රියදුරු පුහුණුවෙන් පසු රියදුරු බලපත්‍රය වේරහැර පරිශ්‍රයෙන් ලබා ගත යුතු රියදුරන්ගේ වාහන පරික්ෂණය (ට්‍රයල්) සඳහා අවශ්‍යය අංග සම්පුර්ණ මාර්ග පද්ධතියක් එහි ඉදිකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙම ඉදිකිරිම් ලබන මාසයේ දි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය.
දැනට වාහන පරික්ෂාව සිදු කරනුයේ මහ අධික වාහන තදබදය ඇතුළු විවිධ දුෂ්කරතා මේ නිසා ඇතිවෙයි.
එබැවින් නව ක්‍රියාදාමය ආරම්භ කරන ලෙසට රංජිත් මද්දුම බණ්ඩාර මහතා උපදෙස් දි ඇත. මෙම ක්‍රියාදාමය ක්‍රමයෙන් සෙසු පළාත්වල ඇරඹිමට ද නියමිතය.
වේරහැර පරිශ්‍රය අක්කර නමයක භූමි භාගයක පිහිටා ඇත. එම භූමියෙන් වැඩිම කොටසක් අදාළ මාර්ග පද්ධතියක තිබෙන සංඥා , හන්දි , වංගු , කඳු, සළකුණු ඇතුළු සෑම දෙයක්ම අඩුවකින් තොරව නව මාර්ග පද්ධතියකට ඇතුළත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ක්‍රමය පුහුණුවීම් වලට හොඳයි. හැබැයි පරීක්ෂණය අනිවාර්යෙන්ම මහාමාර්ග වලම අනෙකුත් වාහන සමඟම සිදුවිය යුතුයි නේද? නැත්නම් පාලු පාරේ එළවලා බලපත්‍රය දුන්නාට වාහන තදබද ඇති මහාමාර්ග වල එළවන්න ගියාම මොන නැටුමක් නටයිද කවුද දන්නේ? (නි)
මොනව තිබුනත් වැඩක් නැහැ. පගාව ගැනීම නතර කරන ක්‍රමයක් හදන්න පුලුවන්නම් හොඳයි. (ස)
මේ වගේ එකක් තියෙන්න ඕනෑ පුහුණු වෙන්න විතරයි. මාර්ග පරීක්ෂණය පවත්වන්න ඕනෑ මහ පාරේ. (නි)
හොඳ අදහසක්. පිටරටවලත් එහෙම තමා තියෙන්නේ. (නි)
ඉතා හොඳයි (නි)
මම ඉන්නේ අල්ලපුවැටේ, බය වෙන්න එපා ඕක හැදුවම අනිවාර්යයෙන්ම ඔය පාරේ ට්‍රැෆික් එකක් ඇතිවෙනවා දවසකට එන වාහන කන්දරාව නිසා, මහා පාරට වඩා අමාරු වෙයි එළවන්න (බ)
මහේෂ් ගේ කතාව හරි. ඒ වගේ තැනක් ඕනේ ගාල් කිරීම් හැරවීම් වගේ ඒවා පරික්ෂා කරන්න, හැබැයි මාර්ග පරීක්ෂණයක් වෙනම තියෙන්නම ඕනේ . පිටරටවල එහෙම තියෙනවා කිවුවට, මාර්ගයේ පරීක්ෂණ තියෙනවා වෙනම. (ස)
මේ එක්කම බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණ විධිමත්ව ක්‍රමානුකුලව පැවැත්වීමත් අනිවාර්ය කරන්න. ඕස්ට්‍රේලියාවේ ලාංකිකයන් සමහරුන්ට විශේෂ විගණන පරීක්ෂණයක් පවත්වනවා රියදුරු බලපත්‍ර සම්බන්ධව . හේතුව ලංකාවේ රියදුරු බලපත් නිකුත් කිරීම අවිධිමත් එකක් යයි ද හරි හමත් පුහුණුවක් නැති අයට බලපත්‍ර නිකුත් කර ඇතැයිද දැන ගන්න ලැබීම. මේක ලංකාවට හොඳ තත්ත්වයක් නෙවෙයි. ලාංකිකයන්ගේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය හෑල්ලු වීම සුළු පටු දෙයක් නෙවෙයි. (ස)
කාලය කන්නේ නැතිව පගාව ගන්නේ නැතුව වැඩේ කරගන්න පුලුවන්නම් ? (බ)
ඉතාම හොද දෙයක්, රියදුරු පුහුණුවට මෙය භාවිතා කලද රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම මහා මාර්ග භාවිතා කල යුතුය. හේතුව රියදුරුගේ නියම තත්වය පරීක්ෂකවරයාට මනාව අවබෝධ කරගත හැකි නිසා. හුඟක් මැදපෙරදිග රටවල් රියදුරු පරීක්ෂණය බාරදීලා තියන්නේ රථවාහන පොලිසියට. අපි පරීක්ෂණයට යන්නේ රථවාහන පොලිසියේ දෙන්නෙකු සමග. මේ රටවල වාහන බලපත්‍රය ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නේ මෙච්චර අමාරුවෙන් ගන්න ඕන නිසාය. (ස)
හොඳ අදහසක්. පිටරටවලත් එහෙම තමා තියෙන්නේ.(බ)
සේරටම කලින් විනය කියන එක ගැන අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරන්න. (ස)
ඔක්කොටම වැඩිය වැදගත් හරියට බලපත්‍ර නිකුත් කරනවද නැද්ද යන්න. ඒවායේ ක්‍රමවත් බව නැති නිසා තමයි ලංකාවේ රිය අනතුරු වැඩි වෙලා තියෙන්නේ. යන්තම් සුක්කානමට අත ගැහුවා විතරයි බලපත්‍රය දෙන ක්‍රමය ඉවත් කරලා යම් කිසි කාල සීමාවකට යටත්ව අදියර දෙකක් වත් සාර්ථකව නිම කල පසු පුර්ණ බලපත්‍ර දෙන ක්‍රමයක් හොඳයි. පිට රට ඉන්න මගේ ඥාති දුවකට රියදුරු බලපත්‍රය ලැබුනේ අර්ධ වශයෙන්. සම්පුර්ණ බලපත්‍ර ලාභියෙක් සමග ගමන් කරනකොට මිසක් වසර 2ක් ඇයට තනිවම වාහනය ගෙනයන්න බැහැ. ඉන්පසු තමයි පුර්ණ බලපත්‍රය ලැබෙන්නේ. (ස)
පගාව නවතන්න ඉස්සෙල්ල !! (බ)
අනිත් දේ තමයි බර වාහන රියදුරන්ට නිසි පුහුණුවක් ලබා දීම මාර්ග අනතුරු සිදු වෙන්නෙ ගොඩක්ම බර වාහන රියදුරන් අතින් දුර ගමන් යනකොට බස් රියදුරෝ යන්නෙ යක්කු වගේ අන්න ඒ දේවල් වලට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නැත්තම් අපොස සාමන්‍ය පෙල විභාගය පෙනි සිටි අයට පමණක් රියදුරු බලපත ලබා දෙන්න කටයුතු කරන්න මොකද නිසි අධ්‍යාපනයක් නැති මිනිසුන්ගෙ විනයත් පිරිහිලා (බ)
ඇත්තටම එ්ක හොඳයි මොකද මේ මම ඉන්න කුවේට් රටෙත් වෙන්නේ ඔය දේ (බ)
සුමුදු හේවාට රියදුරු බලපත්‍රයක් තිබෙනවද දන්නේ නැහැ. පුළුවන් නම් මෙතන ලියන හැම කෙනාවම යට කරගෙන හැටට හැටේ පාගාවී. (ම)
ඔය මුකුත් ඕන නැහැ ලංකාවේ රියදුරු බලපත්‍රය ගන්න. රු25000 ක් දුන්නාම ගෙදරටම ගෙනත් දෙනවා. (ස)
වාහන වල හෝන් ගහන එකත් අඩු කරොත් හොඳයි. (ස)
තැපැල් මාර්ගිකව නෙමෙයි එහෙම නේද උගන්වන්නේ? (නි)
ගොඩක් මාරක අනතුරු කරගන්නේ අලුත් රියදුරෝ නෙමෙයි. පරණ රියදුරන්ගේ නොැළකිල්ල නිසා.පාරේදී පොලිසිය කෙළින් වැඩකළොත් අනතුරු අඩු කරගන්න පුළුවන්. (නි)
එතකොට ට්‍රයල් පෙන්වන්න යන අයව ගසාකන එක නවත්වන්න කවුරුවත් උනන්දු වෙන්නේ නැද්ද? (නි)
රියදුරු බලපත්‍ර දෙන්න නම් වේරහැර තමා හොඳ. එහෙත් වේරහැර වාහන බර කිරන තැන ගැන බැලුවොත් මීට වැඩිය මහජනතාවට සෙතක් වේවි. එතනට ඇතුළුවෙන උදවියට ඇතුළුවෙන වෙලාවේ හැටියට අංක දෙන්න ක්‍රමයක් හඳුන්වා දෙන්න. (නි)
කියක් වමට දකුණට ගහයිද දන් නෑ (ම)
ඕකනේ කියන්නෙ (බ)
කීයක් හරි අතමිට මෙලවපුවම ඔතනින් වැනීසියට උනත් බස් ලයිෂන් එකක් දෙයි . (ම)