මහනුවර අම්පිටියේ රිය අනතුරක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පහර කෑමට ලක්ව මියගිය සුදත් කුමාර නිකකොටුව (34) මහතාගේ දේහය සඳුදා සුසාන භූමියට ගෙන අය අවස්ථාවේ ගම්වැසියෝ පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක නිරතවූහ.
පොලිසිය මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නොකළ බව කියමින් ඔවුහු දේහය මාර්ගය මැද තබා විරෝධතාවයේ යෙදුණහ.
මහනුවර සහකාර පොලිස් අධිකාරි හා මූලස්ථාන අධිකාරී එම ස්ථානයට ගොස් පරීක්ෂණ සාධාරණව කරන බවට දුන් පොරොන්දුවක් මත විරෝධතාව අවසන්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා? (නි)
අල්ලපියව් වැරදි කරුවන්ව (නදී)