(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සිය මිතුරාගේ යතුරුපැදිය මවට සහ වැඩිමහල් සොහොයුරාට පෙන්වා යළි නිවසට යමින් සිට දහ අට හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව හේනවත්ත පදිංචි මහලියනගේ සහන් දිමන්ත පෙරේරා නමැති (18) හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද මෙම යතුරුපැදියට සමාන යතුරුපැදියක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම මෙම පාසල් සිසුවා සිය මවට සහ වැඩිමහල් සොහොයුරියට යතුරුපැදිය පෙන්වා යළි මිතුරාට භාරදීම සඳහා යමින් සිටියදී කොට්ටාව හයිලේවල් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.