වල දැනටමත් මෙවැනි පද්ධති ඇතැයි කියනවා සමහරු. බෙන්ස් වල තියෙන එකේ සංකල්පය සම්පුර්ණයෙන්ම වෙනස්. මෙම නිර්මාණය ඊට වඩා දියුණු එකක්. (නි)
ලංකාවේ නිෂ්පාදනයක් නිසා අගය කරන්න ඕන.(හේ)
සුභ පතනවා හදවතින්ම.ඇත්තටම අපිට අඩම්බරයක් ඔයාලා වගේ අය අපේ ලංකාවේ ඉදිම ගැන.(හේ)
ලංකාවට අලුත් උනාට ලෝකේ ඔය වගේ උප කරන ගොඩක් මේ වෙද්දී හදල තියෙනවා ... අවාසනාවකට ඒවා ගැන තම අපේ රටේ මිනිස්සු දැනුවත් නැහැ. අනික සන්ඥාවක් පමණක් දීල මදි අපේ අයට ඇහැරෙන්න. (දී)
වාහනේට වඩා මිල අඩු වුනොත් අපිටත් මොටර් බයිසිකලෙ වත් ඕක ගහ ගන්ට බැරියැයි. (දී)
මගේ සුබපැතුම්! නියමයිනේ! (නි)
මෙම නිර්මාණය සාර්තක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා!(දිල්)
සුභ පැතුම් (දිල්)